Monday, May 23, 2016

Venceromus



Venceromus යන්න අප බසින් අරුත් ගැන්වූ විට, අදහස වන්නේ,


දිනක අප නැගෙන්නෙමු
නොනැසී නැගෙන්නෙමු

යනනයි. 

Venceromus යනුවෙන් වූ ගීත නිර්මාණ කිහිපයක් මා මේ පිළිබඳව තරමක් සොයනා විට මගේ ඇස ගැටුණි. අනතුරුව සවනතද ගැටුණි. මේ ගීත වලින් මෙහිදී වඩාත් අදාල වන්නේ Claudio Iturra විසින් රචනා කළ එහි මුල් ගීතයත්, පසුව වික්ටර් හාරා විසින් නිර්මාණය කළ Venceromus නමින්ම වන චිලී දෙස, මැතිවරණ සමයක ගයන්නට නිම කළ ගීතයත් ය.

Venceromus ගීතය, චිලියෙහි විමුක්තිකාමීන් දිරිමත් කරණ තුර්කි දෙසේ අයට ගැයීම පිණිස තැනූ ගීතය, එහි ම ජර්මානු ආකාරය  ආදී වශයෙනි.  මේ හැර පසු කලක Venceromus නමින්ම නිර්මාණය වුණු ගීයක්ද වෙයි.

මා පහතින් දක්වා ඇත්තේ, මේ Venceromus ගීතයේ, මුල් ගීතයේ පද රචනයයි.

Venceromus - original version (Lyrics - Claudio Iturra)


From the deep crucible of the homeland
The people's voices rise up.
The new day comes over the horizon.
All Chile breaks out in song.


In remembrance of the courageous soldier
Whose example has made him immortal
First, we confront death,
Our country we'll never betray.


We shall prevail, we shall prevail
A thousand chains we'll have to break,
We shall prevail, we shall prevail
We know how to overcome misery1


Peasants, soldiers, miners,
And the women of our country, as well,
Students, workers, white-collar and blue,
We will do our duty.
We'll sow the land with glory.
Socialism will be our future.
All together, we will be history's completion.


We shall prevail, we shall prevail
A thousand chains we'll have to break,
We shall prevail, we shall prevail
We know how to overcome misery

මගේ මේ පරිවර්තන කවි ගොන්නේ, මීට පෙර කවිය වුණේ - Stadium Chile – by Victor Hara  - කවියයි. එය වික්ටර් හාරා විසින් මරණාසන්නව සිටි  මොහොතක ලියූ එකක් බවද, එබැවින් ඔහුගේ අන්තිම නිර්මාණය එය බවද ඔබට අමතක නැතැයි සිතමි.

මතකද මා එහිදී ඔබට, ඔහු සිය දිවියෙහිදී ගැයූ අවසාන ම ගී පද ඛණ්ඩය ගැන යමක් සටහන් කළා? එදා,අමානුෂික ලෙස පහර දී, ඉදිමුණු, ලේ වැකුණු මුහුණකින් ද, බූට් සපත්තු අඩි ප්‍රහාරයන් වැදීමෙන් බිඳුණු  ඉළ ඇට සහිතව අසීරුවෙන් හුස්ම ගණිමින් ද සිටියදී ඔහුට,

හැකිනම් ඉතින් ගයපන්.....

යැයි කළ අභියෝගයට ප්‍රතිචාර ලෙස ඔහු ගැයූ ගීත ඛකණ්ඩය.....? ඒ අනෙකක් නොව මේ, තමන්ගේම
Venceromus ගීයේ ඛණ්ඩයකි. එහි අරුත නම්, 


දිනක අප නැගෙන්නෙමු
නොනැසී නැගෙන්නෙමු

යන්නයි. ඒ පද ටික ගයා අවසන් වන විටම ය, ඇද ගෙන ගියේ ඔහුව මරණයට.
මේ කවෙහි අරුත, ලිහ ලිහා වටහා ගන්නට ඇති එකක් නොවේ. එය සෘජුය. පැහැදිලිය. අනාගත පැතුම් සහගත ලොවක් වෙත, ජනයා පෙළ ගස්වන සුළුය. එහෙත්, ඒ ලොව, ඉබේ ගොඩ නොනැඟෙයි. දිනිය යුතු වෙයි එය. දිනන්නට නම් ඒ ලොව, වෙන්ව සිට කළ නොහැකි වෙයි. සතර දිග්භාගයෙන්, සකල විධ අය පැමිණ, එකම ධජයක් යටට රොක් විය යුතු වෙයි. එකම එක රණ ගීතයක්, එකම හඬින් ගැයිය යුතු වෙයි. එකට නැගී සිට එකට ගැටිය යුතු වෙයි. තනිව නොව එක්ව දිනිය යුතු වෙයි.

මේ ගීතයේ අරුත එයය. එබැවින් ඊට වැඩියෙන් ඒ ගැන නොලියමි.

මතු දැක්වෙන්නේ, Venceromus ( original version ) ගීතයේ ඉංගිරිසි පරිවර්තනය මවිසින් සිය බසට නඟන්නට ගත් වෑයමයි.


Venceromus  - original version - Lyrics - Claudio Iturra
දිනක අප නැගෙන්නෙමු - නොනැසී නැගෙන්නෙමු

ගැඹුරු ගිනි කෝවෙහි දැවෙන
මවුබිමේ
ජනතාවගේ හඬ නැගී එයි
ඈත සිතිජය මතින්
නව දිනක් උදා වෙයි
සෑම චිලියානුවෙකුම
එකම ගීයක්
එකම හඩින් ගැයුමට
රොක් වෙයි.......

අභීත රණවිරුවා ගැන මතකය
ඔහුව අමරණීයත්වයට පත් කළ
ඔහු දුන් ආදර්ශය
මුහුණ දෙමු මරණයට
එනමුත් පාවා නොදෙමු මව් රට

දිනක අප නැගෙන්නෙමු
නොනැසී නැගෙන්නෙමු
දහසක් යදම් ඇත බිඳින්නට
දිනක අප නැගෙන්නෙමු
නොනැසී නැගෙන්නෙමු
දනිමු මේ දුක්  අඳුර බිඳ හැර
ජය ගන්නායුර අපි.....

අඳ ගොවීන්, පතල් කම්කරුවන් හා සොල්දාදුවන්
ශිෂ්‍යයින්, කම්කරුවන්, කාර්මිකයින්
හා කාර්යාල සේවකයින්
අප රටේ කාන්තා බලකායත්....
අපේ මෙහෙවර ඉටු කරන්නෙමු
අපි අපේ මවු බිම පුරා
ශ්‍රී විභූතියේ බිජුවට ඉසින්නෙමු

සමාජවාදය.....
එයයි අපගේ හෙට දවස
මේ  සියළු දනන්ගෙන් සුසැදි
එකමුතුව
අපි,
ඉතිහාසය නිමකරන්නන් වෙමු


දිනක අප නැගෙන්නෙමු
නොනැසී නැගෙන්නෙමු
යදම් දහසක් ඇත බිඳින්නට
දිනක අප නැගෙන්නෙමු
නොනැසී නැගෙන්නෙමු
දනිමු මේ දුක්  අඳුර බිඳ හැර
ජය ගන්නායුර අපි.....

අන් බසින් සිංහට නැඟුමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.



මේ මැයෙන්ම, පසු කලෙක, සමාජවාදී කඳවුරේ ජනපති අපේක්ෂක, 

සැල්වදොර් ඇලෙන්ඩේ
ගේ මැතිවරණ ව්‍යාපාරට යොදා ගැනිමටද Venceromus නමින් ගීතයක් නිර්මාණය විය. එයද  



වික්ටර් හාරා 
ගේ ම රචනයකට අනුව ය.
මතු දැක්වෙන්නේ එම ගීතයේ ඉංගිරිසි පරිවර්තනයයි.

Venceromus - Electoral Campaign Version (lyrics - Victor Jara )


Here comes all the people of Chile
Here comes Unidad Popular
Peasant, student, worker
All our comrades join us in song.


Underneath our banner
The women have joined in our call
Victory for the Unidad Popular
Will be the defeat of the Yankee oppressor


We shall prevail, we shall prevail
With Allende in September we'll prevail
We shall prevail, we shall prevail
Power to the Unidad Popular


With the power that comes from the people
We must make a better homeland
Together and united we must strike
At power, at power, at power.


If the Right wants to ignore
Allende's just victory,
All the people, resolute and courageous
Will rise up as one.


එම ගීතයේ දල අරුත වුණේ සකල විධ චිලියානුවන් ජනප්‍රිය වාම වාදී එකුමුතකින් සෑදී 1970 දී ඇලෙන්ඩේ ගේ ජයග්‍රහණය පතා රොක්වන බවත්, ඔවුන් එක්ව පවතින පාලනය පෙරලන බවත්, යම් හෙයකින් ඇලෙන්ඩේ ගේ නියත ජය, පවතින දක්ෂිණාංශික රජය පිළිනොගතහොත් යළි ජනතාව එක් රොක්ව දිනූ ජය රැක ගන්නා බවත්ය. ඔවුන් ඇලෙන්ඩේ ගේ ජය පතා විවිධ තල වල සිය සටන ගෙන ගියේ එලෙසිනි.
මැතිවරණ සටන වෙනුවෙන් කළ එම ගීතයද ඉංගිරිසි බසින් සිය බසට නැඟුමට මවිසින් වෑයම් කළෙමි. මතු දැක්වෙන්නේ එයයි.

Venceromus - Electoral Campaign Version (lyrics by Victor Jara)

මේ එන්නේ චිලීයෙහි සියළු දන
මේ එන්නේ ඔබේ ප්‍රිය එකමුතුව
අඳ ගොවීන්, ශිෂ්‍යයින්, කම්කරුවන්
සියළු සගයිනි, මේ ගීය ගැයුමට එක්වව්!


අපේ ධජයෙහි සෙවන යට
අපේ ඇරියුම පිළිගෙන
කාන්තාවන් පවා රොක්ව ඇත
ඔබේ ප්‍රිය එකමුතුවෙහි දිණුම‍
යැන්කී පීඩකයින්ගේ පැරදුමය


අප දිනන්නෙමු අපි දිනන්නෙමු
උදාවෙන සැප්තැම්බරයේදී,
ඇලන්ඩේ සමඟ එක්ව
අපි දිනන්නෙමු අපි දිනන්නෙමු
අපි දිනන්නෙමු අපි දිනන්නෙමු
ඔබේ ප්‍රිය එකමුතුවට ය
චිලීයෙහි පාලන බලය

රටක පාලන බලය
ජනතාව අතරින් නැගෙන විට‍
පතිරූප දේශයක්
බිහි කළ යුතුම ය අප
එක්ව, එකමුතුව,
පහර දිය යුතු වෙයි අප
අසාධාරණ බලවේගයට
අසාධාරණ බලවේගයට
අසාධාරණ බලවේගයට

මේ දක්ෂිණාංශික නඩය
නොතකයාද
ඇලෙන්ඩේගේ නියත ජය
එසේ වුවහොත්
මේ සියළු දන
දැඩිව සහ නිර්භීතව
එක්ව, එකමුතුව,
නැගී සිටිණු ඇත
එදිනද...

අන් බසින් සිය බසට නැඟුමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.



- යසනාත් ධම්මික බණ්ඩාර -

No comments:

Post a Comment