නිම නොකළ ගීයක් - An Unfinished Song
අපි ඔක්කොම
පන්දහසකි
මෙතැන,
මේ
නගරයේ පුංචි බිම් කඩෙහි
අපි ඔක්කොම
පන්දහසකි
තව
කී දහසක් ඇතිද
මේ
මුළු නගරයෙම....
මේ
චිලී දේශයෙහිම....
මේ
වික්ටර් හාරා
ගේ කවක
ඛණ්ඩයකි. එම කව හා සම්බන්ධ ත්‍රාස රසය මුසු කතාවක් ඇත. එහෙත් එය රසවත් කතාවක් නම්
නොවේ. එය කෙටි කලක් තුළ සිදු වුණු සිදුවීම් දාමයක් ගැන දිග කතාවකි. හැකි තරම් කෙටි
කොට ලියමි.
මෙම කව ලියා අවසන් වත්ම, මේ කවවත්, ඔහුගේ දිවිය වත් තවදුරටත් ඔහුට අයිති නොවුණි. ඔහුගේ දිවි
අපටද අහිමි වුණි. එහෙත් ඔහුගේ මෙම කව එතැන් සිට අද දක්වාම අපට ද හිමිව ඇත.
මේ කව ලිවීමෙන් අනතුරුව, කව ට තබා සිය දිවියටවත්
අයිතියක් කීමට වික්ටර් හාරාට ඉඩක් ඉතිරි නොවූ
බව කීමෙන් ම, මෙය ඔහුගේ අවසාන නිර්මාණය බව ඔබට වැටහෙනු ඇත. මේ කව සහ ඒ පිළිබඳ
හැඳින්වීමට නිම නොකළ ගීතයක් යැයි මා කීවේ,
එම කව ඔහුගේ සංගීතයෙන් හැඩ වී, ඔහුගේ හඬින් ගීයක් ලෙස අසන්නට අපට නොහැකි වූ බැවිනි.
1973 සැප්තැම්බර් 11 වන දින, ඔහු සිය බිරිඳ වන
ජොආන් ටර්නර් ( ජොආන්
හාරා )
ට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටින්නේ ඇඳිරි නීතිය පනවා ඇති
බැවින්, එදින තමන් සේවය කරමින් සිටින චිලී විශ්වවිද්‍යාලයෙන්
පිටව නිවසට පැමිණිය නොහැකි බවයි. එසේම ඒ අවස්ථාවේ ඔහු ඈටද, සිය සිඟිති දියණියන්
දෙදෙනාට ද තමන් විසින් මහත් සේ ආදරය කරණා බව කීමට ද අමතක නොකළාය.
ඔහු තුළ ඔහුනට ඇති ආදරය කොතරම් දැඩි වුවද, ඔහු ඔවුනට
කීවේ ඇත්තම ඇත්ත නම් නොවේ. එතරම් දැඩි ආදරයක් ඇත්තටම තිබුණි නම් ඔහු ඔවුනට බොරුවක්
නම් නොකිය යුතුය. එහෙත්, ඔහු එදින රාත්‍රියේ විශ්ව විද්‍යාලයේ නැවතිමට තීරණය
කරණුයේ වෙනත් හේතුවක් තිබූ බැවිනි. ඒ අන් හේතුව කුමක්ද?
ඒ දිනය, චිලියේ සිදු
වූ අපකීර්තිමත් හමුදා කුමන්ත්‍රණයට පසුව උදා වූ දිනයක් විය. ජනාධිපති
පවා මරා දමා තිබූ අතර, හමුදා ඛණ්ඩ මුළු සන්තියාගෝ නගරයේ අස්සක් මුල්ලක් නෑර රැකවල් ලා
සිටියහ. චිලී සරසවිය වටාද හමුදා රථ, යුධ ටැංකි සහ හමුදා ඛණ්ඩ කිසිවෙකුටත් පිටවනු
නොදී රැකවල් ලා තිබුණි. සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේද, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද සිය
ගණනක් එහි සිරව සිටියහ. එහි උපකුලපති තුමන් විසින්, ඇඳිරි නීතිය අවසන් වන තෙක්
සිරවී සිටින අයට රැඳී සිටීමට අවසර ගෙන තිබුණි.
වික්ටර් හාරා සිය බිරිඳටත්, දියණියන් දෙදෙනාටත් මොන තරම් ආදරය කළ ද මේ
ඇත්ත ඔවුනට පවසා නොතිබුණි. ඒ ඇත්ත ඔහු කියන්නේ කෙලෙසින් ද? එදින ඔහු සිය නිවසට
නොගියේ එබැවිනි.
සරසවියට පිටතින් සෑම දෙසින්ම ඇසුනේ, බෝම්බ, කාල තුවක්කු
සහ රයිෆල් හඬත් මරණීය බයෙන් සහ වේදනාවෙන් මුර දෙන හඬත්, ශබ්ද වාහිණී බැඳගෙන
හමුදාවන් අණ දෙන හඬත් ය.
පසුව එහි විස්තර කියූවන් පවසා තිබුණේ වික්ටර් හාරා විසින් ඒ කාලය තුළද තමන් වටේ
සිටියවුන්ගේ දිරිය වඩනා ලෙස කටයුතු කළ බවය.
ඔහු ගායනා කළ අතර ගැයුමට ඔවුනද හවුල්
කර ගත්තේය. ඔවුට ආරක්ෂාව පිණිස අවි ආයුධ නොතිබුණි.
මුළු රැය පුරාම යළි යළිත් ඇසුනේ පිපිරුම් හඬයි. වෙඩි
හඬයි. විලාප හඬයි.
රැයේ අඳුරට මුවා වී සරසවියෙන් පිට වන්නට සැදූ බොහෝ
දෙනෙකුට වෙඩි තබන ලදි. පසු දිනට එළි වෙන තුරු මේ ක්‍රියාවන් සිදු නොවුණේ යුධ ටැංකි
සරසවිය ඉලක්කකොට ගෙන බර අවි ප්‍රහාර එල්ල කරන්නට වූ බැවිනි. ඔවුනට ඉලක්ක වූ සියළු
ගොඩ නැගිලි විනාසයට ලක් විය. නමුදු පිලිතුරු වෙඩි නදක් සරසවියෙන් නොනැගිනි. වෙඩි
කමින් සිටියවුන් නිරායුධ මිනිසුන්ය.
සරසවි බිමට වන් හමුදා සිරකරුවන් පේලි ගැස්වූයේ පාලනයේ සහ
හඳුනා ගැනෟමේ පහසුවට ය. මේ වන විට ආණ්ඩු විරෝධීයෙකු ලෙස හං වඩු ගැසී සිටි තමන්ව
හඳුනා ගනීවිය යන හැඟුමින් වික්ටර් හාරා සිය
පුද්ගල හැඳුනුම් පත විසි කර දමණු ලැබීය.
පැය කිහිපයක් ඇවෑමෙන් ඔවුන් පෙළ ගස්වා චිලී ක්‍රීඩාංගණය ( Stadium Chile ) වෙත රැගෙන යනු ලැබුණි.
ඒ සඳහා යා යුතු දුර එතරම් නොවූ
මුත් ඒ අයන අතරතුර අනේක විඳ වධ වේදනාවන්ට ලක් වන්නට ඔවුනට සිදු විය.
අවාසනාවට, එක් සාමාන්‍ය සෙබලෙකු විසින් ඔහුව හඳුනා ගනු
ලැබිණි..
ඈ බොල තෝ නේද අර වේසිගෙ පුතා. අර විප්ලවවාදී
ගායකයා. තෝ නේද.....?
ඔහුගේ හිස පුරා රයිෆල් මිටි පහර වැදුනෙන් ඔහු බිම ඇද
වැටුණි. බිම ඇද වැටුණු ඔහුට ඊ ළඟට හිමි වූයේ හමුදා බූට් පහරවල්ය. ඒවා පිට පපුව හිස
ආදී ලෙස නිසි ඉලක්ක නොමැතිව සිරුර පුරා වැදුණු අතර, අනතුරුව
වික්ටර් හාරා
ව අනෙකුන්ගෙන් වෙන් කොට භයානක සහ
වැදගත් සිරකරුවන් රඳවන තැනක රඳවනු ලැබුණි. ඇසින් දුටුවෙක් පසුව කියා සිටියේ පහර දී
වේදනාවෙන් පෙළෙන මොහොතේ පවා ඔහු ඔවුන් දෙස සිනා මුසු මුවින් බලා නික්ම ගිය බවයි.
ඊ ළඟ දිනයේ යම් වෙලාවක, වික්ටර්
හාරා තීරණය කර තිබුණේ එම ස්ථානයෙන් මිදී පළා යන්නට ය. ඔහු රඳවා සිටි
මැදිරියේ දොර විවර කොට පැන්නේ කුමාරයා ලෙස අන්වර්ත
නාමයකින් හඳුන්වන, ක්‍රීඩාංගනයේ රඳවා සිටි හමුදා ඛණ්ඩ භාර දෙවෙනි අණ දෙන නිලධාරියා ඉදිරියට ය. මුහුණට
මුහුණ මුණ ගැසුනු පසු ඔහු වික්ටර්ව හඳුනා ගත්
බව ප්‍රකට කරන ලද්දේ ගිටාරයක් වයනාකාරය පෙන්වීමෙනි. අනතුරුව සිය ඇඟිල්ල ඔහුගේ ගෙල
හරහා අඳිමින් ඉඟියක් කළේය. නිලධරයා වික්ටර් හාරා ට
තමන්ම වගකියනු රිසිව ඔහුව වෙන් කොට තබා ගත්තේය. අනතුරුව රඳවා තැබුවේ, ලේ, මල, මුත්‍ර
ආදියෙන් පිරුණු අපවිත්‍ර තැනකය.
එදින සැදෑවේ අනෙකුත් සිරකරුවන් අතරට වික්ටර් හාරා ව රැගෙන එනු ලැබූ අතර ඔහුගේ මුහුණ
ලෙයින් නැහැවී ඉදිමී තිබුණි. පා පහර එල්ල වීමෙන් ඔහුගේ ඉල ඇටයක් බිඳී තිබුණි. එහි
සිටි ඔහුගේ මිතුරන් ඔහුට අහරක් පිණිස තමන් අත ඉතිරිව තිබූ බිස්කට්ටුවක් හා ජෑම්
ස්වල්පයක් ඔහුට ලබා දුනි.
සැප්තැම්බර් 14 වූ ඊ ළඟ දිනයේ සිරකරුවන් දෙසීය බැගින් වූ
කණ්ඩායම් වලට වෙන් කරණා ලදි. ඒ ඔවුන් තැනින් තැන ගෙන යාමේදී පහසු වනු පිණිස ය.
වික්ටර් හාරා සිරකරුවෙකු ගෙන් කඩදාසි කැබැල්ලක් ද පැන්සලයක්ද
ඉල්ලාගෙන, මේ තමන් සහ තම පිරිස අත් විඳිනා කුරිරු ඉරණම පිළිබඳව කවක් පබඳින්නට විය.
ඒ ඔහුගේ අවසාන කවිය වේ යැයි සමහර විට ඔහුට සිතෙන්නට ඇති. නොසිතෙන්නටත් ඇති දැයි
නොදනිමි.
ඒ මා ඉහත දැක්වූ
අපි ඔක්කොම
පන්දහසකි
මෙතැන,
මේ
නගරයේ පුංචි බිම් කඩෙහි
අපි ඔක්කොම
පන්දහසකි
තව
කී දහසක් ඇතිද
මේ
මුළු නගරයෙම....
මේ
චිලී දේශයෙහිම....
දහස් ගණන් මිනිසුන් සිරකරුවන් ලෙස මෙලෙස ගාල් කොට තැබුවේ
බීමට දිය බිඳවක් වත්, කෑමට කැඳ ටිකක් වත් නොමැතිව ය. ඔවුනට ඒ වෙනුවට ලැබුණේ
අනුකම්පා විරහිත කස පහරයි. රයිෆල් බඳින් එල්ල වන පහරවල් වල පහසයි. මේ වධ බන්ධන
මිස, ඔවුනට කිසිදු විවේකයක් හෝ නින්දක් හෝ නොලැබුණි. මේ ම්ලේච්ඡත්වය දරණු නොහැකි
වූ සමහරුන් ඉහළ මාලයෙන් පහළට පැණ දිවි තොර ගත්තේ ය. සමහරුන් සන්ත්රාසයෙන් උමතුව
හැසිරුණු අතර ඔවගෙන් සමහරෙකුට අන් සිරකරුවන් ඉදිරියේදීම වෙඩි තබා මරා දමන ලදි.
වධ වේදනා විඳිමින් සිටිනතුර වුව, කඩිනමින් කුරුටු ගාමින්
හෝ ඔහු උත්සාහ කළේ ලෝකයාගේ දැන ගැනීම පිණිස, මේ කෘෘරත්වය හැකි තරමින් වාර්ථා
කිරීමට ය. එහෙත් ඔහුට හැකි, ඔහු සිරව සිටන, එසේම දහස් ගණනක් සිරකොටගෙන සිටින, මේ
කුඩා භූමි භාගය පිළිබඳව සාක්ෂි දැරීම පමණකි. එසේම ඔහුට හැකි රට පුරා සිදුවන ව්‍යසනයේ
තරම මේ යැයි සිතාගැනීම පමණි.
ඔහුගේ අවසාන පැය කිහිපයේදී, ළමයෙකු වශයෙන් විඳි කටුක ජීවිතය
ඔහුට ලබා දුන් පන්නරය හේතුවෙන්, කුරිරු හමුදා හේවායන් ඔහුට පෙනුනේ මුර ගෑම පිළිබඳ
පණිවිඩය රැගෙන එන වින්නඹු මාතාවන් සේ ය. එකල ළමයෙකු විදිහට, ඔහු දුටුවේ ඔහුට හැඟුන
අයුරින්, ඔවුන් ගෙන එන්නේ දරා ගත නොහැකි වේදනාවේ පණිවිඩය බවයි. එහෙත්, දැන් ඒ
දසුන් දෙවෙනි අණ දෙන නිලධරයාගේ කෘෘරතර සිනාවන් සහ වධබන්ධනවල වේදනාවන්ගේ දසුන් අතිපිහිත
ව බොඳව ඇත. කෙසේ වෙතත්, මේ දුෂ්කර බිය ජනක මොහොතේ පවා, වික්ටර්
තුළ ඇත්තේ අනාගතයේ යම් දිනයක ජනතාව ශක්තිමත් වෙමින්, බෝම්බ සහ වෙඩි උණ්ඩ වලට වඩා
බලවත් වනු ඇතිය යන පැතුමය. ඔහු තමන් කුරුටු ගාන ගීතයේ අවසන් කොටසට පැමිණෙත්ම ඔහු
තුළ ඇති සංගීත සහ ගායන හැකියාව නිසා,
භීෂණය ගැන මා ගැයිය යුතුව ඇත්තේ
ගී ගැයුම කොතරම් අපහසු කලකද?
වැනි අදහසක් ඇති කොටසක් ඊට එක් වන්නේ.
ඒ හා සමගම ඔහුගේ පද බැඳුමට බාධා ඇති ලබයි. හේවායින්
කණ්ඩායමක් ඔහුව රැගෙන යාමට පැමිණි බැවිනි. එහෙත් ඊට පෙර, තමන් ලියමින් සිටි කව සහිත
කඩදාසි කැබැල්ල අසල සිටි තම සගයෙකු අත තැබීමට ඔහු සමත් විය. අනතුරුව යළි කිසි දිනක
වික්ටර් හාරා ට එම කවිය සහිත කඩදාසිය ඔවුනගෙන්
ඉල්ලා ගන්නට නොහැකි විය. ඔවුන්ට යළි කිසිදු දිනක වික්ටර්
හාරා ව දැක ගන්නට ද නොලැබුණි.
සගයින් එක්ව වික්ටර් හාරා විසින්
ලියන ලද කව කොටස් කොටස් වශයෙන් කට පාඩම් කොට තබා ගනු ලබන්නේ එබැවින් එය තමන් මිදී
යන විට පිටතට රැගෙන යාමට හැකි විය.
* * *
හේවායින් විසින් දෙවන අණ දෙන නිලධරයා ළඟට ඇදගෙන ගිය,
පහරදීම නිසා මුහුණ ඉදිමී ලෙයින් නැහැවී, ඉල ඇට බිඳී වේදනාවෙන් සිටින වික්ටර් හාරා ට
ඔහු කිවුවේ පුළුවන් නම් දැනුත් ගී ගයනා ලෙසට ය.
ඔහු ඒ අභයෝගය ඉවත නොදැම්මේය
වික්ටර් හාරා ගේ ගී හඬ සිරකරුවන් අතරින් මතුවින. කෙනෙකුට සිතිමටවත්
නොහැකි වධ බනධන විඳි දින හතරක් ඇවෑමෙන් වුව, ඔහු ගයන්නට වන්නේ එකමුතුව නැගී සිටීම
පිළිබඳව ලියැවුණු ජනප්‍රිය ගී ඛණ්ඩයකි. ඒ ඔහුගේ දිවියේ අවසාන ම ගැයුමයි.
දිනක අපි නැගිටිමු
නැගී සිට ජය ගමු....
ඔහුට කියා ගත හැකි වූයේ එපමණකි. යළිත් රයිෆල් බඳින් හිසට
එල්ල වුණු ප්‍රහාර හේතුවෙන් බිම ඇද වැටුණු ඔහුව අනතුරුව ඉවතට ඇදගෙන යනු ලැබුණි.
* * *
1973 සැප්තැම්බර් මස 16 වන දින සන්තියාගෝ
නගරයට නුදුරු ස්ථානයක එක පෙළට තබා පහර දී පසුව වෙඩි තබා ඝාතනය කළ මිනිසුන් සය
දෙනෙකුගේ මෘත ශරීර හමු විය. එම සිරුරු බැලිමට පැමිණි අය තමන්ට හඳුනා ගත හැකි
සිරුරක් වේදැයි බලන්නේ, කිසියම් කාන්තාවක් විසින් හැඬුම් හඬින්, අනේ මේ වික්ටර් හාරා නේදැ යි වික්ටර් හාරා ගේ
සිරුර හඳුනා ගනු ලැබුණි. ඔවුනට කළ හැක්කේ කුමක්දැයි සිතා ගත නොහැකි වන්නේ ඒ
සමගින්ම ආවරණය කෙරූ වෑන් රියක් පැමිණි බැවිනි. ඔවුනට, මහත් බියට පත්ව, සැනින්
සැඟවෙන්නට සිදු වුණු නමුත්, සැඟවී සිට සිද්ධිය බලා ගත්හ. මල සිරුරු වෑන් රිය තුළට
ඇද දැමූ ඔවුන් ඒවා නගරයේ මෘත ශරීරාගාරයට ගෙන යනු ලැබුවේ හඳුනා නොගත් සිරුරු සමූහ
මිනී වලක් තුළ වල දැමීමටය. එහෙත් මෘත ශරීරාගාරය තුළ සිටි අයෙකුද වික්ටර් හාරා ගේ සිරුර හඳුනා ගන්නා ලදි.
* * *
මිය යාමට පෙර වික්ටර් හාරා විසින්
මිතුරකු අත සුරක්ෂතිව තැබූ ඔහුගේ අවසාන කවිය, පසුව වික්ටර්
හාරා ගේ බිරිඳ වන ජොආන් ටර්නර් ( ජොආන් හාරා ) අත පත්වින.
ඇත්තටම එය සිදුවුණේ සම්පූර්ණ කවිය ම ඇය අතට පත්වීම නොවේ.
කට පාඩමින් එකිනෙකා මතකයේ තබාගෙන සිටි කොටස් ඈ හට කීම ය. එම කොටස් වල අවස්ථා
සම්බන්දයන් ගලපමින් එහෙට මෙහෙට කරමින් දැරූ යම් වෑයමකින් අනතුරුව ය, මේ කව
සම්පූර්ණ වන්නේ.
Stadium Chile – by Victor Hara
We are 5,000 -
here in this little part of the city
We are 5,000 -
how many more will there be?
In the whole city, and in the country
Just here
10,000 hands
Which could seed the fields,
make run the factories.
How much humanity -
now with hunger, cold
panic pain, moral pressure, terror and insanity?
Six of us
lost in space among the stars,
One dead, one beaten like I never believed
a human could be so beaten.
The other four wanting to leave
all the terror,
One leaping into space,
Another beating the head against the wall
All with gazes fixed on death.
How terrible the face of fascism creates!
The military carry out their plans with knife-like precision.;
They care for nothing
Blood equals medals for them,
slaughter is an act of heroism.
Oh my God — is this the world you created?
Was it for this, the seven days, of amazement and toil?
In these walls there exists only a number,
That doesn't progress.
That will slowly desire more death.
But soon my conscience awakes,
and I see that this tide has no heartbeat,
And I see the pulse of the machines,
And the troops showing their midwife-face,
full of sweetness.
And Mexico, Cuba and the world?
Scream this shame!
We are ten thousand hands
Less that can make nothing
How many are we in the country?
The blood of compañero Presidente is stronger than bombs
Is stronger than machine guns.
And so our fist will strike again
How hard it is to sing
when I must sing of horror.
Horror which I am living,
horror which I am dying.
To see myself among so much
and so many moments of infinity
in which silence and screams
are the end of my song.
What I see, I have never seen
What I have felt and what I feel
Will give birth to the moment.
Will give birth to the moment.
How hard it is to sing
when I must sing of horror.
How hard it is to sing
How hard it is to sing
එම කවෙහි ඉංග්රීරි පරිවර්තන දෙකක කොටස් පුරුද්දමිනි මෙම
ඉංගිරිසි පරිවර්තනය සාදාගනු ලැබුයේ.
මතු දැක් වෙන්නේ ඔහුගේ එම කවෙහි ඉංගිරිසි පරිවර්තනය
ඇසුරෙන් මා එය සිය බසට පෙරළීමට ගන්නා ලද වෑයමයි.
Stadium Chile – by Victor Hara
අපි ඔක්කොම
පන්දහසකි
මෙතැන,
මේ
නගරයේ පුංචි බිම් කඩෙහි
අපි ඔක්කොම
පන්දහසකි
තව
කී දහසක් ඇතිද
මේ
මුළු නගරයෙම....
මේ
චිලී දේශයෙහිම....
මේ
මෙතැන,
දස
දහසක් අත්......
කෙත්
බිම් වපුරන්ට හැකි අත්......
කම්හල්
දුවවන්ට හැකි අත්......
කොපමණක්
මිනිසුන්ද
අද අසරණ
ව
කුසගින්නෙන්
පෙලෙන
සීතලේ
ගැහෙන
වේදනාවෙන්, බියෙන්,
සන්ත්රාසයෙන්
ඇළළුන
සය
දෙනෙක් අපේ
තාරුකා
අතර හිස් අවකාශයේ
අතුරුදන්
වින
මිය ගියේය
තවෙකෙකු
ඇදහිය
නොහැකි තරමට
තලා
පෙලා ඇත තවෙකෙකුට
මිනිසෙකු
කෙසේ නම්
මේ තරම්
තැළුම් කන්නද?
අනෙක්
සිවු දෙන
මිදෙනු
රිසි වුන්
සකලවිධ
වූ භීෂණයෙන්
කෙනෙකු
ඉහළකින් පනිමින්
තවෙකෙක්
බිත්තියක සිය හිස ගටමින්
සැමගේ
ම දෑස් ගල් වී
මරණය
වෙතම යොමුවී
ඒකාධිපතිත්වය
මවා ඇති
මේ
මුහුණ
කොයි
තරම් බියකරුද?
හමුදාව
මෙහෙයවයි සිය සැලසුම්
පිහි
තුඩු සේ තියුණු
නොවරදින....
කිසිවක්ම
නොතකයි ඔවුන්
කිසිවෙකුත්
නොතකයි.....
රුහිරය
පදක්කම් සේය ඔවුනට
වීරත්වයේ
ක්‍රියාවක් වැනිය
බෙලි
කැපුම්
අහෝ
දෙවියනි! මෙයද
ඔබ
මැවූ ලෝකය
විශ්මයේ
සහ පරිශ්රමයේ ඒ දින හත
මේ
සඳහා වෙද?
මේ
බිත්ති හතරට මැදිව
දුක්
විඳින යම් ගණනකි
අඩුවනු
මිස,
වැඩි
නොවෙයි එය යළිත්
හෙමි
හෙමින් මුත්
දකිනු
රිසි උන්
තව
තවත් මරණ ම වන බැවින්
අවදිවෙයි
මා හෘද
සාක්ෂිය
සැනෙකින්
අවදි
කරවයි එය මා
මට
පෙනේ
හද
ගැස්මක් නොමැති බව
මේ
කාලයට
එලෙසින්ම
මට පෙනෙයි,
ස්පන්දනය
යන්ත්‍ර
වල
පෙනෙනුයේ
හේවායින්
ගේ මුහුණු
වින්නඹු
මවුන්ගේ මුහුණු මෙනි
සෞම්‍ය
බව උතුරණ
මෙක්සිකෝ
ජනයිනි,
කියුබානුවනි,
සකල
ලෝ වැස්සනි,
නෑසේද
නුඹට මේ
නින්දා
සහගත
මුර
ගෑම්
අපි
දස දහසක් අත්
කිසිවක්ම
කරකියාගත නොහැකිව
තව
කී දහසක් ඇතිද
මේ
මුළු නගරයෙම....
මේ
චිලී දේශයෙහිම....
බෝම්බයකට
වඩා බලවත්
මැෂින්
තුවක්කුවකට වඩා
ශක්තිමත්
අපේ
ජනපති සොයුරාගේ
රුධිරය
සේම
අපේ මිට
මෙළ වූ අත් ද
යළි නැගේවි
යළි ගැටේවි
මොන
තරම් අසීරු මොහොතක්ද
ගැයුමට
නමුදු
මා
භීෂනය
ගැන
ගැයිය
යුතුම මොහොතකි
මෙය
මා
ජීවත්වන භීෂණය....
මා
මිය යන භීෂණය....
මට ම
මා දැක ගැනුමට
මේ නිහඬ
බව සහ
මුර
ගෑම පවතින
බොහෝ
බොහෝ
අනන්තතාවයේ
නිමේශයන් අතරේ
එයය
මා ගීයේ පැතුම
මම
දකින,
මට
හැඟුණා වූ සහ හැඟෙන
එහෙත්,
මා
කිසි දිනක නොදුටු දේ
උපද්දනු
ඇත ඒ මොහොත
මොන
තරම් අසීරු මොහොතක්ද
ගැයුමට
නමුදු
මා
භීෂනය
ගැන
ගැයිය
යුතුම මොහොතකි
මෙය
මොන
තරම් අසීරු මොහොතක්ද
ගැයුමට
මොන
තරම් අසීරු මොහොතක්ද
ගැයුමට
අන්
බසින් සිය බසට නැඟුමේ වෑයම,
යසනාත්
ධම්මික බණ්ඩාර.
මේ කවිය වඩාත්
අරුත් ගැන්වෙන්නේ, ඉහත මා හැකිතාක් කෙටි කොට ලියූ දිග සටහන කියවූ පසුව බව
දැන් ඔබට වැටහෙනු ඇත. මක් නිසාද යත්, මේ කවෙහි ඇත්තේ ඒ බිහිසුනු අවසන් දින කිහිපයේ ඔවුන්
මුහුණ දුන් අත්දැකීම් සහ ඒ මත්තේ ගොඩ නැගුණු ඔහුගේ සිතුවිලි සමුදායයි.
-
යසනාත් ධම්මික බණ්ඩාර -










Good work Yasa! Go ahead and publish a collection of poems written by Victor Hara. He was a great hero but our new generation do not know about him.
ReplyDeleteඔව්. එවැනි යෝජනාවක් තිබෙනවා. වික්ටර් හාරාගේ නිර්මාණ පමණක්ම කරණවාද කියා නම් අදහසක් තවම නෑ. නමුත් නිර්මාණ සේම, පසුබිම ගැනද හඳුන්වාදෙමින් මෙවැනි නිර්මාණ 40-50 විතර පළ කරන්න හිතලා තියෙන්නේ.
Deleteස්තුතියි ඔබට.
හොද වැඩක්..
ReplyDeleteස්තුතියි ඔබට.
Delete