ඉදිරියට යමු සගයිනි
"Venceremos - We Will Win" - 3
Working
Week යනු නවසිය අසූව සහ
නවසිය අනූව දශක වල ක්‍රියාකාරී වූ බ්‍රිතාන්‍ය
ජෑස් ගායක වාදක කණ්ඩායමකි. එය 1983 වසරේදී ඇරඹුවේ ගිටාර්
වාද්‍ය ශිල්පී Simon
Booth සහ
සැක්සෆෝන් වාද්‍ය ශිල්පි Larry Stabbins ගේ ප්‍රධානත්වයෙනි. එය බ්‍රිතාන්‍යයේ
එවැනිම ජෑස් ගායක වාදක කණ්ඩායමක් වුණු Weekend ගායක වාදක කණ්ඩායමේ
අළු මතින් ඉපදුණා යැයි කිවහොත් නිවැරදි වන්නේ, Weekend ගායක වාදක කණ්ඩායමේ ගායක Alison Statton කණඩායම හැර යාමත් සමගය. ඔහු ගියේ ආරවුලක් ඇති කරගෙන නම් නොවේ. ගුරුවරයෙකු
ලෙස අලුත් වෘත්තිය දිවියක් අරඹනු වස් ය.
Working Week කණ්ඩායමේ පළමු නිර්මාණය වශයෙන් ඔවුන් එළි දක්වන්නේ චිලියානු ගායක
වික්ටර්
හාරා
ට උපහාර පිණිස නිර්මාණය කළ "Venceremos - We Will Win" නමැති ගීතයයි.
Venceremos
- We Will Win (Simon Booth)
A comment is
passed,
Like dust
and glass,
Full of
fear,
Held in
this heaven and hell.
Each time
it's spoken,
There's a
fragment broken,
Now the
rain is falling,
A train is
passing,
A gun is
firing,
Splitting
out here
In the
night in which we live.
We'll find
a way,
To build a
day,
Sooner than
tomorrow.
And so it
goes,
As our love
flows,
A strength
is found
In a
history bold and proud.
Safe in
rooms
In which we
find survival,
Hope will
tread a greater end.
So we'll
move my friend
Into safer
light,
Knowing
that
Here we
will win
Here we
will win
Here we
will win.
A new world
in the making,
It's there
for the taking.
Santiago to
rio,
The moment
is waiting.
The lost
will be found,
And named
out aloud.
Photos
carried high,
The lives
they've denied.
A lover's
found passion,
In the
sense of re-awaking,
Desire that
shines,
Like the
pride in creating.
A nation is
breathing,
In cities
and farmland,
In bedrooms
and boardrooms,
Life held
in suspension.
A breath
that is scented,
With warmth
and friendship,
And we
sleep here as lovers,
Companeros
in cover,
We'll tread
a greater end,
And so
we'll move my friend,
Into safer
light,
Knowing
that we will win.
මේ එම ගීතය ඇසීමට මගයි.
එම ගීතයේ මදක් වේග රිද්මයේ වැයුමක්ද වෙයි. මේ එම වේග
රිද්ම ගීතය යන මගයි.
Venceremos faster verision
එය බ්‍රිතාන්‍ය
කණ්ඩායම් ගීත දර්ශක වල මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන හිණි පෙත්තේ වැජඹුණු එකක්
විය.
මේ "Venceremos - We Will Win" ගීතයද මගේ අතින් සිය බසට පෙරළුනි. මතු දැක් වෙන්නේ එම
වෑයමේ ඵලයයි.
මේ සුරලොවෙහි ද නිරයෙහි ද රැඳි
ඇසූවොත් භීතියෙන් වෙව්ලන
දූලි හා වීදුරු වැනි
කතාවක් යයි කටින් කට
වාරයක් වාරයක් පාසා එය කියවන
බිඳෙයි ඉන් කොටසක්
අදහැලෙයි දැන් වැස්සක්
පසු කරන් යයි දුමිරියක්
පත්තු වෙයි ගිනි අවියක්
ඛණ්ඩනය කරමින්
අපි හුස්ම ගැහෙනා
මේ රැය
අපි මඟක් සොයන්නෙමු
ගොඩ නඟන්නට දිනක්
හෙට වෙන තුරු නොසිට
එලෙස වෙයි එය
අපේ ඇල්ම ගලා යන විට
හමු වෙයි ශක්තියක්
ඉතිහාසයක,
නිර්භීත සහ සාඩම්බර
සුරක්ෂිතව කුටි තුළ
රක්ෂාකොට දුන් අප දිවි
ප්‍රාර්ථනාවන් පිය නඟාවි
ශ්‍රේෂ්ඨ අවසානයක් වෙත
ඉතින් අපි
ඉදිරියට යමු සගයිනි
සුරක්ෂිත ආලෝකයක් තුළට
අපි දිනන බව දැන
මෙහිදී අපි දිනන්නෙමු
මෙහිදී අපි දිනන්නෙමු
මෙහිදී අපි දිනන්නෙමු
නව ලොවක්
ඉදිවෙමින් පවතී
සන්තියාගෝ හි සිට රියෝ තෙක්
දිනාගත යුතුය එය
නිමේශය බලා සිටී එළඹෙන තුරු
හඬ නඟා නම කියා
පරාජය හමුවනු ඇත
සේයා රූප පෙළ
නැත කියා ඔවුන් කී ජීවිත
ඉහළට මතුකර ඇත
ඇළුම්කරන්නෙක් දැඩි ලෙස
සතු කර ගනී තමන් ළැදි දේ
යළි අවදි වන හැඟුම තුළ
දිලිසෙයි අභිරුචිය
ඉපැද්දීමේ අභිමානය ලෙසම
හුස්ම ගනිමින් සිටී
ජාතියක්
නිදන කාමර - සමිති ශාලා
නගර හා ගොවි බිම්වල
එල්ලා තබා ඇති ජීවිත
සැතපී සිටිමු මෙහි
සෙනෙහසින්
බැඳුනු අපි
උණුසුමේ හා මිත්‍රත්වයේ
සුවඳ වැකි හුස්මෙන් වටවුණු
සගයින් සේ
ශ්‍රෙෂ්ඨ වූ අවසානයක් වෙත
යන්නෙමු
අපි
ඉතින් අපි,
ඉදිරියට යමු සගයිනි
සුරක්ෂිත ආලෝකයක් තුළට
අපි දිනන බව දැන
අන් බසින් සිය බසට නැංවීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.
"Venceremos - We Will Win" හිසින් වන ගීත ගොන්න මෙතැනිනුත් කෙළවර නොවේ. තවත් "Venceremos - We Will Win" ගීත සිය බසට
පෙරළුම පිණිස මගේ මල්ලට එකතු වෙයි. එබැවින් තවත් සටහන් කීයක් "Venceremos - We Will Win" ගී වෙනුවෙන් ලියන්නට වේදැයි නොදනිමි. එහෙත් ලියනුයේ
අවංකව නිර්මාණය වුණු "Venceremos
- We Will Win"
ගී නම්, සටහන් කොතෙක් වූවත්
මොකද?
මේ අතරේ මහදේ මහත් දුකක්ද වෙයි. එනම් අපේ රටේ "Venceremos - We Will Win" ගීයක් කෙදිනක
බිහි වේද යන්නයි. "Venceremos - We
Will Win" ලෙසින් ඇරඹෙන ගී බිහිවිය හැකිය. එහෙත් අවංක "Venceremos - We Will Win" ඉබේ බිහි නොවෙයි. ඊට අවංකවූ සටනකට නිමිත්තක් තිබිය යුතුය. අවංක සටන්
නියමුවන් සිටිය යුතුය. අවංක සටන් සගයින් සිටිය යුතුය. අවංක සටන් පෙරමුණක් තිබිය
යුතුය. එවිටය අවංක "Venceremos - We Will Win" ගීත බිහි
වෙන්නේ. ඉතින් අපේ රටේ අවංක "Venceremos - We Will Win" ගීතයක් බිහි
වෙන්නට නම් තව කොපමණ දේ අවංක විය යුතුව ඇතිද?
- යසනාත් ධම්මික බණ්ඩාර -



No comments:
Post a Comment