Thursday, June 2, 2016

සමානාත්මතාව දිනන්නෙමි - දිනෙක මම මිදෙන්නෙමි



සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි



Equality - Poem by Maya Angelou

You declare you see me dimly
through a glass which will not shine,
though I stand before you boldly,
trim in rank and marking time.
You do own to hear me faintly
as a whisper out of range,
while my drums beat out the message
and the rhythms never change.

Equality, and I will be free.
Equality, and I will be free.

You announce my ways are wanton,
that I fly from man to man,
but if I'm just a shadow to you,
could you ever understand ?

We have lived a painful history,
we know the shameful past,
but I keep on marching forward,
and you keep on coming last.

Equality, and I will be free.
Equality, and I will be free.

Take the blinders from your vision,
take the padding from your ears,
and confess you've heard me crying,
and admit you've seen my tears.

Hear the tempo so compelling,
hear the blood throb in my veins.
Yes, my drums are beating nightly,
and the rhythms never change.

Equality, and I will be free.
Equality, and I will be free.

මායා අන්ජිලෝ කිවිඳියගේ කවි පද කිහිපයක් ගැන විමසන්නට සූදානමින් සිටි අප හදිසියේ අන් දෙසකට ගියේ වික්ටර් හාරාගේ ගී කිහිපයක් සිය බසට නැඟීමට උපන් ආශාව නිසාවෙනි. එබැවින් පසුගිය සටහන් තුන හතර ඒ සඳහා වෙන් කළෙමි. එහෙත් ඒ මායා ඇන්ජිලෝගේ කවි අමතකව නම් නොවේ. එබැවින් යළි අපි ඒ වෙත යොමු වෙමු.


මායා ඇන්ජිලෝ  
ගේ කවි වෙත යොමු වෙන්නට පෙර එක දිගට සෞන්දර්යාත්මක සහ ශ්‍රැංගාරාත්මක කවි කිහිපයක් සිය බසට නඟමින් සිටින විට මා තුළ ඇති වුණේ, ඊට වැඩි දෙයක් පරිවර්තන සාහිත්‍යය හරහා අප රසිකයින් වෙත දිය යුතුය යන අදහස ය. සෞන්දර්යාත්මක සහ ශ්‍රැංගාරාත්මක කවි පරිවර්තනය නොකරණවාම හෝ පළ නොකරණවාම යන්න නොවේ එහි අදහස. එහෙත් මිනිසාගේ ප්‍රගමනය උදෙසා මේ 



වික්ටර් හාරලා 
ගේ, මායා ඇන්ජිලෝලාගේ කවි ඔස්සේ මතක් කර දෙන අතීතය වඩා වැදගත් මෙහෙයක් ඉටු කරන්නේ ය යන අදහස ඇතිව එවන් කවි වලට වැඩි තැනක් දනේනට සිතුවෙමි. ඒ අනුව මායා ඇන්ජිලෝගේ මේ කවි වල ඇති සටන්කාමීත්වය, තිර අදිටන, ඇය ලොව දකින මේ අයුර අපට නොදැනී අප වැටී ඇති වලෙහි ස්වභාවය යම් අයුරකින් මතක් කර සිටී. අප වෙලී ඇති රැවටීමේ ස්වභාවයද මතක් කර සිටී.

එදා ඔවුන් රැවටූවෝ කවුරුන්ද? එදා ඔවුන් පෙලූවෝ කවුරුන්ද? එදා ඔවුන් රැවටූවෝ, චිලියෙහි, ඇමරිකානු ගැති, දක්ෂිණාංශික පාලකයින්ය. එදා ඔවුන් පෙලූවෝ රජයට අමතරව ඉඩම් හිමි වැවිලි කරුවන්ය. කම්හල් හිමියන්ය. අද අපිව රවටන්නෝ කවුරුන්ද?  

අංක එකට රජය යනුවෙන් කීම වලකාලිය නොහැකිය. එමෙන්ම, කම්හල් හිමියන්, සේවා ස්ථාන හිමියන්, ගොවිපල හිමියන්ගේ නම් ද එහි යම් තැනකදී කියැවෙයි.
එදා චිලියෙහිදී ඔවුනගේ මග පෙන්වන්නන් හා ගැළවුම්කරුවන් වූයේ කවුරුන්ද? දක්ෂිණාංශික පාලක ජුන්ටාවට එරෙහි, වාමාංශික එකමුතුවයි. එහෙත් අපේ ගැලවුම් කරුවන් වන්නේ කවුරුන්ද? කවුරුවත් නැතිය යන පිලිතුර දිය යුත්තේ දැනුන සහ දැනෙන දේ අනුව ය. එය එක්තරා ඛේදවාචකයකි. වාමාංශික නාම පුවරුව රැගත් අයද අවාසනාවට අපේ රටේදී සිටින්නේ රවටන්නන්ගේ පිලේ පැත්තක, ලොවට හොරෙන් මුහුණ හංගාගෙනය. පෙළන්නන්ගේ පිලේ පැත්තක, හොරෙන් මුහුණ හංගාගෙනය.

මේ මායා අන්ජිලෝ කළු ජාතිකත්වය ලැබූ පමණින්, කාන්තාවක් වූ පමණින්, වහළුන් ලෙස හංවඩුව වැදුණු බැවින් අනන්ත අපමණ දුක් විඳි, එහෙත් ඒ දුකින්ම යළි ඉපදී ඊට එරෙහිව සටන් වැදි දිරිය කතකි. ඇගේ දිවියෙහි සමහර තොරතුරු ඈ ලියූ කවියක් හඳුන්වා දීමේදී මීට පෙර මා ඉදිරිපත් කර ඇත.

මායා ඇන්ජිලෝ ගේ මේ කවෙහි ඇත්තේ, ඈ විඳි එවන් ගැහැට පිළිබඳවත්, යම් දිනක එයින් ගැලවීමේ ඇගේ ඇති අදිටනත්ය. 

මතු දැක්වෙන්නේ මා එම කව සිය බසට නඟන්නට ගන්නා ලද වෑයමයි.


Equality - Poem by Maya Angelou

බලන්නේ ඔබ මා දෙස
අපැහැදිලි කණ්නඩියක් තුළින් වුව,
ඔබ කියන්නේ ඔබට මා
නිසි ලෙසින් නොපෙනෙනා බව


එඩිතරව සිටියද මා ඔබ අබියස
කාලය කමින්, හෙළා දකිමින්,
ඔබ කරණුයේ මගේ හඬ
නෑසූ කණින් හිඳුමය



නොඇසෙනා දුරක නැගෙනා
මිමිණුමක් සේ
මගේ බෙර හැඬවී
කියන්නේ එයම ය
රිද්මය නම් එම
නොවනෙස් වේය කිසි දිනක



සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි
සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි


නිවේදනය කරයි ඔබ
මිනිසෙකුගෙන් මිනිසෙකු වෙතට පියඹන
මා ගමන් මඟ
නොහික්මුණු එකකැයි
නමුත් මා
ඡායාවක් පමණක් විණි නම් ඔබට
කෙදිනක නම් වටහා ගනීද
ඔබ
මාව?


දිවි ගෙවා ඇත්තේ අපි
වේදනාබර ඉතිහාසයකය
දනිමු අප  
නින්දා සහගත
අතීතය ගැන
නමුදු මම නොනැවතී,
පෙරට යමි
ඔබ එයි සුපසින්
අන්තිමට

සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි
සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි


ඔබ දසුන අඳුරු කළ තිමිර පට දුරලන්න
ඔබෙ සවන්පත් වසා ඇති බැඳුම් ගලවන්න
මා හැඬුම් හඬ ඔබට ඇසුණු බව දන්වන්න
දුටු බවට මගෙ කඳුළු දැනෙන්නට ඉඩ දෙන්න


අසන්න රිද්මය,
දැඩිව බල කරණ
අසන්න හඬ,
මා ලේ නහර ස්පන්ධනය වන
ඔව්, රාත්‍රියෙදී පවා
මගේ බෙර හැඬවී
කියන්නේ එයම ය
රිද්මය නම් එම
නොවනෙස් වේය කිසි දිනක


සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි
සමානාත්මතාව දිනන්නෙමි
දිනෙක මම මිදෙන්නෙමි

අන්බසින් සිය බසට නැංවීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.






-      යසනාත් ධම්මික බණ්ඩාර    -

No comments:

Post a Comment