Venceromus යනු
අපි නැගෙන්නෙමු
අපි දිනන්නෙමු
යන අරුත ගෙන දෙන වදනක් බව පෙර පළ කළ සටහන කියවූ ඔබ මේ වන
විට දන්නා කරුණකි. එය නොකියවූ යමෙකුට මේ පිවිසුමෙන් ඒ වෙත යා හැකිය.
මේ සටහනේ හිසට Venceromus 2 යන්න යෙදුවේ Venceromus නමින් වන ගීත කිහිපයක්ම ඇති බැවිනි. එහි පළමු කොටස
ලෙසිනි මීට පෙර සටහන පළ කළේ.
අද මා ඉදිරිපත් කරණු ලබන්නේ Venceromus හි තුර්කි බසින් නිමි ගීතයේ ඉංගිරිසි පරිවර්තනය ඇසුරින්
මා අප බසට නැංවූ ගීතයයි. එය ගයනු ලබන්නේ Grup Yorum නම් වන ගායක කණ්ඩායම විසිනි.
මේ ගීතය එහි පළමු ගීතයේ ම බිඳුමකි. චිලියානුවන්ගේ අරගලය
ගැනය මෙහි ද ඇත්තේ. ඒ අරගලය කුමක්ද යනුවෙන් කීමට අමතරව ඊට සුබ පැතුමද, ඉන් නොනැවතී
එවන් අරගලයක ආශ්චර්යය, දිරිය සිය අරගලයට එක් කර ගැනීමද මෙහි අරමුණ විය යුතුය.
Venceromus Turkish
Version (Grup Yorum)
The silence is broken by a storm.
On the horizon the sun's coming up.
The people come out of their shanties,
All Chile breaks out in song.
We shall prevail, we shall prevail!
We must break away our chains.
We shall prevail, we shall prevail.
Put and end to deprivation and
oppression.
The people are struggling in Chile,
With all of their courage and strength,
Damn the murderous junta
Long live the Unidad Popular
We shall prevail, we shall prevail!
We must break away our chains.
We shall prevail, we shall prevail.
Put and end to deprivation and
oppression.
Crying for the past is in vain
The future surely belongs to socialism
You shall build your tomorrow today
That will be your legacy
We shall prevail, we shall prevail!
We must break away our chains.
We shall prevail, we shall prevail.
Put an end to deprivation and
oppression.
එය සිය බසට නැංවීමේ
මගේ වෑයමය මතු දැක්වෙනුයේ.
හදිසියේ
ආ කුණාටුවක්
නිහැඬියාව
බිඳ දමා ඇත
සිතිජයෙන්
මතුව හිරු නැඟ එයි
සිය
පැල්පත් වල සිට ජනතාව ඇදී එයි
සියළු
චිලි වැස්සන්,
එකම එක
ගීයක් ගැයුමට රොක් වෙයි
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
අපි
අපව බැඳ දැමූ මේ යදම්
බිඳ
දැමිය යුතුමය
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
අගහිඟකම
හා හිංසනය නිම කළ යුතුමය
චිලීයෙහි
සහෝදර ජනයා
අරගල
කරමින් සිටි
සිය
සියළු ශක්තිය ධෛර්යය යොදමින්
පළවා
හැරුමට මිනීමරු පාලනය
දිගු
කල් දිනේවා ජනප්‍රිය එකමුතුව
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
අප
යදම් බිඳ දැමිය යුතුමය අප
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
අගහිඟකම
හා හිංසනය නිම කළ යුතුමය
අතීතය
ගැන හඬා වැලපී ඵලක් නැත
හෙට දිනය
පැහැදිලිවම සමාජවාදයටය
ඔබේ
හෙට ඔබ අද ගොඩනැගිය යුතු වෙයි
ඔබේ
උරුමය වේය එය
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
අප
යදම් බිඳ දැමිය යුතුමය අප
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
අගහිඟකම
හා හිංසනය නිම කළ යුතුමය
මේ අතර මෙම ගීතයේ ජර්මානු ගීතයකුත් ඇත. එහිද ඇත්තේ චිලියානු අරගලය පිළිබඳවම ය. හරියට තුර්කි ගීතයේ මෙන් ම. එහෙත් මේ කිසිදු ගීයක් එකකට
එකක් සමාන නැත. එහෙත් ඒවාගේ අරුත් ගත් විට බොහෝ සෙයින් සමානය.
මතු දැක්වෙන්නේ එහි ජර්මාණු ගීතයේ ඉංගිරිසි
පරිවර්තනයයි. අනතුරුව එය සිය බසට නැංවීමට මා ගත් වෑයමද ඉදිරිපත් කොට ඇත.
German Version
(Hans Georg Albig)
1.
When the outcry of the people
Fought its way out of the bosom of the
defiled homeland
The sun came up over the mountains,
And all of Chile broke out in song.
With the courage of the fearless
soldier,
Immortal, tho' young he did die,
We confront death itself,
For our homeland we'll never betray.
Venceremos, venceremos!
Break the chains of the people, come on!
Venceremos, venceremos
Free from misery, greatness is ours.
2.
We are workers, peasants, and soldiers,
Women, too, stand for the fatherland.
We are miners or we are students,
Our homeland can count on us.
Socialism shall be our future,
History has finally progressed,
Now the harvest of all Chile's fields
serves
Everyone, everyone, everyone.
1.
කෙලෙසනු
ලැබ ඇති කල මවු බිම
හද
පතුලෙන්ම නැගි වේදනාවෙන්
සටනට
වන් ජනයා
ගර්ජනා
කරණ අතරේ
කඳුවැටිය
තරණය කරමින්
හිරු
නැඟ එයි
සියළු
චිලියානුවන්
එකම
එක ගීයක් ගයන්නට
රොක්
වෙයි
සිය
දිවියම කැපකොට
ආදර්ශයක්
වුණු
අභීතවිරුවෙකුගේ
ඉතිහාසගතවූ
අනන්ත
දිරිය සමඟින්
අපි
මරණය හා ගැටෙමු
එහෙත්
මවු බිම නම් කිසි විටෙක
පාවා
නොදෙන්නෙමු
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
එන්න,
ජනයා බැඳ දමා ඇති
මේ යදම්
බිඳලන්න
අපි
නැගෙන්නෙමු
අපි
දිනන්නෙමු
මිදෙමු
මේ අන්ත දුක්ඛිත බවින්
ශ්‍රෙෂ්ඨත්වය
අපගේය
2.
අපි
කම්කරුවන්ය
සෙබළුන්
ය
කාන්තාවන්
පවා,
පීතෘ
භූමිය වෙනුවෙන් රොක්ව ඇත
අපි
සිසුන් , පතල් කම්කරුවන්
අපේ
මවු බිම අයදියි
අපෙන්
යමක්
සමාජවාදය
ය අපගේ හෙට දවස
අවසානයේ
ඉතිහාසය යයි ඉදිරියට
දැන්
චිලීයෙහි සෑම බිමකම
අස්වැන්න
සැමටම
ය
සැමටම
ය
සැමටම
ය
-
යසනාත් ධම්මික බණ්ඩාර -


No comments:
Post a Comment