Saturday, May 7, 2016

Million Man March Poem by Maya Angelou





මේ කවියට මාතෘකාවක් සෙවීම උගහට විය. Maya Angelou නම් කිවිඳියගේ Million Man March නම් මේ කවෙහි මාතෘකාව සිංහලට පරිවර්තනය කරන්නට යාමට වඩා අන් මාතෘකාවක් යෙදීම සුදුසුය යන හැඟුමින් මා ඊට යෙදුවේ යදමින් මිදෙනු වස්........ යන මාතෘකාවයි.

මේ  
 මායා අන්ජිලෝ
යනු කවුරුන්දැයි සොයන්නට මට අවැසි වුව, ඒ සඳහා වෙහෙසෙන්නට අවැසි නොවුණේ මුහුණු පොතෙහි පරිවර්තන කවි පිටුව පවත්වාගෙන යන සමන්මලී අබේසිරි ගුණවීර ලේඛිකාව / කිවිඳිය මේ කවිය ගැන අදහසක් ලියමින් ඒ තොරතුරු සම්පාදනය  කිරීම හේතුවෙනි. එබැවින් මා හට ඒ තොරතුරු සෙවීමේ අවශ්‍යතාවක් නොවුණි. ඒ අදහස් සමඟ මේ කවිය ගැන යම් කෙටි ඇගැයුමක්ද වූ අතර එය නොමකාම  මෙහි පළ කළෙමි.
මතු දැක්වෙන්නේ ඇගේ ඒ අදහස් දැක්වීමයි.

නම් හැබෑවට ම අසිරිමත් ලඳකි. මාගරිටා ඇනී ජොන්සන් නමින් ඈ මෙලොව උපත ලැබුවේ 1928 අප්‍රේල් 4 වෙනිදාය. ජීවත් වන්නට ඈට බොහෝ දේ කරන්නට සිදුවිය. යොවුන් වියේදී ඇය මෙහෙකාරියක, වෛශ්‍යාවක, රාත්‍රී සමාජ ශාලවක නළඟනක ලෙස හා ඔපෙරා නාටිකාංගනාවක ලෙසද මෙහෙ කරන්නට සිදුවිය.


ඈ ලියූ ස්වයං චරිතාපදානය පොත් හතකින් යුතු විය. කවි පොත් කිහිපයක්ද බොහෝ නාට්‍ය රචනාද චිත්‍රපටද රූපවාහිණී වැඩසටහන්ද ඇගේ නිර්මාණ දිවිය ගැන දෙස් දෙයි.

අනේක සම්මාන වලින්ද පණහකට අධික ගෞරව උපාධි වලින්ද ඈ පිදුම් ලද්දීය.
ඇගේ නිර්මාණ බොහෝමයක් සමාජ විවරණයන්ය - ඒවා සර්වකාලීනය. අතිශයින් ප්‍රබල හැඟුම් දනවන සුළුය.


දෙවසරකට පෙර, එනම් 2014 වසරේ මැයි මස 28 වැනිදා, ඈ අප අතරින් නික්ම ගියේ ඇගේ නිර්මාණ අප වෙත තබාය.

මායා ඇන්ජලෝ නම් වන්නීය. ඈ නම් සැබැවින්ම අසිරිමත් ලඳක් බව දැන් ඔබට වැටහෙනු ඇත.


ඇගේ කවි වල මට දැනෙන අපූරු රිද්මයකි. මේ කවෙහිත් ඒ රිද්මය මනාව පවතී.
යසනාත් ගේ මේ පරිවර්තනය අගේ ඇති පරිවර්තනයක් වන්නේ එබැවිනි. මෙහි ද ඒ රිද්මය එලෙසම පවතී. එමෙන්ම මුල් කවෙහි දැනවුම් එලෙසින් ම දනවන්නට මේ පරිවර්තනය සමත් ව ඇතැයි මට හැඟේ.

මේ මායා ඇන්ජිලෝ ගේ එම කවයි.

Million Man March Poem by Maya Angelou

The night has been long,
The wound has been deep,
The pit has been dark,
And the walls have been steep.

Under a dead blue sky on a distant beach,
I was dragged by my braids just beyond your reach.
Your hands were tied, your mouth was bound,
You couldn't even call out my name.
You were helpless and so was I,
But unfortunately throughout history
You've worn a badge of shame.

I say, the night has been long,
The wound has been deep,
The pit has been dark
And the walls have been steep.

But today, voices of old spirit sound
Speak to us in words profound,
Across the years, across the centuries,
Across the oceans, and across the seas.
They say, draw near to one another,
Save your race.
You have been paid for in a distant place,
The old ones remind us that slavery's chains
Have paid for our freedom again and again.

The night has been long,
The pit has been deep,
The night has been dark,
And the walls have been steep.

The hells we have lived through and live through still,
Have sharpened our senses and toughened our will.
The night has been long.
This morning I look through your anguish
Right down to your soul.
I know that with each other we can make ourselves whole.
I look through the posture and past your disguise,
And see your love for family in your big brown eyes.

I say, clap hands and let's come together in this meeting ground,
I say, clap hands and let's deal with each other with love,
I say, clap hands and let us get from the low road of indifference,
Clap hands, let us come together and reveal our hearts,
Let us come together and revise our spirits,
Let us come together and cleanse our souls,
Clap hands, let's leave the preening
And stop impostering our own history.
Clap hands, call the spirits back from the ledge,
Clap hands, let us invite joy into our conversation,
Courtesy into our bedrooms,
Gentleness into our kitchen,
Care into our nursery.

The ancestors remind us, despite the history of pain
We are a going-on people who will rise again.

And still we rise.

මේ කව වහල් සේවය පිළිබඳවය. වහළුන් සේ අල්ලාගෙන සෙවයට යොදා ගනු ලැබුවේ වැඩිපුරම කළු ජාතිකයින් ය. මේ කවෙහි අරුත වහල් සෙවය අවසන් කිරීම හා වහල් සේවයෙන් අනතුරුව වුව, වහළුන්ට නොදෙවෙනි දිවියක් ගත කරණ කළු ජාතිකයින් හට කෙරෙන්නා වූ වෙනස් කම් අවම කර නැති කර දැමිමය.

කළු ජාතිකයින්ද මිනිසුන්ය. කළු ජාතිකයින්ට ඇත්තේ සුදු ජාතිකයින්ටද හිමි මානව හිමිකම්මය යන අරුතද මෙහි ගැබ් වෙයි. 

කවිය ඇරඹෙන්නේ කළු ජාතික වහළුන්ට සිදුවන නිමාවක් නැති කුරිරු වධ බන්ධන පිළිබඳ ප්‍රකට කරමිනි. අනතුරුව වහලෙකුය යන සදාකාලික නින්දාවේ මුද්‍රාවෙන් සමහරුන් උකලිව වහල් බව යනු සිය උපන් උරුමය සේ සලකන අයුර කියා පායි. ඉනුත් අනතුරුවය කවියෙහි කතා නායක, ඇරඹුමේ සිට මේ දක්වා වහල් සේවයට එරෙහිව නැගී සිටි මිනිසුන්ගේ පැතුම් සහගත හඬෙහි ඇති ශක්තිය බලය පිළිබඳව සිය ජනතාවට හඬ නඟන්නේ. 

ඔවුන් වහල් බවේ යදමින් මිදිය යුතුය. එපමණක් නොව ඉන් අනතුරුව සිදු වෙන වෙනස් කම් වලින්ද මිදිය යුතුය. මේ කවිය පුරා ඇත්තේ විසිරී උකටලිව සිටින සිය සගයින්ට ඒ සඳහා එක් වන ලෙස කෙරෙන්නාවූ ඇරියුමයි.

එය සිංහලට නැඟුනේ මෙලෙසිනි.



යදමින් මිදෙනු වස් ........

දිගුම දිගු වෙයි රැය
ගැඹුරුම ගැඹුරු වෙයි රිදුම
අඳුරුම අඳුරු වෙයි අගාධය
දුෂකර ය බිඳ දැමුමට කොටු පවුර

දුර ඈත මුහුදු තෙරක
මළානික නිල් අහස යට
කෙස් වැටියෙන් අල්ලා
මා
ඇදගෙන යනු ලැබිනි
ළඟා විය හැකි දුරට
මදක් එපිටිනි නුඹ සිටියේ

නුඹේ අත් ගැට ගසා
නුඹේ මුව බැඳ තිබිණ
නොහැකි වුණි මිමිනුමට නුඹ හට
මගේ නම වත්
අසරණ විය නුඹ ද
මා මෙන්ම
නමුත් අවාසනාවට
ඉතිහාසය පුරාවටම
නුඹ සිටියේ
පැළඳගෙනය නින්දාවේ මුද්‍රාව

මම කියමි,
දිගුම දිගු වෙයි රැය
ගැඹුරුම ගැඹුරු වෙයි රිදුම
අඳුරුම අඳුරු වෙයි අගාධය
දුෂකර ය බිඳ දැමුමට කොටු පවුර

නමුදු අද,
එකල පැතුම් සහගත හඬෙහි රාවය
පුරා වසර, ශත වර්ෂ ගණනක්
සාගර මහ මුහුදු හරහා විත්
හෘදයංගම හඬින් කියයි අප හට
රොක් වී එකිනෙකා ළඟට
ඔබේ වරිගය සුරකිනා ලෙස
ඈත දිනකදී
ඈත තැනකදී
ඔබට ගෙවා ඇති
වහල් බවේ යදම ගැන

පැරැන්නන්
මතක් කර දෙයි අප හට
යළි යළිත් ගෙවා ඇති වග ඔවුන්
අපේ උස් නිදහස වෙනුවෙන්

දිගුම දිගු වෙයි රැය
ගැඹුරුම ගැඹුරු වෙයි රිදුම
අඳුරුම අඳුරු වෙයි අගාධය
දුෂකර ය බිඳ දැමුමට කොටු පවුර

නේක නිරයන්
අප විසූ සහ දැනුදු දිවි ගෙවන
ලැබ දී පන්නරය
අපේ අභිප්‍රායනට
අපේ අරමුණු දැඩි කොට ඇත

දිගුම දිගු වෙයි රැය,
මේ උදයේ,
මම දකිමි ඔබ තුළින්
ඔබේ ආත්මය තුළ ගිලුණු
මහත් වූ සන්තාපය
මම දිනිමි,
එකිනෙකා හා එක්වී
අපට හැකි බව යළි ගොඩ නැඟීමට

මම දකිමි ඔබ තුළින්
ඔබේ ඉරියව් සහ අතීත වෙස් මාරු
එලෙසින්ම මම දකිමි
ඔබේ ලොකු දුඹුරු ඇස් වල ලියැවුණු
ඔබ පවුල කෙරෙහි ඔබ තුළ වන
මහත් වූ ආදරය

මම කියමි, අතපොලසන් දෙන්න,
මේ හමුවීමේ බිමේදී, අපි සියල්ල එක්වෙමු
මම කියමි, අතපොලසන් දෙන්න,
අපි එකිනෙකා ආදරයේ ගනුදෙනු කරමු
මම කියමි, අතපොලසන් දෙන්න,
අපි අසමානත්වය අවම මාවත ගනිමු
මම කියමි, අතපොලසන් දෙන්න,
අපි එකතු වී අපේ හදවත් විවරණය කරමු
අපි එකතු වී අපේ ජීව ගුණය මෙනෙහි කරමු
අපි එකතු වී අපේ ආත්මයන් පිරිසිදු කර ගනිමු
අතපොලසන් දෙන්න, අපි උඩඟු සිතුවිලි අත්හරිමු
එමෙන්ම අපි,
අපේ ඉතිහාසයේ
ප්‍රතිරූපකයින් වීම නවතමු
අතපොලසන් දෙන්න,
කැඳවන්න යළි ජීව ගුණය මුළු ගැන්වී සිටි තැනින්,
අතපොලසන් දෙන්න, අපි ඇරියුම් කරමු සතුටට
අපේ කතා බස් වලදී
ආචාරශීලීත්වය අපේ නිදන කාමර වෙත

මෘදුභාවය අපේ මුළුතැන් ගේ තුළට
සුරක්ෂිත බව අපේ කැදැල්ලට

මුතුන්මිත්තන් මතක් කරණුයේ අප හට,
කොතෙක් වේදනා කාරී අතීතයක් තිබුණද,
අපයි වත්මන් ජීවය
දිනක නැගිටින

එමෙන්ම,
තවමත් අපි නැගිටිමු

Million Man March Poem by Maya Angelou
සිය බසට නැඟුමේ උත්සාහය,



-      යසනාත් ධම්මික බණ්ඩාර   -

1 comment: