මානව පවුල - මායා ඇන්ජිලෝ
මෙවරත් මගේ උත්සාහය
මායා
ඇන්ජිලෝ
ගේ ම කවක් සිය බසට පෙරලීමට ය. එය ඇගේ Human Family නම් වන කවයි.
Human
Family - Poem by Maya Angelou
I note the
obvious differences
in the
human family.
Some of us
are serious,
some thrive
on comedy.
Some
declare their lives are lived
as true
profundity,
and others
claim they really live
the real
reality.
The variety
of our skin tones
can
confuse, bemuse, delight,
brown and
pink and beige and purple,
tan and
blue and white.
I've sailed
upon the seven seas
and stopped
in every land,
I've seen
the wonders of the world
not yet one
common man.
I know ten
thousand women
called Jane
and Mary Jane,
but I've
not seen any two
who really
were the same.
Mirror
twins are different
although
their features jibe,
and lovers
think quite different thoughts
while lying
side by side.
We love and
lose in China,
we weep on
England's moors,
and laugh
and moan in Guinea,
and thrive
on Spanish shores.
We seek
success in Finland,
are born
and die in Maine.
In minor
ways we differ,
in major
we're the same.
I note the
obvious differences
between
each sort and type,
but we are
more alike, my friends,
than we are
unalike.
We are more
alike, my friends,
than we are
unalike.
We are more
alike, my friends,
than we are
unalike
මතු දැක්වෙන්නේ මවිසින් එය සිය බසට පෙරලීමට ගත් වෑයමයි.
මානව පවුල - මායා ඇන්ජිලෝ
සඳහන් කරමි මම
මේ මිනිස් පවුල තුළ ඇති
පැහැදිලි වෙනස් කම්........
අපගෙන් සමහරෙක්
බැරෑරුම් අය වෙත්
සමහරෙක් දිවි ගෙවත්
සතුටින්
සැහැල්ලුවෙන්.....
පවසනුයේ සමහරුන්
තම තමන් ගේ ජීවිත
ගෙවුනු බව
සැබැවින්ම ගරු ගාම්භීර ලෙස
සමහරුන්ට නම් හිමි
අව්‍යාජ සරල
ජීවිත.....
සමේ පැහැයෙහි ඇති
සුදු, කළු සහ ගුරු
දුඹුරු
සහ ලා දුඹුරු
නිල් සහ දම්
ඈ විවිධත්වයට
කළ හැකිය ව්‍යාකූල
කළ හැකිය භ්‍රාන්ත
කළ හැකිය තුටු
මම,
සප්ත සයුරු යතුරු කර ඇත්තෙමි
හැම රටකම ගැවසී ඇත්තෙමි
ලෝක පුදුමයන් දැක ඇත්තෙමි
එහෙත්
එකායුරු මිනිසුන් නම් දැක නැත්තෙමි
මම දනිමි
දස දහසක් ගැහැණුන් ගැන
ජේන් සහ මේරි ජේන්
නම් වලින් හඳුන්වන
නමුත් කිසි දිනක දැක නොමැත්තෙමි
දෙදෙනෙක්
එක හා සමාන
හැමතින්ම
සම නිවුන්නුන් පවා වෙනස් ය
හැඩ රුවින් සම වුව
සිතනුයේ එකිනෙකා
සපුරා ම වෙනස් ලෙසටය
පෙම්වතුන් වුව
කියා ගනිමින් මුසා බස් දෙපසට
චීනයේදී අපි පෙම් කරමු
චීනයේදීම වෙන්වෙමු
එංගලන්තයේ දෙනි පෙත් මත
වැලපෙමු
ගිනියාවේදී හිනැහෙමු
එහිදීම දුක්වෙමු
එහෙත් ස්පාඤ්ඤ වැල්ලක වැඩෙන්නෙමු
පින්ලන්තයේදී ජය පතමු
මේයින් හි ඉපිද මිය යමු
සුළු සුළු දෙයින් වෙනස් වෙමු
එහෙත්,
බෝ දෙයින් අපි සම වෙමු
මම දකිමි
සැබෑම සැබෑ වෙනස් කම්
සෑම වර්ගයකම ප්‍රභේදයකම
එසේ වුව,
අසමානකම් වලට වැඩියෙන්
සමානකම් ය ඇත්තේ
මිතුරනි
අසමානකම් වලට වැඩියෙන්
සමානකම් ය ඇත්තේ
මිතුරනි
අසමානකම් වලට වැඩියෙන්
සමානකම් ය ඇත්තේ
මිතුරනි
සිය බසට පෙරලීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.
මේ මානව පවුල - Human
Family කවෙහි ඇත්තේ
කුමක්ද?
අපි බොහෝ විට උත්සාහ කරණුයේ එකිනෙකා අතරේ ඇති වෙනස් කම් මතු
කරමින් වෙන්ව සිටීමට හේතු ඉඩ ප්‍රස්ථා සෙවීම ය. එකිනෙකා අතරේ ඇති සමානත්වය සොයමින්
එක් වීමට නොවේ. නමුත් ඇය මෙම කවෙන් කියන්නට බලාපොරොත්තු වෙන්නේ වෙනස් කම් නොසොයා සමාන කම් සොයන්නට ගියේ නම්,
වෙනස් කම් වලට වඩා, සමාන කම් වැඩි බවය.
ඈට මේ කව ලියන්නට හේතු භූත වන පරිසරය ඇමරිකාවයි. විවිධ ඇමරිකානුවන්
අතරේ ඇති විවිධ වෙනස්කම් මත එකිනෙකාට ඇති වැඩි සැලකුම් සහ අඩු සැලකුම් ගැනයි.
එහෙත් ඇය කවිය ඇමරිකාව ට සීමා නොකොට ඊට වඩා
පොදු මානව පවුල ලෙසින් නම් කිරීමෙන්, ලොව පුරා
ඕනෑම කෙනෙකුට හිතන්නට දෙයක් ඉදිරිපත් කරන්නට ඈ උත්සාහ කරයි. එමෙන්ම ඈ ඊට සමත්
වෙයි.
අසමාන කම් නොව සමාන කම් සැලකූ විට වෙන් වන්නට නොව එක්
වෙන්නට කොතෙක් දෑ ඇතිද යන්න ඇයට කියන්නට අවැසි වුණු දේ වුව ඇය කවිය අරඹන්නේම වෙනස්
කම් ගැන සඳහන් කරමිනි. එය ඇගේ නිර්මාණාතමක ප්‍රයෝගයයි.
සඳහන් කරමි මම
මේ මිනිස් පවුල තුළ ඇති
පැහැදිලි වෙනස් කම්
අපගෙන් සමහරෙක්
බැරෑරුම් අය වෙත්
සමහරෙක් දිවි ගෙවත්
සතුටින්
සැහැල්ලුවෙන්
පවසනුයේ සමහරුන්
තම තමන් ගේ ජීවිත
ගෙවුනු බව
සැබැවින්ම ගරු ගාම්භීර ලෙස
සමහරුන්ට නම් හිමි
අව්‍යාජ සරල
දිවියක්
මේ ලියන්නේ ඒ වෙනස්කම්වලින් සමහරකි. ගෙවන දිවියේ හැඩය මත, ගෙවන දිවියේ රසය
මත ඇති වෙනස් කම් ය ඒ. ඊ ළඟට කියනුයේ තවත් වෙනස් කම් වගයකි. එනම් වර්ණයෙහි ඇති
වෙනස්කම්ය. වර්ණයේ ඇති මේ වෙනස් කම් මත,
කෙනෙකුට සතුට හිමි ය. කෙනෙකුට හිමි දුක ය.
කෙනෙකුගේ වර්ණයට හිමිවන්නේ ප්‍රියතාවයි. තව කෙනෙකුගේ වර්ණය
කැඳවන්නේ බියයි.
තවත් සමහර විට මතු කරන්නේ ව්‍යාකූල බවකි. ඇති කරන්නේ
අවුලකි.
අනතුරුව ඈ සිය ඇසූ පිරූ තැන් කොතෙක්ද යන්න අපට පැහැදිලි
කරයි. බලන්න ඈ එහිදී දුටු දේ සහ නොදුටු දේ.
මම,
සප්ත සයුරු යතුරු කර ඇත්තෙමි
හැම රටකම නැවතී ඇත්තෙමි
ලෝක පුදුමයන් දැක ඇත්තෙමි
එහෙත්
එකායුරු මිනිසුන් නම් දැක නැත්තෙමි
ලෝකයේ නොගිය තැනක් නැති වුව, නොදුටු දෙයක් නැති තරම්
වුව, නොදුටු එක් දෙයක් වෙයි. ඒ නම්, එකායුරු මිනිසුන් කිසි තැනකදී ඈ නොදැකීමයි.
ඊ ළඟට ඈ මතු කරන්නේ සමාන යැයි කියන අය අතරේ ඇති වෙනස්
කම්ය. ළඟයි කියා කියන අය අතරේ ඇති දුරස්ථ භාවයන්ය. මේ බලන්න එය.
සම නිවුන්නුන් පවා වෙනස් ය
හැඩ රුවින් සම වුව
සිතනුයේ එකිනෙකා
සපුරා ම වෙනස් ලෙසටය
පෙම්වතුන් වුව
කියා ගනිමින් මුසා බස් දෙපසට
අනතුරුවය ඇය, මේ කුමන වෙනස් කම් තිබුණත්, එකායුරු
කිසිවෙක් හමු නොවුණත්, තිබෙන එහෙත් නොපෙනෙන නොදකින සමාන කම් ගැන මතු කරන්නේ.
චීනයේදී අපි පෙම් කරමු
චීනයේදීම වෙන්වෙමු
එංගලන්තයේ දෙනි පෙත් මත
වැලපෙමු
ගිනියාවේදී හිනැහෙමු
එහිදීම දුක්වෙමු
එහෙත් ස්පාඤ්ඤ වැල්ලක දිවි ගෙවමු
පින්ලන්තයේදී ජය පතමු
මේයින් හි ඉපිද මිය යමු
සුළු සුළු දෙයින් වෙනස් වෙමු
එහෙත්,
බෝ දෙයින් අපි සම වෙමු
සුළු සුළු දෙයින් වෙනස් වුව, බෝ දෙයින් නොවෙනස්ය. කුඩා
දෙයින් වෙනස් වුව, මහා දෙයින් නොවෙනස්ය. ඒ නොවෙනස් මහා දේ ගැන මට ඇත්තේ මෙවන්
හැඟීමකි. එනම්, වෙනස් යැයි හිතන ඒ සියළු දන පෙළන සාධකය නොවෙනස් ය. වෙනස් යැයි සිතන
ඒ සියළු දන විඳින අනේක විධ දුක් කම්කටොළු නොවනස්ය. එබැවින් සුළු වෙනස් කම් පසෙක ලා ඒ සමාන කම් මත එකතු විය
යුතුය යන හැඟුමක් ඈ තුළ තිබුණා විය යුතුය. එහෙත් ඈ එය එලෙසින්ම නොලියයි. නමුත් ඇගේ
කවෙහි කූඨප්‍රාප්තිය ද එයම ය.
මම දකිමි
සැබෑම සැබෑ වෙනස් කම්
සෑම වර්ගයකම ප්‍රභේදයකම
එසේ වුව,
අසමානකම් වලට වැඩියෙන්
සමානකම් ය ඇත්තේ
මිතුරනි
- යසනාත් ධම්මික බණ්ඩාර -








No comments:
Post a Comment