Friday, November 18, 2016

අනේ!, අනේ මට දෙන්න අත්තටු.....




වෑයමින් කරණු ලබන පරිවර්තන කාර්යයේදී බොහෝ ජාත්‍යන්තර ඇගැයුමට ලක් වුණු නිර්මාණ සිය බසට නැගීම මුඛ්‍ය අරමුණ වුවත්, සිංහලයේ ඉපිද, සිංහලෙන් හිතන, සිංහලෙන් ලියන අතරේම, ඉංගිරිසියෙන් ලියන්නට හැකි ( කවි/ගී ) අතලොස්ස කරණ නිර්මාණ ඇස ගැටුණු විට සහ එය දැනුනු විට සිය බසට නොපෙරලිය යුත්තේ මන්දැයි මා සිතමි. එසේ සිතන්නේ මගෙන් ඒ පිළිබඳව කිසිවෙක් විමසූ නිසා නොවේ. නමුත් රට රාජ්‍යවල නම් දැරූ නිර්මාණම බොහෝ විට සිය බසට නැංවෙන වට පිටාවක කිසිවෙකුට එය අමුත්තක් සේ දැනෙන්නට ඉඩ ඇති බැවිනි. ඒ අනුවය මෙම නිර්මාණයත් සිය බසට නඟන්නේ.

එය ලියා ඇත්තේ සමන්මලී අබේසිරි කිවිඳියයි. මෙයද සිය බසට නැගූ විට මේ එක දිගට සිය බසට නගන්නට සහ මේ පිටුවට එක් කරන්නට යෙදෙන ඇගේ තුන් වන කවියයි. ඒ ඈ ලියූ කවි අතරින් පිට පිට මා නෙත ගැටුණු කවි තුනම සිය බසට නොනඟා සිටීමට මගේ සිතට ඉඩ නොදුන් බැවිනි. යම් හෙයකින් මගේ මේ උත්සායහන් එක් කොට කෘතියක් කරන්නට යෙදුන හොත්, ඇගේ කවි අඩංගු කොටසකුත් එහි අඩංගු වන්නට ඉඩ ඇතැයි සඳහන් කරන්නේ ඇගේ සමත්කම අගයනු පිණිසය.

වැඩි කතා බස් නොකොට අපි ඇගේ කවිය වෙත යමු.

Please ! Oh please give me wings !
===========================

It was only the first bud blooming
at a time the drizzle was still cold
the days were still short
feeling the warmth of young rays

Till the dew drops became warmer
the days became longer
when crowns were crowned with blooms
and adorned with colour;

Even When rains started hard
at the time of monsoons
with rolling thunder around
even when clouds imprisoned the sun;

Day by day - one eve after another
you and me together we were here
side by side looking into eyes
seeing me in yours and you in mine;

Where have you gone
leaving me here all by my self
drenched in sorrow so damp
Please ! Oh please give me wings
Samanmalee Abayasiri

Please ! Oh please give me wings ! දුටු සැනින් සිත් පැහැර ගනු ලබන්නේ පළමු පෙරළුම එක හුස්මට කිරීමට තරම් එය මවෙත පෙළඹවීමක් ඇති කරන්නට සමත් වුණි. 

බොහෝම සරලව කිව්වොතින් එහි අදහස මෙසේය.

අපි නරක කාලෙදිත් හමු වුණා. හොඳ කලක් ඒවිය යන පැතුමින්. 

හොඳ කාලෙත් ආවා. එතකොටත් අපි ඒ විදිහටම හමු වුණා. 

ඒත් නොහිතපු විදිහට ඔයා අද ඈතක ගිහින්. 

අර සියළු සොඳුරු මතක සමග අද මම තනිවම.

මකය සොඳුරු වුණු තරමට,
සොඳුරු මතකයක් හා තනිවන්නට වුණු තරමට,
දැඩිය දුකඳුර

එන්න ඇති නම් මටත් ඔබ සොයා පියඹා ගෙන. ඒත් මට කොහිද අත් තටු.

අනේ මට දෙන්න අත්තටු.

එම අදහස දරමින් ඇගේ කිවය සිය බසට පෙරලා කිහිප විටක් සැකසීමෙන් පසු එය මෙලෙස විය.

වෑයම මා සතුය. ගුණදොස් පැවසීම ඔබ සතු කාර්යයකි.

අනේ!,
අනේ!,
මට දෙන්න.......
අත්තටු.....
===========================

ඇස් හැර බලන්නේ තවමත්
මලක් ලෙස
වසන්තේ පළමු පොහොට්ටුව වුව
ගෙනෙන්නේ තාමත් සුළඟ
සීතල ම වුව
ගෙනෙන්නේ
පමාවී නැගෙන හිරු
කෙටිම කෙටි දවස් වුව,

දැනේ හීන් උණුහුමක්
තුරුණු කිරණක.......

උණුහුම් වනතුරු
පිණි බිඳු
දිගුවන තුරු දහවල
කිරුළු පළඳිනාතුරු
තුරුහිස්
හැඩව නන් වණින්....

අඳිමින් අහස් කුස දසත
විදුලි රේඛා
ඇරඹුණේ
මෝසමේ දැඩි වරුසාව වුව
වළාකුළු රොක්ව වටකොට
තම අඩස්සියට ගත්තේ වුව
හිරු

දිනෙන් දින
සැඳෑවෙන් සැඳෑව
ඔබත් මාත් එක්ව මෙහි
සිටිමින් සමීපව දෙපසින්,
එබී දෑසින් දෑසට
දකිමින්
මා ඔබ තුළ
ඔබ මා තුළ.......

ඉතින් ඒ ඔබ
කොහි ගියෙද
තබා
ඒ සොඳුරු සැමරුම්
මා සමග

ගිල්වා
තනිව
මා
කඳුළු සයුරක
රුදු වේදනාවක

අනේ !
අනේ !!
මට දෙන්න
අත් තටු
පියාඹා එන්නට.....

අන් බසින් සිය බසට පෙරලීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.





-      යසනාත් ධම්මික බණ්ඩාර    -

No comments:

Post a Comment