Doctor Zhivago රුසියානු සාහිත්‍යයෙහි එක් ඉතා උසස් කෘතියක් ලෙස සැළකේ. එහි අවසානයෙහි, කතානායකයා වන යූරි ශිවාගෝ විසින් රචිත ලෙස කියැවෙන අපූරු කවි ගොන්නකි.
Winter Night ඉන් එකකි.
ලෝක යුද්ධයක් යනු ශිශිරයක් නොවන්නේද - ඉන් මිදෙන්නට ලෝකයට හැකිවේද - සිත්
තුළ ඇති බලාපොරොත්තු සුළඟින් නිවී යා හැකි ඉටි පහන් වැනිය.
මෙවැනි දේ මේ කවෙන් කියැවෙන්නේද?
Doctor Zhivago ලියන ලද්දේ
බරීස් පස්තර්නැක්
විසිනි - එනිසා මේ කව ලියා ඇත්තේද ඔහුමය.
Winter Night
==========
It snowed and snowed ,the whole world
over,
Snow swept the world from end to end.
A candle burned on the table;
A candle burned.
As during summer midges swarm
To beat their wings against a flame
Out in the yard the snowflakes swarmed
To beat against the window pane
The blizzard sculptured on the glass
Designs of arrows and of whorls.
A candle burned on the table;
A candle burned.
Distorted shadows fell
Upon the lighted ceiling:
Shadows of crossed arms,of crossed legs-
Of crossed destiny.
Two tiny shoes fell to the floor
And thudded.
A candle on a nightstand shed wax tears
Upon a dress.
All things vanished within
The snowy murk-white,hoary.
A candle burned on the table;
A candle burned.
A corner draft fluttered the flame
And the white fever of temptation
Upswept its angel wings that cast
A cruciform shadow
It snowed hard throughout the month
Of February, and almost constantly
A candle burned on the table;
A candle burned.
මේ එම කවිය
ගැයුණු අවස්ථාවකි.
මෙම
හැඳින්වීම කර තිබුණේ සාහිත පරිවර්තන කාර්යයේද නියුතුව සිටින, කිවිඳියකද වන
සමන්මලී අබේසිරි සොයුරිය විසිනි. ඒ තමන්
විසින් කරණ ලද ඉහත පරිවර්තනය ඉදිරිපත්කිරීමේදීය.
ඇය විසින්
තැබූ සටහන කියවූ සැනින් මා සිත නැඟුණු සිතිවිල්ල වූයේ, ඇගේ පරිවර්තනය කියවීමට
විඳිමට පෙර මා මෙම කව සිංහලට නැඟීමට වෑයම් කළ යුතුය යන්නය. අනතුරුව ඇයගේ කවද සමග සැසඳිය
යුතුය යන්නය. එය එකම විදෙස් කවක් වුව, දෙදෙනෙකු අතින් දෙවිදිහකට ලියැවිය හැකිය යන්න පෙන්වීමටද රුකුලක්
වෙයි.
කෙසේ වෙතත්,
බරීස් පස්තර්නැක් විසින්, සාහිත්‍යය යනු
කුමක්දැයි යන්නට ප්‍රකට කළ අදහසක් ඔහුගේ කව සිය බසට නැඟීමේ මගේ උත්සාහය දැක්වීමට
පෙර දැක්වීමට කැමැත්තෙමි.
Literature is the art of discovering
something extraordinary about ordinary people, and saying with ordinary words
something extraordinary.
Boris Pasternak
සාහිත්‍යය යනු, සාමාන්‍ය මිනිසුන් තුළ වන වෙසෙස් දෙයක් සොයාගැනීමේත්, එම
වෙසෙස් දෙය, සාමාන්‍ය බසින් කීමේත් කලාවයි.
ඒ ඔහු විසින් දැරූ අදහසයි. එය සත්‍යයක් වන්නේ,
සාහිත්‍යකරුවන්, සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වල ඇතුළාන්තයට එබී වෙසෙස් නිමිති සොයා
ගෙන, ඒවා අලංකාරවත් බවකින් සාමාන්‍ය බසින් ඉදිරිපත් කර ඇති අයුරු දකිනා විටය.
ඔහුගේ මෙම කවෙහි වුව එය දැක ගත හැකි වෙයි.
දැන්, එම කව
සිය බසට නගන්නට මවිසින් ගන්නා ලද උත්සාහය මෙසේ ඉදිරිපත් කරමි.
ශිශිරයෙහි රාත්‍රියක්
හිම
වරුසාවන්
වැස්සවී
වැස්සවී
මුළු
ලොවටම ඉහළින්
වැස්සවී
එහා
කොන සිට මෙහා කොන තෙක්
වසා
ඇත සුදු හිමෙන් ලෝකය
දැල්වෙන
ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන
ඉටි පහනක්ය
ගිම්හානකාලේ
රංචු
රංචු හෝහපුටන්
පහන්
දැල්ලේ ගැටෙන්නා සේ
ගැටි
ගැටී උන් නැසෙන්නා සේ
සුදුම
සුදු හිම පියලි
ගොඩ
ගොඩ
ගැටී
ජනෙල් වීදුරු මත
වැටෙයි
ගෙමිදුළ පුරා සැම අත
හිම
කුණාටුව හා විත්
වැදී
හිම පියලි වීදුරු මත
හී
තුඩු සහ සුළි අන්දම්
කපා
ඇත කැටයම්
දැල්වෙන
ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන
ඉටි පහනක්ය
විපරිත
සෙවනැලි වැටෙයි
ආලෝකමත්
සිවිලිම මත
හරහාට
හිටී දෛවයේ,
හරහාට
බැඳුණු අත්වල හා
හරහාට
තබා ගත් කකුල් වල
සෙවනැලි
කුඩා
මිරිවැඩි දෙකක්
ඇද
වැටී බිම
නැගුණි
බොල් හඬක්
ඉටි
රඳවනයක දැල්වෙන ඉටි පහනක්
වගුරවයි
ඉටි කඳුළු
ඇඳි
වතක් මත
සියළු
දේ සැඟව යයි
අඳුරු
සුදු
පුළුන්
රුවුල් වන් හිම තුළ
දැල්වෙන
ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන
ඉටි පහනක්ය
ඈත
කොණකින් හමා ආ
විප්ලවයේ
නළ රළ
ලෙළවීය
ඉටි පහනෙහි දැල්ල
එහෙත්,
වද
හිංසා පීඩා ගෙන දෙන,
බලලෝභයේ
ව්‍යාධිය
උඩු
යටිකුරු කුරිසියක
සෙවනැල්ල
සේ වැටිණ
ඒ
මත
එ්
පෙබරවාරිය
හිම
වැස්සවීය දැඩි ලෙස
මුළු
පෙබරවාරිය පුරාම
මුළු
පෙබරවාරිය පුරාම
එක
සීරුවට වාගේ
දැල්වෙන
ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන
ඉටි පහනක්ය
Boris Pasternak ගේ කවෙහි
ඉංගිරිසි පර්වර්තනය ඇසුරින්
සිංහලට
නැගීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.
සමන්මලීගේ සටහනෙන් මා ඇස පළමුව ගැටුණේ Boris
Pasternak ගේ කවෙහි ඉංගිරිසි පර්වර්තනයයි. දෙවනුව ගැටුණේද ඇගේ
පරිවර්තන කව නොවේ. මේ ඉංගිරිසි පරිවර්තනය දුටු සැනින් මා සිතට නැගුණු අදහසයි. ඒ
නම් මෙන්න මේ කොටසයි.
හිම
වරුසාවන්
වැස්සවී
වැස්සවී
මුළු
ලොවටම ඉහළින්
වැස්සවී
අනතුරුව
සුළු සුළු සංස්කරණයන් සමග සිය බසට නැගීමේ වෑයම මහත් වෙලාවක් නොගෙන සිදු කළ හැකි විය.
එනම්, වෙනත් කවකට වඩා අඩු වෑයමකින් එය කළ හැකි විය. එහි සාර්ථක අසාර්ථක බව මැනීම
ඔබ සතුය. එය ඔබට තබා මා දැන් සමන්මලී අබේසිරි කිවිඳිය
විසින් කළ පරිවර්තනය මෙහි ඉදිරිපත් කරමි.
ශිශිරයේ
රැයක්
==========
නොනැවතී හිම වැටුණ
රුදුරු ශිශිරයක් වීය ඇට මිදුළු පවා මිදෙන
ලොව පුරා හතර අත හිම වැටුණ
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ
උණුහුම් ගිම්හානයේ කෘමි කැළ
රොද බැඳ මියෙන්නාසේම පහන් සිලෙහි වැදී
රොද බැඳ බිඳේ හිම කැට තුහින
ගැටී කවුළු පියනෙහි
කවුලු පියනෙහි කැටයම් කරයි
හැඩ තල ඊතලද සුළි ලෙසද දිස්වෙන
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ
විපරීත සෙවනැලි ඇඳෙයි
මද එළියෙන් උඩු වියනෙහි
හකුළා ගත් දෑත් හකුළා ගත්
හා අවිනිශ්චිත ඉරණමක සෙවණැලි
කුඩා පාවහන් යුගලක් බිම පතිත වුණි
බොල් හඬක් නැගුණි
පහනක් හෙළූ ඉටි කඳුලක් ධාරකය තෙමා ගොස්
පතිත විය හැඳිවතෙක
සියල්ල සැඟව ගියේය සැණෙකින්
හිම ලෙසම සුදුමැලි අඳුරු අතීතයක
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ
විදී කොණෙකින් පිබිදුණු මාරුතයකින් ලෙලදුණි පහන් සිල
එද එකාධිපති වර්ණ භේදයෙන් උඩුයටිකුරුව
දේවදූතයන්ගේ පියාපත් හැඩගත් ඡායාව
දිස්වුණි නිරයේ කටු ඉඹුල සේම
පෙබරවාරිය අවසන් වනතෙක්ම තදින්ම හිම වැටුණි
එක දිනක් නෑරම සීතල හිම වැටුණි
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ
අනුවාදය - සමන්මලී අභයසිරි
මෙම පරිවර්තන
දෙකම විමසූ කල එකම කවෙන් බිඳුනද, එකද අරුත නැඟුනද, ඒවා ලියැවුණු ආකාරය, ගලා යන
ආකාරය, ලියැවුණු විරිත්, භාෂා වෙනස් කම් ආදිය දැක ගත හැකි වනු ඇත. ඉන් කුමන
පරිවර්තනය අනෙකට වඩා ඉහළින් තැබිය හැකිද යන්න විමසිමක් නොවේ මේ. සිතුණු නිසා කළ
අතර දෙකක් ඇති නිසා සැසඳීමට ඉදිරිපත් කළා පමණි.
-
යසනාත් ධම්මික බණ්ඩාර -




No comments:
Post a Comment