Saturday, July 2, 2016

අවමඟුල් මියැසිය - Funeral Blues - W. H. Auden




 අවමඟුල් මියැසිය - Funeral Blues


ගෙවුණු මසක දෙකක කාලයේ මවිසින් සිය බසට නඟන්නට වෑයම් කළ  කවි වල අයිතිකාරිය වූයේ මායා ඇන්ජිලෝ කිවිඳිය ය. එහෙත් අද ඉදිරිපත් කරණුයේ  W. H. Auden - Funeral Blues - අවමඟුල් මියැසිය නම් වන කවිය සිය බසට නඟන්නට ගත් මගේ වෑයමයි.

Funeral Blues
by W. H. Auden

Stop all the clocks, cut off the telephone,
Prevent the dog from barking with a juicy bone,
Silence the pianos and with muffled drum
Bring out the coffin, let the mourners come.

Let aeroplanes circle moaning overhead
Scribbling on the sky the message He is Dead.
Put crepe bows round the white necks of the public doves,
Let the traffic policemen wear black cotton gloves.

He was my North, my South, my East and West,
My working week and my Sunday rest,
My noon, my midnight, my talk, my song;
I thought that love would last forever: I was wrong.

The stars are not wanted now; put out every one,
Pack up the moon and dismantle the sun,
Pour away the ocean and sweep up the woods;
For nothing now can ever come to any good.

මේ එම කව මවිසින් සිය බසට නැඟීමට ගත් වෑයමයි.

අවමඟුල් මියැසිය...
( Funeral Blues by W. H. Auden )
==========================

මහතුනි හැකිවේද
නවතාලන්න
කාලය
නවතමින්
සියලු වේලා දර්ශක.....

හුදකලා කළ හැකිද
හිතවතුන්ගෙන් මා
විසන්ධි කොට සියළු
දුරකතන ඇමතුම්.....

වලකන්න සුනඛ උඩු බිරුම්
ලේ වැකුණු මස් කටු ලෙවකන
නිහඬ බව අවැසි ම
නිමේශයකි මෙය.....

අහලකවත් සතුටක් නැති මොහොතක
කුමකට ද පියානෝ බෙර වැයුම්
නිහඬ කළ මැන.......

නිරාවරණය කර දේහය
වැලපෙන්න ඉඩ දෙන්න
වැලපෙන්නන් හට......

ගගන යාත්‍රා ඇනියට අණ දෙන්න
ගිගුම් දී සරන්නට
සිය ධූමයෙන් ලිවීමට
අනන්ත නිල් අහස් ගං කුස
මිය පුවත.....
ඔහු......

දනන් අස හැපි හැපී ගැවසෙන
හීලෑ පරවියන් සුසුදු ගෙල
රැළි පළඳනා පළඳා
සංඛේතවත් කරනු මැන ඔහු මරණය.....

වරම් දෙනු මැන
රථ වාහන පොලීසියට
සුදු අත් පළඳනා වෙනුවට
පළඳින්න කළු අත් පළඳනා......

ඔහු මගේ උතුර විය...
දකුණද නැගෙනහිරද බටහිරද.....
හැම දිසාවම ඔහුම විය....

සතියේ වැඩ කරන දින හයේ
ප්‍රබෝධමත් ශක්තිය ඔහු විය
විවේකී ඉරු දින ද ඔහු විය.....

මගේ දහවල සහ මැදුම් රැය.....
ගෙවෙන හැම නිමේශෙම....
මා කියුම් හා මා ගැයුම් සැම
ඔහුම විය......

සදාකාලික ආදරය යැයි
සදා නොමියෙන ආදරය යැයි
මා පැතූ මා සිතූ
ඒ සිතුවිල්ල වැරදිද......

තරු අනවැසිය දැන් මට
වෙනත ගෙන යනු ඒ සැම.....
පසෙක ලනු මැන
සඳු ද මිටි බැඳ....
හිරු ද ගලවා ඉවතලනු මැන...

බිඳ සියළු සාගර ඉවුරු
වගුරුවා මහ දිය කඳ
සින්දවනු මැන.....

අතු රිකිලි නට නටා
තුටින් හිනැහෙන
වන පෙත්
අතුගා දමනු මැන.....

ඉදින් යළි කිසිවිටෙක
හැකි වේ ද කිසිවකට
ගෙනෙන්නට ජීවිතය
ම වෙත.....

ම වෙත.....
ජීවිතය.....

අන් බසින් සිය බසට පෙරලීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර

මේ කව මුහුණු පොතේ, පරිවර්තන කවි ගී පිටුවේ කළ පළ කිරීම වෙනුවෙන් සමන්මලී අබේසිරි කිවිඳිය තැබූ සටනහක් අමුණමු කැමැත්තෙමි.
Funeral Blues නම් වන මේ කව මළගිය ඇත්තෙකු වෙනුවෙන් ගැයෙන ශෝක කවියක් . එක් පුද්ගලයෙකු පිළිබඳ ලියැවුණු කවක් වුව එහි ඇත්තේ විශ්වීය සංකල්පනාවක්. අයෙක් ජීවත්ව සිටිද්දීට වඩා ගුණ ගැයුම් ඇසෙන්නේ මියගිය පසුය. නමුත් ඒ ශෝක ප්‍රකාශ බොහෝම කෙටි කාලයකටය. නමුත් කෙනෙකුගේ මරණින් පසුව ඒ අඩුව විඳවන්නේ සමීපතමයින් පමණි. ඒ සත්‍යයි මෙහි ගැබ් වන්නේ.
පේළි හතරකින් යුතු පද හතරකින් ලියැවුණු මේ කව එක් එක් පදයෙහි පේළි දෙකෙන් දෙකකට සඳැස් ගුණ බිඳෙන අපූරු රිදමයක් පෙන්වයි.
මේ කව ලියවෙන්නේ තම සමීපතමයාගේ වියෝවෙන් මහත් ශෝක වන්නෙකුගේ හද දවන විලාපයක් ලෙසයි.
සියලු පණැති පණ නැති වස්තුවක්ම නිහඬ වනු යන සඳහනකි පළමු පදෙහි ඇත්තේ. ඒ ඔහුගේ සොව විඳගන්නට නිහඬ බව අවැසි බැවිනි. ඔරලෝසුවට - දුරකතනයටද සියලු සංගීත භාණ්ඩ වලට පමණක් නොව සතුන්ගෙන් පවා ඔහු ඉල්ලන්නේ නිහඬතාවයි.
දෙවන පදයෙහි කියනා ලෙසට ඔහුට ඔහුගේ මිතුරාගේ වියෝව මුළු ලොවටම දැනවිය යුත්තකි. ඔහු හා ශෝක වන්නට සියලු සත්වයින් හට කියා සිටියි. ඔහු මළ බව ගුවන් යානයක ගොස් අහසේ ලියන මෙන්ද - සියලු පරෙවියන් ගේ ගෙල කලු පීත්ත පටි වලින් සරන ලෙසද - පොලිස් නිලධරයන්ගෙන් සුදු අත් වැසුම් වෙනුවට කලු අත් වැසුම් පැළඳින ලෙසද ඔහු ඉල්ලයි. ඔහු එය එසේ පළ කරන්නට සිතන්නේ ඔහුට මිස මිතුරාගේ වියෝව අන් අයට නොදැනෙන බව දන්නා බැවිනි.

තෙවන පදයෙන් ඔහු කියන්නේ මිය ගිය තැනැත්තා තමන් හට කෙතරම් සමීපද කියාය. ඔහු මෙසේ ලියන්නේ එබැවිනි.

ඔහු මගේ උතුර විය...
දකුණද නැගෙනහිරද බටහිරද.....
හැම දිසාවම ඔහුම විය....
සතියේ වැඩ කරන දින හයේ
ප්‍රබෝධමත් ශක්තිය ඔහු විය
විවේකී ඉරු දින ද ඔහු විය.....
මගේ දහවල සහ මැදුම් රැය.....
ගෙවෙන හැම නිමේශෙම....
මා කියුම් හා මා ගැයුම් සැම
ඔහුම විය......
සදාකාලික ආදරය යැයි
සදා නොමියෙන ආදරය යැයි
මා පැතූ මා සිතූ
ඒ සිතුවිල්ල වැරදිද......

අවසාන පදයෙහි ඇත්තේ අණකි. කවියා අණ දෙන්නේ සොබා දහමටයි. ඒ තම ශෝකය ඈ විසින් ලෝකය පුරා පැතිරවිය යුතු බවටයි. එය කරන්නේ කෙසේදැයි ඔහු කියන්නේ මෙසේයි.

තරු අනවැසිය දැන් මට
වෙනත ගෙන යනු ඒ සැම.....
පසෙක ලනු මැන
සඳු ද මිටි බැඳ....
හිරු ද ගලවා ඉවතලනු මැන...
බිඳ සියළු සාගර ඉවුරු
වගුරුවා මහ දිය කඳ
සින්දවනු මැන.....
අතු රිකිලි නට නටා
තුටින් හිනැහෙන
වන පෙත්
අතුගා දමනු මැන.....

තම සමීපතමයාගේ වියෝවෙන් ඔහුට සියල්ල අහිමි වී ඇත - මුළු ජීවිතයම. ඒ නිසා ඔහු මේ කව අවසන් කරන්නේ මෙසේය
ඉදින් යළි කිසිවිටෙක
හැකි වේ ද කිසිවකට
ගෙනෙන්නට ජීවිතය
ම වෙත.....
ම වෙත.....
ජීවිතය.....

මෙය අපූරු කවක් - W. H. Auden විසින් රචිත - බොහෝ නව වචන භාවිතා කලත් මෙය ශාස්ත්‍රීය දුක් කවක් ලෙසයි සාහිත අධ්‍යයනයේදී පිළිගැනෙන්නේ.

Wystan Hugh Auden ඉංග්‍රීසි කවියෙක්, ඔහු වඩා ප්‍රචලිත පෙම් කවි ගොතන්නෙක් ලෙසයි. නමුත් සමාජ දේශපාලනික විවරණද කවියට නගා ඇත.




-      යසනාත් ධම්මික බණ්ඩාර   -




No comments:

Post a Comment