අභීත සහ බිය උපදවන සුළු සත්‍යයක්-
මායා ඇන්ජිලෝ
අන් බසින් ලියැවුණු කවි ගී සිය බසට පෙරලීමේ මගේ වෑයමේදී
අවසානයට මම පළ කරණු ලැබුවේ, මායා ඇන්ජිලෝ ගේ හාර්ලෙම්හි බට්ටෝ පැනුම නම් වන කවියයි.
මගේ එම වෑයම පසසා නිලූක
කදුරුගමුව ( Niluka Kadurugamuwa ) විසින්
මෙවැනි සටහනක් තබා තිබුණි.
ඉතා ප්‍රශස්ත වෑයමක් යසනාත්. ඔබට සුබ පතමි.
එක්සත් ජාතීන්ගේ හැත්තෑවැනි සංවත්සරය නිමිත්තෙන් එහි
මූලස්ථානයේදී පසුගිය ඔක්තෝබරයේ පැවැති උත්සවයේදී මායා ඇන්ජෙලෝගේ මුණුපුරු කොලින් ජොන්සන් ඇයගේ "A
brave and startling truth" නමැති කවිය කියවනු අසා සිටියෙමි. එයත් මායා ඇන්ජෙලෝගේ ප්‍රබල කවියක්. එය හැකිනම් පරිවර්තනය කරන්න.
නැවතත් ඔබට සුබ පතමි.
පසසන්නට පැමිණි ඔහු මාව ඇද දැමුවේ මහත්ම අභියෝගයකටය. "A brave and startling truth" කවිය දුටු විට මගේ බඩ පපුව දන්නට ගත්තේය. එය හරියට, තණ්ඩලේ දෙන්න දෙපොලේ කවියේ,
හපුතලේ කන්ද දැකලා බඩ දනවා.......
යන පේලියෙහි වැන්නකි. ඊට හේතුව වූයේ එහි දිග මාගලකටත්
වඩා තවත් ටිකක් වීම නිසාය.
වෑයමින් අන් බසින් ලියූ කවි සිය පසට නඟන මට එය මහත්
අභියෝගයක් නොවන්නේ කෙලෙසින්ද? එහෙත් ඒ අභියෝගය අහක දමන්නටත් නොසිතුනි. බාරගෙන සිටි
දින ටිකේ, අවස්ථා ගණනකදී දුර්මුඛ වුණි. ඒ දුර්මුඛ බවින් මිදෙන්නට දිරි දුන්නේ කවි
සොයුරි සමන්මලී අබේසිරි ( Samanmalee Abayasiri ) ය. ඈට කෘතඥ විය යුතුය.
දැන් "A brave and startling truth" වෙත හැරිය
යුතුය.
මායා ඇන්ජිලෝගේ
මේ කවියෙහි ප්‍රධාන තේමාවල් දෙකක් වෙයි. එනම් සංචාරය සහ
ගමනාන්තයයි.
ඇගේ කවිය තුළ මේ සංචාරය තෙවැදෑරුම් ය. ඒ සියල්ල තුළින්
ඈට ගම්‍ය කරනට අවැසිව ඇත්තේ මිනිසුන් ගේ තරග දිවිමය.
අභ්‍යාවකාශය හරහා සංචාරය, ඉතිහාසය හරහා සංචාරය, යහපත්
අනාගතයක් වෙත කරනා සංචාරය වශයෙන් එය හඳුනාගතහැකි වෙයි.
අභ්‍යාවකාශය හරහා කරණා සංචාරයේදී, අප, අඳුරු අනන්ත
අවකාශයක් තුළ භ්‍රමණය වෙමින් ඇදි යන හුදෙකලා කුඩා ගල් කැටයක් තරම් කුඩා ලොවක දිවි
ගෙවන්නන් බඳුය.
අපි
මේ මිනිස්සු
සරල අවකාශයක් තුළ
සරනා
තනිවී දුර ඈතකට තල්ලු වී සිටින
තාරකා පසුකර
උදාසීන සූර්ය පථ හරහා
ගමනාන්තයක් වෙත ඇදෙනා
එම කොටසින් කියා පාන්නේ එයයි.
අභ්‍යාවකාශය හරයා යන සංචාරය මතු නොව ඉතිහාසය හරහාද අප
එලෙසින්ම ගමන් කරයි. එහිදී කිවිඳියට අප ශිෂ්ඨාචාරය ගොඩනැගුණු අන්දම සහ මිනිසුන් ලෙස අප සිටින තැන ගැන සිතනු දකින්නට
අවැසි වෙයි. මිනිසා විසින් ගොඩ නැගූ සියළු පුදුමයන් ගැන ඈ කතා කරයි. එමෙන්ම
ස්වභාවධර්මයා විසින් ගොඩනගන ලද අරුමයන් ගැනද එහි කතා වෙයි. මිනිසා විසින් ගොඩ නැගූ
දේ සමඟ වර්තමාන මිනිසා දක්වා වෙනස් වූ අයුර ගැන ඈ කියයි.
අනතුරුව එළඹෙන සංචාරය යහපත් අනාගතයක් දක්වාය.
අප අවකාශය තුළින් යන්නෙමු. ඉතිහාසය හරහා යන්නෙමු. එහෙත්
අපි යන්නේ කොයිබටද? අපි යම් දිනක නිසි තැනට ගියහොත්, අපට යායුතු තැන කියා දෙන
ලකුණු හමුවෙයි. එය පුදුමසහගත කියා දීමකි. එහිදී හමුවන අභීත සහ බිය උපදවන සුළු සත්‍යය
අපව යහපත දෙසට සදහටම වෙනස් කරණු ඇත.
අර පෙර කී ගමනාන්තය යනු ඒ වෙනස් යහපත් මානුෂීය හැඟුමයි.
එවන් මිනිසුන් ජීවත් වන ලොවයි.
මේ කව මායා ඇන්ජිලෝ විසින්
ලියනුයේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
50වන
සංවත්සරය වෙනුවෙනි. ඈ එම සංවිධානය වෙනුවෙන් එය ලීවද, ඇත්තටම නම් එය සාමය සහ ලොව
දැවෙන සාගින්න නිම කිරීමේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් ලියූවකි.
මේ මායා ඇන්ජිලෝගේ මුල්
කවයි.
A Brave And
Startling Truth - Poem by Maya Angelou
We, this
people, on a small and lonely planet
Traveling
through casual space
Past aloof
stars, across the way of indifferent suns
To a
destination where all signs tell us
It is
possible and imperative that we learn
A brave and
startling truth
And when we
come to it
To the day
of peacemaking
When we
release our fingers
From fists
of hostility
And allow
the pure air to cool our palms
When we
come to it
When the
curtain falls on the minstrel show of hate
And faces
sooted with scorn are scrubbed clean
When
battlefields and coliseum
No longer
rake our unique and particular sons and daughters
Up with the
bruised and bloody grass
To lie in
identical plots in foreign soil
When the
rapacious storming of the churches
The
screaming racket in the temples have ceased
When the
pennants are waving gaily
When the
banners of the world tremble
Stoutly in
the good, clean breeze
When we
come to it
When we let
the rifles fall from our shoulders
And
children dress their dolls in flags of truce
When land
mines of death have been removed
And the
aged can walk into evenings of peace
When
religious ritual is not perfumed
By the
incense of burning flesh
And
childhood dreams are not kicked awake
By
nightmares of abuse
When we
come to it
Then we
will confess that not the Pyramids
With their
stones set in mysterious perfection
Nor the
Gardens of Babylon
Hanging as
eternal beauty
In our
collective memory
Not the
Grand Canyon
Kindled
into delicious color
By Western
sunsets
Nor the
Danube, flowing its blue soul into Europe
Not the
sacred peak of Mount Fuji
Stretching
to the Rising Sun
Neither
Father Amazon nor Mother Mississippi who, without favor,
Nurture all
creatures in the depths and on the shores
These are
not the only wonders of the world
When we
come to it
We, this
people, on this minuscule and kithless globe
Who reach
daily for the bomb, the blade and the dagger
Yet who
petition in the dark for tokens of peace
We, this
people on this mote of matter
In whose
mouths abide cankerous words
Which
challenge our very existence
Yet out of
those same mouths
Come songs
of such exquisite sweetness
That the
heart falters in its labor
And the
body is quieted into awe
We, this
people, on this small and drifting planet
Whose hands
can strike with such abandon
That in a
twinkling, life is sapped from the living
Yet those
same hands can touch with such healing, irresistible tenderness
That the
haughty neck is happy to bow
And the
proud back is glad to bend
Out of such
chaos, of such contradiction
We learn
that we are neither devils nor divines
When we
come to it
We, this
people, on this wayward, floating body
Created on
this earth, of this earth
Have the
power to fashion for this earth
A climate
where every man and every woman
Can live
freely without sanctimonious piety
Without
crippling fear
When we
come to it
We must
confess that we are the possible
We are the
miraculous, the true wonder of this world
That is
when, and only when
We come to
it.
අභීත සහ බිය උපදවන සුළු සත්‍යයක්-
මායා ඇන්ජිලෝ
අපි
මේ මිනිස්සු
සරල අවකාශයක් තුළ
සරනා
තනිවී දුර ඈතකට තල්ලු වී සිටින
තාරකා පසුකර
උදාසීන සූර්ය පථ හරහා
ගමනාන්තයක් වෙත ඇදෙනා
කියාදෙයි අප හට
හැම ලකුණක්ම එහි ඇති
දත හැකි බවද, දත යුතු බවද
අභීත සහ බිය උපදවන සුළු
සත්‍යය ගැන
පැමිණි කල්හි අප එහි
සාමය සදන දින
වෛරයෙන් මිට මෙළවූ අත්
දිග හැර
මුදා හරිනා විට අප
අපේ අතැඟිලි
හමා විත් සිසිල් මදනළට
වැළඳ ගනු හැකිය
ඒ අතුල්
පැමිණි කල්හි අප එහි
ගැලවී වේදිකාවේ තිර රෙදි
වෛරයේ ගැයුම් සන්දර්ශන මත වැටී
වැසෙනා කල
අතුල්ලා සෝදා එළි කරන විට
අවමානයේ දැළි දුඹුළු වැකි මුහුණු
සටන් බිම් සහ රංගමණ්ඩල
තැළී පොඩිවුණ රුහිරෙන් පෙඟුණු තෘණ ද සමගින්ම
ඇද දමා
බිම නොහලන කල තව දුරටත්,
අප අසමසම සහ වෙසෙස් දරුවන්
සතපවන්නට සර්වසම බිම්කඩවල
දුර ඈත රටවල
නවතන විට
ගිජු ඝෝෂාවන්
දේවස්ථාන වලින් නැගෙනා
කූට හැඬ තැළුම් පන්සල්වලින් ඇසෙනා
වැනෙන විට දිගු රැළි පාලම් ප්‍රීතියෙන්
ලෙල දෙන විට ධජ පතාකයන් ලෝකයේ
අභීතව
යහපත්
නිර්මල
මන්ද මාරුතයෙහි
පැමිණි කල්හි අපි එහි
අප උරිස් මතැති අවි
බිම හෙලන කල
මරණයේ බිම් බෝම්බ
ඉවත් කරණු ලැබූ කල
දරුවන් සිය බෝණික්කන්ට
සහනයේ සළු පලන්දන කල
වියපත් දිවියට
සැඳෑ සුවයෙන්
ඇවිදින්නට හැකි වෙන කල
ආගමික පුදපෙත්
පුළුටු මස් දුමින්
දුර්ගන්ධ නොවුණු සඳ
අවභාවිතයේ දුස්ස්වප්න විත්
ළමා ළපටි සිහින
පයින් ඇන
බිඳ නොදමන සඳ
අප එහි පැමිණි කල
පාපෝච්චාරණය කරමු අපි
නොවන බව පිරමීඩ
විස්මිත නිරවද්‍යතාවකින්
ගලින් ගල තබා ගොඩ නැගූ
නොවන බව සදා සොඳුරු
බැබිලෝනියන් එල්ලෙන උයන
අප සැමගේ ම මතකයන් තුළ වන
රත පිරිබඩ කළ
ගොම්මං අහසේ දිය වුණ
ඇරිසෝනාවේ මහා දොරුවද
නොවන බව
නොවන බව සිය නිල් ලෙයින්
යුරෝපය තෙත් කරන
ඩැනියුබ් ගංගාවද
සූර්යය නමස්කාරය කරණ
ෆූජි ගිනි කන්දෙහි දිව්‍යමය සිරසද
ගැඹුරු පත්ළෙහි හා ඉවුරු දෙපසද වෙසෙන
සියළු සත්තවයින් හට සම සිතින් සලකන
ඇමෙසන් පියාණන් හෝ
මිසිසිපි මවුන් හෝ නොවන බව
මෙපමණක් නොවේමය ලොව ඇති විසල් අරුම
පැමිණි කල්හි අපි එහි
අපි, මේ මිනිසුන්,
මේ ක්ෂුද්‍ර,
මිතුදම් නොමැති ගෝලය මත
සැමදාම
බෝම්බ හා
කඩු කිණිසි වෙත දෑත් දිගුකරන
එනමුත් අඳුරෙහි හිඳ
සාමය අයදිනා අභිනයන් දක්වන
අපි, මේ මිනිසුන්,
මේ බිමේ ධූලි මත
යහ පැවැත්මට අපගේ
අභියෝග කරණ
මුව තුළ විස වදන් පවතින
එහෙත් ඒ මුවගින්ම
මිහිරි මී වැනි ගීත හැඬවෙන
හදවත දවා වෙහෙසන
වික්ෂිප්ත කොට ගත
නිසල කරවන
අපි, මේ මිනිසුන්,
මේ කුඩා පාවෙන ග්‍රහලොව මත
අසුරු සැණෙකින්
හිතුමනාපේ
සිය දෑතින් පහර දී
අයෙකු දිවිතොර කරන
එසේ වුව එම දෑතින්ම
සුව සදන් වස් තවෙකෙකුව
මුදු ලෙසින් පිරිමදින
නොනමතැයි සිතෙන හිස
කැමැත්තෙන් නවන
මානයෙන් සෘජුවූ පිට කොන්ද
තුටින් නවන
එවන් වූ ආකූල පරස්පරතා වලින්
උගනිමු අපි
දෙවියන් හෝ රකුසන්
නොවන බව අප
අපි එහි පැමිණි විට
අපි, මේ මිනිසුන්,
මේ මිහිමත ඉදිවුණු
මේ ලොව නිමකළ
හිතුවක්කාර පාවෙන සිරුර මත
මේ මිහිතලය හැඩ ගැන්වීමේ බලයැති
වාතාවරණයක් හැම
මිනිසෙකුටම ගැහැණියකටම
නිදහසේ
බොරු සිල් නොගෙන
සැක සංකාවෙන් ආතුර නොවී
දිවි ගෙවිය හැකි
අප එහි පැමැණි විට
අපි පාපෝච්ඡාරණය කළ යුතුයි
අප ම වන බව ඉටු කල හැක්කන්
අප මිස අනෙකක් නොවන බව
ආශ්චර්යමත්
සත්‍යයම සත්‍යය වූ
පුදුමය මේ ලොව
එවිටය, එවිට පමණය
අපි එහි පැමිණි විට ය
සිය බසට පෙරලීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.




No comments:
Post a Comment