යුද්ධය ඇසුරු කරගත් නිර්මාණ වලින් ඇරඹි නිසා ඊ ළඟ කවි ද ඒ හා ළඟින් යන අත්දැකීම් වලින් යුතු ඒවා විය යුතු යැයි සිතුනා. ඒ නිසා
ඊ ළඟට තෝරා ගන්න හිතුවේ
ඇමරිකානු ඉන්දියානුවන්
ගේ කව යි.
ඇමරිකානු ඉන්දියානුවන් ගේ කව ලෙස මෙය මෙහි
හැඳින්වූවත් එය වඩා ප්‍රචලිත වූයේ Do
not Stand at My Grave and Weep ( මා සොහොන අසල සිට නොහඬන්න ) යනුවෙනි.
Do not stand at my grave and weep
Do not stand at my grave and weep:
I am not there; I do not sleep.
I am a thousand winds that blow,
I am the diamond glints on snow,
I am the sun on ripened grain,
I am the gentle autumn rain.
When you awaken in the morning’s hush
I am the swift uplifting rush
Of quiet birds in circling flight.
I am the soft starshine at night.
Do not stand at my grave and cry:
I am not there; I did not die.
මෙම ශෝකාන්ත කව නිර්මාණය කර ඇත්තේ
Mary Elizabeth Frye
නම් කිවිඳියයි. ඇය විධිමත් අධ්‍යාපනයක් නොලත් උතුරු ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැලටිමෝර් නගර වැසි
කාන්තාවක්. ඉතා කුඩා වියේදී ඈ ගෙවුවේ අනාත දිවියකි. පසුව වැඩි විය පැමිණි පසු ඈ
විවාහ වී සිය සැමියා සමග ගත කරණ අතරතුර සිය යෙහෙළියක් වූ Margaret Schwarzkopf ගේ අත්දැකීමක් තමන් මත ඇති කළ පෙළඹවීම මත මෙම කවිය ලියූ
බව සැලකේ.
Margaret Schwarzkopf ජර්මන් ජාතික තරුණියකි. එකල ජර්මනිය තුළ ලියලා වැඩුනු
යුදෙව් විරෝධී සැහැසි ක්‍රියා හමුවේ ඇය සිටියේ
බැලටිමෝරයේ ය. එහිදී ඇය Mary Elizabeth Frye ගේ සමීප මිතුරියක් වී එහි ම විසුවාය. ජර්මනිය තුළ උද්ගතව තිබූ තත්වය හමුවේ ඇයට සිය මවගේ
මරණයටවත් යාමට ඈට ඉඩක් නොලැබුණි. දිනක් Mary Elizabeth Frye සහ Margaret
Schwarzkopf නිවසට අවැසි බඩු බාහිරාදිය මිළ දී ගැනීම සඳහා නගරයට ගොස්
පැමිණ මුළුතැන් ගෙයි බඩු අස්පස් කරමින් සිටින විට Margaret
Schwarzkopf විසින් සිය දුක් බර අත්දැකීම විස්තර කරමින් කියූ වදන්
කිහිපයක් Mary Elizabeth Frye ට මෙම කව නිර්මාණය කරන්නට මං හසර සැලසවීය. ඇයට වඩා සංවේදී
වූයේ මෙන්න මේ කොටසට ය. "Even I couldn’t stand at my mother's grave and say
goodbye".
Mary Elizabeth Frye විසින් Margaret Schwarzkopf ට නොපෙනෙන්නට මේ කොටස කුස්සියේ තිබූ බ්‍රවුන් පේපර් කවරයකින් තීරුවක් ඉරා
එහි සටහන් කොට ගෙන ඇත. Mary Elizabeth Frye කියන පරිදි අනතුරුව
මේ කව ලියැවුනේ නිරායාසයෙනි.
ඈ 1932 දී පමණ මේ කව නිර්මාණය කරණ විට එතෙක් ඈ කිසිදු
කවියක් ලියා නැති බව සඳහන්. පසුව ඈ වෙනත් කවි ලියුවත් ඒ එකදු කවක් හෝ මෙම කවිය
මෙන් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ වුනු බවක් සොයා ගත නොහැක.
කෙසේ වෙතත් Mary
Elizabeth Frye විසින් මේ කව තමන් විසින් පළකිරීමක් කොට නැත. ඈ සිය මිතුරියට මේ කව ලියා දී
ඇත. එය පෝස්ට් කාඩ් පතක ලියා ඇගේ සමීපතමයින් වෙත කණගාටුව පළ කරණු වස් යවා ඇත.
කවියේ මේ ගමන් මග කොතරම් ශක්තිමත් සහ වේගවත් වූයේද යත් කෙටි කලකින් ම මෙය අවමඟුල් අවස්ථා
වෙනුවෙන් කණගාටුව පළ කරනු වස් නිර්මාණය වන කාඩ් පත් වල ද සොහොන් කොත් ඵලක වල ද
සටහන් වෙන්නට ගත් ජනප්‍රිය කවක් බවට පත් විය.
විධිමත් මාධ්‍යයක බුද්ධිමය දේපල හිමිකම් සමගින් පළ
නොවුනු නිසා මේ කවිය යම් යම් අය විසින් සුළු සුළු වෙනස්කම් සහිතව ලියවෙන්නට ගත්
අතර එය Mary Elizabeth Frye විසින් ලියූ බවට යම් යම් සමීක්ෂන සහ පර්යේෂන මගින්
අනුමාන කරන්නට පෙර විවිධ අය විසින් තම නමට හිමි කරගෙන සිටියහ. එහෙත් වඩාත්ඈත
සාක්ෂියට අනුව ගෙන ( 1938 ඉදිකළ සොහොන් කොතක් ) මෙම කවිය Mary Elizabeth Frye විසින් ම කරණ
ලදැයි වර්තමානයේදී සලකයි.
විශේෂයෙන් එකල පැවති විවිධ යුද්ධයන් හිදී මිය ගිය සිය
සමීපතමයින් සිහි කරණු වස් බොහෝ අය මෙම කවිය භාවිතා කළද සමහර විචාරකයින් මෙම කවිය
කෙනෙකුගේ මරණයකට වැඩි පුළුල් අරුතක් සහිත එකකැයි පවසයි. ඒ අනුව පුළුල් අරුතින් ගත්
කළ මේ කවෙන් කියවෙන්නේ ඇමරිකානු ඉන්දියානුවන් හෙවත් රතු ඉන්දියන් වරුන් ගැන යයි
පිලිගැනීමයි.
මා මෙම කව වඩා පරසිදු Do not Stand at My Grave and Weep ( මා සොහොන අසල සිට
නොහඬන්න ) යනුවෙන් නම් නොකොට ඇමරිකානු
ඉන්දියානුන්ගේ කව ලෙස හැඳින් වූයේ එබැවිනි.
ඇමරිකානු ඉන්දියානුවන්ගේ කව....
මා සොහොන අස රැඳී
නොහඬන්න
නිදම් යැයි මම් එතුළ
නොහඬන්න....
හමන සුවහස් සිහිල් නල රැළි
මම වෙමි
උදා ළහිරු රැස් යහනේ
දිදුලන තුසර බිඳු ද මම වෙමි
ගොම්මනේ
අවසාන හිරු රැසේ නැහැවෙන
පැසුනු තිරිඟු යායක රන්වන ද
මම වෙමි
සිසිල් හේමන්ත වැසි පොද ද
මම වෙමි.....
නුඹ පිබිදෙන හිමිදිරියේ
වාතලයේ හිස් බව මකන
සියොත් තුඩගින් ගිලිහෙන
මියුරු ගී සර මම වෙමි
රෑ ගන අඳුරු අහසේ
මං ලකුණු කියාදෙන
තරු මල් ද මම වෙමි
මා සොහොන අස රැඳී
නොහඬන්න
නොනිදම් ය මම් එතුළ
මළේ යැයි සිතා මා
නොතැවෙන්න
නොමළෙම් ය මම් තවම.....
අන් බසින් සිය බසට නැඟුමේ උත්සාහය,
- යසනාත් ධම්මික
බණ්ඩාර -



No comments:
Post a Comment