සමන්මලී අබේසිරි කිවිඳිය අප හඳුනන්නේ සිංහලෙන් සේම ඉංගිරිසියෙන්ද හොඳින්
නිර්මාණකරණයෙහි යෙදෙන කිවිඳියක් සේ ය.
ඇය කොළඹ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකි.
නැත. නැත.... ඔබ සිතුවා වැරදිය. ඇය එහි සේවය කරන්නේ සාහිත්‍ය ගුරුවරිය ලෙස නොවේ.
එහි සේවය කරණු ලබන සාහිත
ගුරුවරිය සාහිත්‍යකරණයේ යෙදෙන්නේ දැයි මම නොදිනිමි. බොහෝ සාහිත
ගුරුවරුන් සාහිතයකරණයෙහි නොයෙදෙන බව දන්නා නිසාය එසේ කීවේ.
සමන්මලී එහි සේවය කරණු ලබන ජීව
විද්‍යා ගුරුවරියක ලෙසිනි.
ඇය පළමුව සිය රසිකත්වය ගොඩ නඟා ගන්නේ මවු ඇකයේ සිටමය.
ඇගේ මව එකල ගුවන් විදුලියේ විශිෂ්ඨ නිවේදිකාවක සහ වැඩ සටහන් මෙහෙයවන්නියක වූවාය. එහි
වඩාත්ම වාසිය වන්නට ඇත්තේ ඈ තුළ වන මහත් වූ කියැවීමේ රුචියයි.
ඇය නිර්මාණකරණයට එළඹෙන්නේ තවත් බොහෝ කලකට පසුය.
මා ඇගේ පළමු නිර්මාණය ලෙසින් දුටුවේ මට මතක හැටියට ඈ
නොදුටු හෝටන් තැන්න ගැන දුටු අයෙකු විලසින් ඈ ලියූ කවියයි. එහි සාධනීය
ලකුණු රැසක් විය. අනතුරුව ඈ බොහෝ සේ ලියනු දැක ගතහැකි විය.
ඇයට ඇති විශේෂම හැකියාව වන්නේ දෙබසින්ම ව්‍යක්ත ලෙස
නිර්මාණ කිරීමේ හැකියාවයි. එ් බවට අප දුටු
ඇගේ සෑහෙන නිර්මාණ සංඛ්‍යාවක් සාක්ෂි දරයි. එය බෙහෙවින් දුලබ වූ හැකියාවකි.
මතු දැක් වෙන්නේ ඈ විසින් ඉංගිරිසි බසින් ලියනු ලැබූ කව්
දෙකක් සහ ඒවා මවිසින් සිය බසට නගන්නට ගන්නා ලද වෑයමයි.
You made the clouds
=================
This starless dark cloudy sky
you see tonight
is a sketch of my soul so blue
made by your indifference
You can paint it otherwise
even tonight
just with some colour in a word
of love
a flick of light in a tender
stroke
Don't you like the comfort
of a balmy pleasant breeze
why whirl in this tempest
that wrecks our souls indeed
Samanmalee Abayasiri
කළු වළා ඇතිරුවේ ඔබමය
ඔබ දකින
තාරකාවන්ගෙන් තොර
වළාවෙන් බර
මේ
අඳුරු අහසේ
නුඹෙන් ලද අතොරින් පිරි
කටුවට ඇඳි
තද නීල
සිත්තමක් බඳුය
මගේ ආත්මය
අන් වණකින්
සායම් කල හැකිය නුඹට එය
අද
මේ රැයේම වුව
ආදරයේ
මුදු පහසක්
අඳුරට එළිය දෙන
දීප්තිමත් රේඛාවක්
වනු ඇත එය
අකමැතිද ඔබ විඳිනට
සුව පහස
මද මුදු නළක රැඳි
කිම මේ සුළි රැළි චණ්ඩ මාරුතයක්ව
සැබැවින්ම සුන් බුන් කරවන අප ජීවිත
සිය බසට නැඟුමේ වෑයම යසනාත්
ධම්මික බණ්ඩාර
කුටුම්බගත දිවිය තුළ සතුට සොම්නස රඳවා ගැනිමට අපොහොසත්
වීමේ ගැඹුරු වේදනවා පිළිබඳවය මේ කව. ඇය එය එය ඉතා සුමටව ලියා ඇත. එවන් දිවියක්
කිසි සේත් සුමට නැත. එහෙත් ඒ දිවිය ගැන ඇගේ කවිය සුමටය. සුමට නොවන දිවියක් ගැන
ලියැවෙන කවියද සුමට විය යුතු දැයි කෙනෙකු සිතනු ඇත. එහෙත් ඈ එහි ලියා ඇත්තේ එවන්
දිවියක අතොරක් නැති ගැටුම් ගැන නොවේ. එවන් දිවියක් මැද සිත්හි ජනිත වන හැඟුම්ය. ඒ
හැඟීම් ගැන ඇය ලියා ඇති දේ සුමටය. එහෙත් ඉන් ඈ එම කිව තුළ අර දිවියේ වේදනාවෙන්
නිතොර එකක් බවට පත් නොකරයි.
මේ පරිවර්තනය සඳහා ගත කරන්නට සිදු වූයේ ඉතා කෙටි කලකි.
එහි සංස්කරණ කාර්යයන් අලිප විය. එම පරිවර්තනය තුළින්ද මුල් කවේ සුමට බව පළ වේයැයි
කිය වූ අය කියා සිටියහ. එසේ වන්නට ඇත්තේ මුල් කවෙහි ගති ලක්ෂණ නිසාවෙන් වන්නට
ඇතැයි මම ඔවුනට කීවෙමි. ඇත්තටම හේතුව එය විය යුතුය.
මේ කවෙහි මා වඩාලාත්ම කැමැති කොටස වන්නේ,
අන් වණකින්
සායම් කල හැකිය නුඹට එය
අද
මේ රැයේම වුව
ආදරයේ
මුදු පහසක්
අඳුරට එළිය දෙන
දීප්තිමත් රේඛාවක්
වනු ඇත එය
යන කොටසයි.
මෙහි තද නීල සිත්තමක් වුණු ඇගේ දිවිය අවශ්‍යතාවක් වෙයි
නම් ඔහුට අන් වර්ණයකින් පින්තාරු කළ හැකිය යන්න කියැවෙයි. තද නිල ඇය යොදා ගෙන
ඇත්තේ වේදනාවේ අඳුර ගැන කීමටය. ඔහු තවරණ අන් ඕනෑම වර්ණයක් ඒ තද නිල් වේදනාවට වඩා
වැඩි සහනයක් යැයි ඈ සිතයි. මෙය ඉතා සංවේදි කතාවකි. මේ අන් ඕනැම වර්ණයක් යන කීමෙන්
ඇය අඟවන්නේ, තිබෙනවාට වඩා දශමයක හෝ අවධානයක්, දයාවක් කරුණාවක් සෙනෙහසක් නොවන්නේද?
ඉහත කව මෙලෙස සිය බසට පෙරලා අවසන් වෙන්නටත් මත්තෙන් ඇගේ
තවත් කවක් මා නෙත ගැටිණ. ඒ කවද පෙර කව සේම සංවේදී එකක් යැයි මට හැඟින. එයද පෙර කව
සේම සියුම් රසභාවයන් ගෙන දෙන රචනාවක් ව ඇත. එබැවින්ම, එයද ඒ කවි ගුණ රැකෙන අයුරින්
සිය බසට නගන්නට හැකි විනැයි මට හිතේ.
Blue Moon
=========
You are a blue moon
showed up untimely
Pale, lusterless and blue
not to lighten up
but to make the sky dreary.
A moon you are now
and shall be forever
just a revolving satellite
illuminated by
some others' light.
What a deception it was
my offerings in vain
I thought you are the sun
the illumination was too bright
and blinded my eyes.
Samanmalee Abayasiri
ඉහත කව සිය බසට නගන්නට ගත මගේ වෑයම ය මේ.
නිල් සඳ මඬල
එකම මාසෙක යළිත් පෑයූ
පුර හඳකි
නිල් චන්ද්‍ර මඬලකි
ඔබ
නොකල්හී දසුන වුණු
පාණ්ඩු පාටැති
ප්‍රභාවෙන් තොර
නිල් වන්
එකළු කරණට නොවේ ගණදුර
නිරස කරණට සේය නුබ ගැබ....
සඳකි ඔබ දැන්
දැනුත් සැමදාටමත්
ග්‍රහයෙක් සේ ය බමණය වන
අනුන්ගේ එළියකින් බැබලෙන
කුමන වූ මායාවක්ද එය නම්
මා සියළු කැපකෙරුම්
නොවටණා දෙයක් කළ
සිතූවද මා හිරු ලෙසින් නුඹ
ඉමහත් ප්‍රභාවෙන් දිදුළවුණු එදවස
මා දෑස් වැටී ගිනි කණ
ඈත පෙණුමුද
මෑත පෙණුමද
අහිමි කළ
සිය බසට නැඟුමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.
එය නිල් සඳ මඬලකි. මාසයකට පුරු පොහෝ දින දෙකක් ඇති විට
දෙවැනි පුර පොහෝ දිනයට නිල් සඳ මඬල යනුවෙන් හැඳින්වීමක් වෙයි. ඈ මෙහි Blue Moon ලෙසින් යොදා ගන්නේ එයයි.
ඒ සඳ ඈ පෙර දුටු සඳ මෙන් එළිය නැත. පාණ්ඩු පැහැතිය. රැයේ
අඳුර දුරැලීමට අසමත් වෙයි.
එහෙත් එදා ඈ දුටු සඳ ඉරක් මෙන් ප්‍රභාමත්විය. එනිසාම ඈ
ඉන් ගිනිකණ වැටිණ. ගිනි කණ වැටුණු ඇස් දුර පෙනුමද ළඟ පෙනුමද අහිමි කළේය.
මෙය නම් මහත් උත්ප්‍රාසවත් කියමනකි. හොඳ නොහොඳ දැකිමට ඈ
තුළ වූ හැකියාව අර ප්‍රභාමත් බව විසින් උදුරාගෙන ඇති වගය ඈ කියන්නේ. මේ ප්‍රභාමත් බව
කොහෙන්දැයි දැන් ඇය විමසයි. ඇත්තටම එය කොහින්ද? මේ බලන්න එය කියා ඇති අයුරු.
සඳකි ඔබ දැන්
දැනුත් සැමදාටමත්
ග්‍රහයෙක් සේ බමණය වන
අනුන්ගේ එළියකින් බැබලෙන
ඉරක් නම් සිය එළිය විහිදයි. සඳක් නම් අන් ඉරක එළිය
විහිදයි. ඒ එළිය තමන්ගේ සේ පෙන්වුවද, සත්‍ය වශයෙන්ම ඒ විහිදන්නේ අනෙකෙකුගේ එළියකි.
එහෙත් කිසිදු සඳක්, තමන් මේ විහිදුවන්නේ අනෙකෙකු දුන් එළියකැයි නොපවසයි.
- යසනාත් ධම්මික බණ්ඩාර -



No comments:
Post a Comment