Friday, May 13, 2016

එසේ වුව මා නැගෙන්නෙමි (Still I Rise ) – මායා ඇන්ජිලෝ









මින් පෙර මවිසින් අන් බසින් සිය බසට පෙරලා පළ කළකවි දෙකක් ම මායා ඇන්ජිලෝ ගේ වූ බැවින් ද, ඒ කව් වලට වෙසෙස් ඇල්මක් ඇති වූ බැවින් ද මේ කවද, මී ළඟටද ඊ ළඟටද ඊ ළඟ ඊ ළඟ කවිද ඇගේම වුණත් මැනැවැයි මට සිතුනි.
මායා ගේ කවි වල ප්‍රධානම අරමුණ වාර්ගිකයින් කෙරෙහි වන පීඩාවන්ට එරෙහි වීමයි. මේ පීඩාවන් ප්‍රධාන කුලක දෙකකට බෙදා වෙන් කළහොත් ඒවා ජාතිවාදය හා බැඳුනු පීඩාවන් සහ ලිංගිකත්වය මත බැඳුණු පීඩාවන් ය. ඇන්ජිලෝගේ සමකාලීන නවකතා සහ කෙටිකතාකාරිනියකද මානව විද්‍යාඥවරියකද වූ  

 සෝරා නේල් හර්ස්ටන් Zora Neale Hurston 
විසින් පවසා ඇත්තේ කළු ජාතික  කතුන් යෙමෙකුට මතකයට නැඟිය හැකි මෙලොව ඇති සකලවිධ අපවාදයන්ට බඳුන්ව ඇති ජන කණ්ඩායමක් බවයි. ඔවුන් සිය දුර්වල උරහිස් මත මේ සියළු බර රඳවාගෙන ඔසවා සිටින බවයි ඇගේ අදහස.



මායා ඇන්ජිලෝ 
ද මෙලෙස පීඩාවට පත්වුණු, එලෙසින්ම ඒ අපවාදයන්ගේ සෑම බරක්ම සිය උරහිස් මත තබා ගෙන, නමුදු දුර්මුඛ නොවී නැගී සිටි කළු ජාතික කතකි. ඈ සිය Still I Rise කවෙන් කියන්නට උත්සාගන්නේද බාහිර ලෝකයාගේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධයට තමන්ගේ ගමන වලකා ලීමට ඉඩ දෙන්නට තමන් සූදානම් නොමැති බවයි. එමෙන්ම එහි ඇත්තේ, තමන් පෙළන සමාජයට එරෙහිව නැඟී සිටීමේ තමන් තුළ ඇති අරමුණ පමණක් නොවේ. ඈ දිනක තමන් එලෙසින් එම පීඩක සමාජයට ඉහළින් නැගී බව කියා පාන්නාක් සේම එම පීඩාවන්ට ලක්ව ඇති සැවොම වෙත එම පර පීඩක සමාජයට ඉහළින් නැගී සිටීමට කරණා ඇරියුමක්ද එහි ඇත්තේය.
මේ ඇගේ Still I Rise කවයි.


Still I Rise - Maya Angelou :

You may write me down in history
With your bitter, twisted lies,
You may tread me in the very dirt
But still, like dust, I'll rise.

Does my sassiness upset you?
Why are you beset with gloom?
'Cause I walk like I've got oil wells
Pumping in my living room.

Just like moons and like suns,
With the certainty of tides,
Just like hopes springing high,
Still I'll rise.

Did you want to see me broken?
Bowed head and lowered eyes?
Shoulders falling down like teardrops.
Weakened by my soulful cries.

Does my haughtiness offend you?
Don't you take it awful hard
'Cause I laugh like I've got gold mines
Diggin' in my own back yard.

You may shoot me with your words,
You may cut me with your eyes,
You may kill me with your hatefulness,
But still, like air, I'll rise.

Does my sexiness upset you?
Does it come as a surprise?
That I dance like I've got diamonds
At the meeting of my thighs?

Out of the huts of history's shame
I rise
Up from a past that's rooted in pain

I rise
I'm a black ocean, leaping and wide,

Welling and swelling I bear in the tide.
Leaving behind nights of terror and fear
I rise
Into a daybreak that's wondrously clear
I rise
Bringing the gifts that my ancestors gave,

I am the dream and the hope of the slave.
I rise
I rise
I rise.

මේ එහි සිංහල අනුවාදයයි.


එසේ වුව මා නැගෙන්නෙමි (Still I Rise ) –
මායා ඇන්ජිලෝ   

ලියා
නුඹ විසින් ගෙතූ
කල්කදුරු තිත්ත මුසාවන්
ඇද දමනු ඇත මා
පහළම පහළම තැනකට
ඉතිහාස කතාවේ.....

පාගනු ඇත නුඹ
ඇද දමා අපිරිසිදු
කුණූ ධූලි වැකි බිමට මා
එහෙත්....
හරියටම
දුහුවිල්ලක් නැගෙන්නා සේ ම
නැගෙන්නෙමි මම.....

මගේ එඩි ගති පැවතුම්
නොසන්සුන් කරණේද නුඹ...?
උරණ කරනේද නුඹ...?
නුඹ අඳුරු තිමිරයේ ගිලී ඇති
කාරණය දනිමි මම
නිවස තුළ තෙල් උල්පතක්
මතුව ඇත්තෙකු සිටින සතුටින්
මා සිටින බැවිනි ඒ......

,
චන්ද්‍ර සූර්යයන් සේ ම
සයුරක එසවෙනා රැළි සේම
ගගනතට පැන නගින
දිය ඌලක බුබුළු සේම
සමුර්ධියද 
ස්ථාවරයද
පැතුම් සහගත බවද ගෙන
නිසැකව ම දිනක
මම නැගෙන්නෙමි.....

ඔබට ඇවැසි,
යටහත්ව පහත්ව හිස නැමුණ
පැතුම් සුන් දෙනෙත් පහතට හැරුණ
දෙ උර බියගුළු බවින් හැකිළුණ
ආතුරවුණු ආත්මයක් දරණ
සදා කල්හිම කඳුළු වගුරණ
බිඳවැටෙනු මිනිසෙකු ලෙසින්
මා දැක්මටද?

මා සතුව ඇති අභිමන
නොසන්සුන් කරණේද නුඹ...?
උරණ කරනේද නුඹ...?
දකිනුයේ එය
දෘඩ භයංකර
දෙයක් ලෙස ඔබ
ගෙවත්තේ රන් ආකර ඇතියෙකු සේ
ප්‍රමෝදයකින් සිටින බැවිනි මා.....

උණ්ඩ වෙනුවට
රළු වදන් ගෙන
වෙඩි තබන්නට හැකිය මා හට
සැතක් වෙනුවට
රළු බැළුම් ගෙන
ඔබට මා කැපිය හැක
උග්‍ර වූ ද්වේශයෙන්
තොරකරණු හැක දිවිය
එහෙත්,
හරියට ම මද නළක් සේ
දිනක
මා නැගෙන්නෙමි......

දුටු නෙතක්
පැහැර ගැනුමට සමත්
මා කඩවසම් බව
නොසන්සුන් කරණේද නුඹ....?
උරණ කරනේද නුඹ....?
මා දෙකලවා මුණගැසෙන තැන
දියමන්ති ආකරයක් ඇත්තෙකු සේ
මා සිටිතැයි
ඔබට විමතිය ගෙනෙන්නේ එයද

ඉතිහාස කතාවේ
නින්දාව නම් අතුපැළින්
මා නැගෙන්නෙමි
වේදනාවේ පතුළට ම මුල් බැසි
යටගියාවෙන් ඉහළට
මා නැගෙන්නෙමි
,
කළු මුහුදකිය මා
පුළුල් හා
අහස උස රළ තරඟ නැගෙනා
මකා භිතියේ හා ත්‍රාසයේ
අඳුරු සළු පෙරවූ 
රාත්‍රීන්
මා නැගෙන්නෙමි.....
පුදුමසහගත සේ
පැහැදුල්
අරුණෝදයට
මා නැගෙන්නෙමි......
සුරතට ගෙන
මුතුන්මිත්තන්ගෙන් ලද
දායාදයන්
මා නැගෙන්නෙමි.......

වහලෙකුගේ
සිහිනයත්
පැතුමත්
මම වෙමි......
මා නැගෙන්නෙමි.......
ඔව් නැගෙන්නෙමි.......
මා නැගෙන්නෙමි.......

අන් බසින් සිය බයසට නැඟුමේ උත්සාහය,



-      යසනාත් ධම්මික බණ්ඩාර   -

No comments:

Post a Comment