Saturday, November 5, 2016

තෝරාගැනුම ඔබ සතුය





It is just a choice යනු සිය බසින් මෙන්ම ඉංගිරිසියෙන් කවි ලියන, නිර්මාණ විමසුමෙහි යෙදෙන, විවිධ තන්හි අදහස් දක්වන මීට පෙරද අපගේ කතා බහට ලක් වුණු සමන්මලී අබේසිරි කිවිඳියගේ කවකි. 

කෙනෙකු අපහසුතාවෙන් මුත්, අන් අයට අවැසි දේ කළ යුතු තැනට යොමු වන්නේ අන් අයගේ බලපෑමෙන්ම නොවන බව වටහා නොගැනීම ගැනය මේ කව. එමෙන්ම එලෙසින් අපහසුවෙන් අතකමැත්තෙන් දිවි ගෙවන එකම කෙනා එ් පුද්ගලයා පමණක් නොවන බවද ඉන් කියැවෙයි. වඩා වැදගත්ම දේ නම්, අකමැත්තෙන් අන් අයට අවැසි දේ කරතැයි කියන බොහෝ දෙන, එය වෙනස් කිරීමට සාධාරණ උත්සාහයක් නොගන්නේය යන්නයි. බොහෝ අවස්ථා විමසන විට එය අසත්‍යයක් නොවන බව අපටද පැහැදිලිය.

මේ ඇගේ එම කවයි.

It is just a choice
 ==============

It is not only you
who's forced to dance to
not your tune
hiding the distaste

It is not only you
who's forced to shake hands
on deals of disgust
hiding the antagonism

It is not only you
who's forced to smile
with ridiculous beings
hiding the disdainful sneer

but make it just a choice
doing what you are forced to do
make your choice otherwise
to remove the masks of pretense

Reveal your true self
dance to your own tune
shake hands only when you agree
spear a smile on worthy beings
Samanmalee Abayasiri

ඇගේ එම කව  සිය බසට නැගීමේ ආශාවක් පැන නැගුනෙන් මතු දැක්වෙන වෑයම මවිසින් ගනු ලැබිණි. ඒ අනුව, මේ මවිසින් ඇගේ කවි සිය බසට නඟන්නට වෑයම් කරණ තෙවැනි අවස්ථාව ද වෙයි.

ඔබගේ විමසුම පිණිස ඉදිරිපත් කරමි.

තෝරා ගැණුම ඔබ සතුය
============================

සඟවාගෙන නොරිසි බව
අන් අණින්
නුහුරු පදයට
නැටවෙන
එකම මිනිසා ඔබ නොවේ
මේ ලොව


බලපෑම් නිසාවෙන්
සඟවාගෙන එදිරි බව
පිලිකුලින් බැහැර කළ යුතු වුව
සුරතින් සුරත ගෙන
හිතවත්වත්කම් පාන්නට පෙළඹුනු
එකම මිනිසා ඔබ නොවේ
මේ ලොව

විසුළුද
අවඥාව ද
උපහාසය ද
සිත යට දැරූවද
අණ වචනයට කීකරුව
හිතවත් හිනා පාන
එකම මිනිසා ඔබ නොවේ
මේ ලොව

අණක් ඇති බව ඇත්තකි
එහෙත්,
තෝරාගැනීමක් නොවෙද එය
ඔබගෙම
නොපා විරෝධය,
යටහත්ව කීකරුව දිගටම
මේ ලෙස
තෝරන්න අන් අයුරක්
ගලවාලෑමට
ව්‍යාජත්වයේ වෙස් මුහුණ


නියම ඔබ පෙන්වන්න
ඔබට රිසි රිද්මයකට රඟන්න
මනුසත් සුරතකට පමණක්
හදවතින් සුරත පාන්න
මනුසතුන් හා පමණක්
හදවතින් සිනාසෙන්න





-      යසනාත් ධම්මික බණ්ඩාර    -

No comments:

Post a Comment