මී ළඟට පළ කිරීමට සිත් වූයේ Karen E. Budin කවියාගේ Would you care ? නම් කව ඇසුරින් මා කළ අනුවාදයයි. මේ එහි මුල් කවයි.
WOULD YOU CARE
Would you care if I died, why should
you?
You don't even know my name,
There is no way that you could have
helped,
You are not the one to blame.
You cannot feel the hunger pains, the
loneliness or thirst,
You do not live in a savage, war-torn
land,
You live in an affluent, wealthy land,
Your poor are rich, compared to me,
You feed your children much more than
they need,
Whenever they held out their hands.
I'm just a skinny black boy with no
schooling and no home,
Under dirty, dusty streets, begging for
a crumb.
I have a heart, I have a soul, I have a
right to live,
When you balance your budget, isn't
there any left to give?
If only I knew that somebody cared whether
I lived or died,
If only I knew that somebody saw the
pitiful tears I cry,
I would like to have dreams like your
children,
Of what the future might mean to me,
But before I can ever have a dream, I
have to have a future.
-
Karen E. Budin -
මෙහි කියවෙන්නේ යුධ ගින්නෙන් දැවුනු දේශයක වෙසෙන
දරුවෙකුගේ කතාවකි. කුඩා දරුවාට අතීතයක් තිබුණා විය නොහැකිය. ඔහුට වර්තමානයක්ද නැත.
අතීතයකුත් වර්තමානයකුත් නැති තැනක අනාගතයක් පිළිබඳ තැබිය හැක්කේ කුමන
බලාපොරොත්තුවක්ද?
ඔහු මුහුණ දෙන මේ වර්තමාන ඛේදවාචකය පිළිබඳව කවෙන් මනාව
නිරූපනය වෙයි. එහෙත් වඩා වැදගත් දේ ඔහුගේ හෙට දවස පිළිබඳව ය. හෙට දවස කොතෙක්
වැදගත් වුවද ඔහුට එය අමතක කර අද දවස වෙනුවෙන් සටන් වදින්නට සිදු ව ඇත. ඒ සටන කුමක්
ද? අවමයෙන් කුසට අහරකි.
මිය ගිය දිනක මා
ඔබ කුමට දුක්වේද.....
මගේ නම හෝ නොදත් ඔබ
පිලිසරණ වෙන්නට මගක් නොවු ඔබ......
නොහඳුනයි ඔබ කුසගින්න
පවස හෝ තනිකම
මා වසන්නේ නිරයකය
යුදෙන් දා ගිය බිමකය
නමුදු
ඒ සැමට වැඩි
හුදකලා මරණයයි බියකරු.....
ඔබ සොඳුරු විජිතයේ
දුප්පතුන්ද
අපට වැඩි පොහොසතුන්......
ඔබ ඔබේ දරුවන්
කවා පොවයි
නොතකා උන් ප්‍රතික්ෂේපය
අවැසි තරමට ද වැඩියෙන්.....
මා නොවටිණා
කෙසඟ කළු කොළුවෙක්
ඉගෙනුමක් තබා
හිසට වහලක් වත් නොමැති....
මා කෙළි බිම
බත් හුළක් යදිමින් ගෙයින් ගෙට යන
අපිරිසිදු වැලි ධූලි පිරි මාවතයි....
එසේ වුව
මට ද ඇත හදවතක්
හා
ආත්ම ගරුත්වයක්
එමතු නොව
ජීවත්වීමට අයිතියක්....
ඔබ ඔබේ අය වැය පියන විට
නොවේද ඉතිරිවන ඇබින්දක්
දිය හැකි
දනට
පිනට.....
මා මළේ ද
දිවි අතරද
සිතා යමෙකු තැවෙන බව හෝ
දැනේ නම්.....
මා දුකින් හඬන විට
ඒ කඳුළෙ රැඳුන දුක
දැනෙන සිත් ඇති අයෙක් සිටින වග
දැනේ නම්....
මා ද යම් සිහිනයක්
දකිනු රිසි වෙම්
ඔබේ දරුවන් දකින සිහිනය ම
කුමක් වෙද කෙසේ වෙද
මට ලබන හෙට දවස......
එනමුදු,
ඒ සිහිනයට පෙරාතුව
යථාවක් වෙයි දැන් ම දිනන්නට
ඒ මගේ
අද දවස......
අන් බසින් සිය බසට නැඟුමේ උත්සාහය,
යසනාත් ධම්මික බණ්ඩාර.

No comments:
Post a Comment