Tuesday, May 31, 2016

ගොවියෙකු වෙත අයැදුමක් - වික්ටර් හාරා



ගොවියෙකු වෙත අයැදුමක් (Prayer to a Farmer
යනු  



වික්ටර් හාරා  
ගේ ගීතයකි. 

මා මෙම ගීතය සිය බසට පෙරලීමට උත්සාහ ගනිද්දී එයට පාදක වූයේ එහි ඉංගිරිසි පරිවර්ථන දෙකකි. මේ පරිවර්තන දෙකේදී ඒවැගේ ඇති යම් යම් වෙනස් කම් කිහිපයක් මා හට නිරීක්ෂනය විය. ඉන් එකක අදහස අනෙකට සාපේක්ෂව සෘජු සහ පැහැදිලි වුව, එමෙන්ම මාතෘකාවට ඇති අදාලත්වය වැඩි යැයි හැඟෙන්නේ වුව, කාව්‍යාත්මක ගුණයෙන් එය සාපේක්ෂව දුප්පත් බව ඉන් එකකි. කාව්‍යාත්මක ගුණය සැලකූ විට අනෙක් පරිවර්තනය වඩා ඉහළින් තිබුණද, අදහස සම්ප්‍රේෂණය වීමේදී එහි යම් අපැහැදිලි කම් ඇති බව තවත් එකකි. එබැවින්, මම, මෙම ගීතය  සිය බසට පෙරලීම සඳහා මේ දෙකෙහිම සංකලනයක් යොදා ගත් බව සටහන් කරන්නට කැමැත්තෙමි.

දැන් මම මෙහි පළමුව දක්වන්නේ අදහස සම්ප්‍රේෂනය වීම තරමක් අපැහැදිලි යැයි හැඟුනද, කාව්‍යාත්මක ගුණය වැඩි යැයි දැණුනු ඉංගිරිසි පරිවර්තනයයි.

Prayer to a Farmer
ගොවියෙකු වෙත අයැදුමක් - වික්ටර් හාරා

Rise up and look at the mountain
from whence come wind, sun, and water.
You who drives the course of the river,
you who planted the flight of your soul.

Rise up and look at your hands,
to grow, hold it out to your brother.
Together we will go united in blood,
today is the time that can be tomorrow.

Free us from the one who rules us
in poverty.
Bring us your kingdom of justice
and equality.
Blow, like wind,
the flower of the ravine.
Clean, like fire,
the cannon of my rifle.
Your will be done, finally,
here on earth.
Give us your strength and your courage
to fight.
Blow, like wind,
the flower of the ravine.
Clean, like fire,
the cannon of my rifle.

Rise up and look at your hands,
to grow, hold it out to your brother.
Together we will go united in blood,
now and at the hour of our death.
Amen.

අනතුරුව මම පළ කරන්නේ,
ගොවියෙකු වෙත කෙරෙන අයැදුම - වික්ටර් හාරා
Prayer to a Farmer – Victor Jara

ගීතයෙහි මට හමු වූ දෙවන ඉංගිරිසි පරිවර්තනයයි.


Stand up, look at the mountains
Source of the wind, the sun, the water
You, who change the course of rivers,
Who, with the seed, sow the flight of your soul,
Stand up, look at your hands,
Give to your hand to your brother so you can grow.
We'll go together, united by blood,
Today is the day
We can make the future.
Deliver us from the master
who keeps us in misery.
The kingdom of justice and equality come.
Blow, like the wind blows
the wild flowers of the mountain pass.

Clean the barrel of my gun like fire
They will be done at last on earth
Give us your strength and courage to struggle.
Blow, like the wind blows
the wild flowers of the mountain pas

Clean the barrel of my gun like fire
Stand up, look at your hands,
Give to your hand to your brother so you can grow.
We'll go together, united by blood,
Now and in the hour of our death.
Amen.

මතු දැක්වෙන්නේ මා එය සිය බසට නඟන්නට ගත් වෑයමයි.

ගොවියෙකු වෙත කෙරෙන අයැදුම - වික්ටර් හාරා
Prayer to a Farmer – Victor Jara

ගඟ ගැලූ මග වෙනස් කළ ඔබ
ආත්මය බිජුවටසෙ අරගෙන
ජීවිතෙන් කෙත් සරු කරණ ඔබ
නැගී සිට
අර ඈත කඳුවැටිය දෙස
බලනු මැන ,
එයිනි හිරු දෙවිඳු නැඟ එන්නේ
සිසිල පිරි සුළං ගෙන එන්නේ
සුනිල දිය ධාරා ගලන්නේ

නැගී සිට
බලනු මැන
නුඹ දෑත් යුග දෙස
දිගු කරණු මැනවි එය
ඔබේ සොහොයුරා වෙත
හැකිය ඒ අත් රැගෙන
නැගිටින්න......

එක කුසින් ඔත්,
එකම ලෙය ඇති
සොවුරන් සේ
එකමුතුව යමු,
අදයි,
අදයි,
එ් දවස
සදා ගතහැකි වේවි
අදට වැඩි යහපත් හෙටක්
අප හට

දුගී බව නම් නිරයෙහි
රඳවා තබා අප සැම
පාලනය කරන්නාගෙන්
නිවහල් කරණු මැනවී
සාධාරණත්වයේ සහ සමානත්වයේ
රාජධානිය
අප වෙත ගෙනෙනු මැනවී
ගිරි කඳුරු මත පිපි
කුසුම් පිස හමන්නා සේ
මද මුදුව හමනු මැනවී
ගිනි දණ්ඩක ගිනි දළු සේ
මා දවන
ගිනි නිවනු මැනවී
ඉටු කරණු ඇත ඔබ
මේ සියල්ල
අවසන, දිනක,
මේ
මිහි මත

දෙනු මැනවි  අපට,
සටනට
ශක්තිය සහ
ඔබේ දිරිය

ගිරි කඳුරු මත පිපි
කුසුම් පිස හමන්නා සේ
මද මුදුව හමනු මැනවී
ගිනි දණ්ඩක ගිනි දළු සේ
මා දවන
ගිනි නිවනු මැනවී
නැගී සිට
බලනු මැන
නුඹ දෑත් යුග දෙස
දිගු කරණු මැනවි එය
ඔබේ සොහොයුරා වෙත
හැකිය ඒ අත් රැගෙන
නැගිටින්න......
එකම ලෙය ඇතියවුන් සේ
යමු අප,
මේ නිමේශයේදීද
මරණයේ හෝරාවේදීද
එකට එකමුතුව,

ආමෙන්....

අන් සින් සිය බසට පෙරලීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.

චිලියානු දක්ෂිණාංශක ඇමරිකන් ජුන්ටා පාලනය පරදා සමාජවාදී කඳවුර බලයට ගෙන ඒමේ සටනට විවිධ කණ්ඩායම් වල සහාය අවදි කරුණ වස්  

 වික්ටර් හාරා 
සිය ගැයුම් ඉදිරිපත් කර ඇති බව පෙර නිර්මාණ වලදී ඔබට පැහැදිලි විය. මේ අයැදුම ඒ අනුව ඔහු කරණුයේ ගොවියෙකුගෙනි. එක් ගොවියෙකු වෙතින් කෙරෙන ඉල්ලීමක් වැනි වුව එය, මේ නම් චිලී දේශයෙහි අපා දුක් විඳින සියළුබ අඳ සහ කුලී ගොවියන්ගෙන් කෙරෙන අයැදුමකි.

මෙවන් සටන් වලදී, කම්කරුවනට වඩා යම් පසුගාමී බවක් ගොවියන් තුළ වූයේ යැයි ප්‍රකටය. ඊට හේතුව හරි හැටි කිව නොහැකි මුත් සිය රැකියාවේ ස්වභාවයද බලපාන්නට ඇතැයි මට සිතේ. විඳින දුක එකම අයුරක වුව, විවිධ රැකියාවල රිද්මයන් වෙනස් ය. ඒ අනුව ඒ ඒ රැකියාවන්හි නියුතු වූවන් ගේ ගත දුවන රුහිරයෙහි උණුසුම සමාන නැතැයි මට සිතේ. යම් සටන්කාමී බවක් සහ සටනට ජවයක් එකතු වන්නේ ඒ ඒ රුහිරයේ ඇති උණුසුම සමඟ බව මම සිතමි.


ගොවියා සතු වටිණාකම කුමක්ද? ඔහු සතු බලය කුමක්ද යන්න මෙම ගීතයේදී පැහැදිලි කිරීමක් සිදුවෙයි. එහෙත් කවෙහි ඇරඹුම් කොටස දෙස විමසිල්ලෙන් බැලුවොත් මට හැඟෙන්නේ ගොවියාට ගොවිතැනට ලැබෙන සමහර අත්‍යවශ්‍ය දේ සිය හාම්පුතුන්ගෙන් හෝ දෙවියන්ගෙන් ලැබෙන දෙයක් නොව මේ ලොව සියළු දනට එක සේ අයිති සොබාදමින් ලැබෙන දෙයක් බවට කෙරෙන පැහැදිලි කිරීමකිනි.

නැගී සිට
අර ඈත කඳුවැටිය දෙස
බලනු මැන ,
එයිනි හිරු දෙවිඳු නැඟ එන්නේ
සිසිල පිරි සුළං ගෙන එන්නේ
සුනිල දිය ධාරා ගලන්නේ


නැගී සිට බලන්නට මතක් නොකළේ නම්, ඔවුන්, මේ සියළු දේ දෙවියන් හෝ සිය හාම්පුතුන් තමනට ලබා දෙන දායාදයන් වැනි යැයි සිතා සිටින්නට ඉඩ තිබුණාදැයි වැනි අදහසක් මට ඇති වෙයි.

එහෙත් ගොවියන් වන ඔබ මොන තරම් ශක්තිමත් පිරිසක් දැයි වටහා දෙන්නටය එහි මෙලෙස ලියා ඇත්තේ.

ගඟ ගැලූ මග වෙනස් කළ ඔබ
ආත්මය බිජුවටසෙ අරගෙන
ජීවිතෙන් කෙත් සරු කරණ ඔබ



එයින් ද අනතුරුව, ගොවියා සතු සැබෑ බලය පෙන්විය හැක්කේ අනෙකුන් හා එක්ව එකතුව සටන් කිරීමෙන් බව කියයි.

මෙහිදීද මට මහත් වෙනසක් දැනෙයි. පෙර පළ කළ නිර්මාණ වල තරම් සටන්කාමී නොවූ යම් නිවුණු ස්වභාවයකින් කෙරෙනා පැහැදිලි කිරිමක් මෙහි වන බවයි.

මෙය ඉල්ලීමකි. ඉල්ලීම ඉදිරිපත් වනුයේ යාඥවක් විලසිනි. අවසන දෙවියන් ඉදිරියේ කියනා ලෙස ආමෙන් යනුවෙන් ද එහි කියයි.

අවසනට ආමෙන් කීමෙන් මා තුළ අදහස් දෙකක් මතු වෙයි. ඉන් එකක් නම්, මිහිපිට දෙවියෙකු ලෙසට ගොවියෙකුට සැලකිය හැකිය සහ සැලකිය යුතුය යන අදහසයි. අනෙක නම් දෙවියන් යැයි කෙනෙකු සිටි නම් සිටිණුයේ මේ මිහි මත ම මිස, නොපෙනෙන අන් ලොවක නොවන බවයි. වක්ටර් හාරා දැරූ රැඩිකල් මතවාදයන්ට අනුව එලෙස දෙවෙනි ආකාරයෙන් සිතීම වරදක් නොවේ යැයි සිතමි.

එම ගීතය අසන්න.





-      යසනාත් ධම්මික බණ්ඩාර    -