යන්න කාගේත් මනසට ගෙන එන්නේ එනමින් වන
මායා
ඇන්ජිලෝ
කිවිඳිය ගේ කවකි. එය වඩාත් ප්‍රකට ය. නමුත් එය ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්ම
යැයි කීමට ද නොහැක. නොවේ යැයිද කිව නොහැක. ඊට හේතුවක් ඇත. ප්‍රබල
හේතුවක් ඇත.
එම වදන් පෙළ ඇයගේ කවෙහි හමුවීමට පෙර අපට හමුවන්නේ,
ඇමරිකානු අප්‍රිකානුවන් අතර මුළින්ම ගෞරවයට පාත්රවුණු ඇමරිකානු අප්‍රිකානු කවියා
වූ,
පෝල් ලෝරන්ස් ඩන්බාර් Paul Laurence Dunbar
(1872/06/27 සිට 1906/02/09 ) ගේ "Sympathy" නම් වූ කවෙහි ය. මතු දැක්වෙන්නේ පෝල් ලෝරන්ස් ඩන්බාර් ගේ
එම කවයි.
"Sympathy" By Paul Laurence Dunbar
I know what the caged bird feels, alas!
When the sun is bright on the upland slopes;
When the wind stirs soft through the springing grass,
And the river flows like a stream of glass;
When the first bird sings and the first bud opes,
And the faint perfume from its chalice steals—
I know what the caged bird feels!
I know why the caged bird beats his wing
Till its blood is red on the cruel bars;
For he must fly back to his perch and cling
When he fain would be on the bough a-swing;
And a pain still throbs in the old, old scars
And they pulse again with a keener sting—
I know why he beats his wing!
I know why the caged bird sings, ah me,
When his wing is bruised and his bosom sore,—
When he beats his bars and he would be free;
It is not a carol of joy or glee,
But a prayer that he sends from his heart's deep core,
But a plea, that upward to Heaven he flings—
I know why the caged bird sings!
මට ඇවැසි වූයේ මායා ඇන්ජිලෝ
ගේ "I
know why the caged bird sings" කව අන් බසින් සිය බසට පෙරලනුවස් මා ගත් උත්සාහය ඔබ වෙත ගෙන හැර පැමටය.
එහෙත් ඊට පසු බිම් වූ මේ පෝල් ලෝරන්ස් ඩන්බාර් Paul Laurence Dunbar ගේ "Sympathy" කව පිළිබඳව කතා නොකොට යාම අඩුවක් ඉතිරිකර යාමකැයි සිතුවෙමි.
මේ කව ද ඔබ වෙත පෑවේ නම් ඔබේ රසය වඩාත් එසවෙන බව දන්නා බැවිනි.
දැන් ඊ ළඟ ගැටළුව වුණේ මේ කව ද අන් බසින් සිය බසට
පෙරලිමට වෙහෙසෙන්නට සිදුවීමයි. එය ද සිය බසට නොපෙරලා අන් බසින් ලියූ කව පමණක් පෑම
අඩුවකැයි සිතූ බැවින් එයද සිය බසට වෑයමෙන් පෙරලීමි. ඒ ගත් උත්සාහය අහක නොයන්නේ
දැන් මට ඒ මැයෙන් කවි දෙකක් හිමිව ඇති බැවිනි. මේ එම උත්සාහයයි.
"Sympathy" By Paul Laurence Dunbar
අහෝ!,
මම දනිමි
සිර කොට ඇති විහඟෙකුට
හැඟෙන දේ කුමක්දැයි
උස් බිමේ බෑවුමට ඉහළින්
බබලනා විටදි හිරු,
වසන්ත තණ පත් මතින්
ඇදෙන සඳ නළ මුදුව
සුපැහැදිලි පළිඟු වන්
නදී දිය ගලන කල
පළමු විහඟා ගීය ගයන කල,
පොහොට්ටුවෙ පෙති ඇරෙන කල
දැනෙන නොදැනෙන පුසුඹක්
එහි කෙමියෙන් සොරා ගන්නා කල
මම දනිමි
සිර කොට ඇති විහඟෙකුට
හැඟෙන දේ කුමක්දැයි
දනිමි මම
සිරකෙරූ විහඟෙක්
ලෙයින් නැහැවී
රතු වන තුරු
සිය අත්තටු
කූඩුවෙහි ලෝමුවා කූරුවල
ගටන්නේ මන්දැයි
යා යුතුයි පියාඹා යළිත් ඌ
සිය කැදැල්ලට ළබැඳි
තුටු වනුයේ ඌ
සැලෙන තුරු අගිස්සක් මතදි
විය හැකිය
තවද,
සොඳ වූ තුවාලද
වේදනා දෙයි තවමත්
ගැස්සෙයි යළිත් ඒවා
තියුණු වූ රිදුමින්
දනිමි මම
සිය අත්තටු
ගටන්නේ ඌ මන්දැයි
අහෝ!,
දනිමි මම,
සිර කෙරූ විහඟෙකු
ගී ගයන්නේ මන්දැයි
ඉදිමී උගේ අත්තටු
තුවාල වුණු කල පපුව
බිඳ දැමූ කල
සිරකළ කූඩුවෙහි
ලෝමුවා කූරු
ලබයි ඌ නිදහස
නොවෙයි එය,
ප්‍රීතියේ ප්රමෝදයේ ගීය
නමුදු යැදුමකිය එය
උගේ හදපතුලෙන් ම නැගෙනා
නමුදු අයැදුමකි එය
දෙව් ලොව තෙක් ඌ යොමු කරණා
දනිමි මම,
සිර කෙරූ විහඟෙකු
ගී ගයන්නේ මන්දැයි
අන් බසින් සිය බසට නැඟුමේ උත්සාහය,
යසනාත් ධම්මික බණ්ඩාර.
මේ කවෙහි කියවෙනුයේ කූඩු කළ විහඟෙකු ගැනය. කූඩු කළ විහඟා
සිටිනුයේ පැහැදිලිවම නොසතුටිනි.
එය වටහා ගත හැකිය. නිදහසේ, ඈත, ඉහළ ගගනතේ සරන්නට හුරු වූ
කුරුලෙක්, කවදා නම් කැමැත්තකින් කූඩු වී සිටිනු ඇතිද?
මායා ඇන්ජිලෝගේ කවෙහිද සිටිනුයේ මෙලෙසින්ම කූඩු කළ විහඟෙකි. මායා ඇන්ජිලෝ ද ලියන්නේ කූඩු වී සිටින විහඟාගේ
නොසතුට ගැනයි. කූඩු කළවුන් කෙරෙහි ඇති තරහාවයි. මේ කවි දෙක සසඳන්නට පෙර, මායා ඇන්ජිලෝ ගේ කව ද මෙහි සඳහන් කොට සිටීම වටී.
I know why the caged bird sings by Maya Angelou
A free bird leaps on the back
Of the wind and floats downstream
Till the current ends and dips his wing
In the orange suns rays
And dares to claim the sky.
But a BIRD that stalks down his narrow cage
Can seldom see through his bars of rage
His wings are clipped and his feet are tied
So he opens his throat to sing.
The caged bird sings with a fearful trill
Of things unknown but longed for still
And his tune is heard on the distant hill for
The caged bird sings of freedom.
The free bird thinks of another breeze
And the trade winds soft through
The sighing trees
And the fat worms waiting on a dawn-bright
Lawn and he names the sky his own.
But a caged BIRD stands on the grave of dreams
His shadow shouts on a nightmare scream
His wings are clipped and his feet are tied
So he opens his throat to sing.
The caged bird sings with
A fearful trill of things unknown
But longed for still and his
Tune is heard on the distant hill
For the caged bird sings of freedom.
මේ එම කව අන් බසින් සිය බසට පෙරලීමට මා කළ වෑයමේ ප්රතිඵලයයි.
දනිමි මම, කූඩුවේ සිටින විහඟුන්
ගී ගයන්නේ ඇයි කියා
මායා ඇන්ජිලෝ ගේ කවකි
නිදහසේ සරණ විහඟකු
පැන පැන පියාඹයි
වායු ධාරා පසු පස
පා වෙවී පිහිනයි
පහලට ගලන දිය පිට
නිමා වෙනතුරු දිය වැල
ගිල්වාගෙන සිටී සිය අත්තටු
ගොම්මං අහස් කුස වගුරන
තැඹිලි පැහැ හිරු රැසෙහි
අයිතිය කියයි ඌ සිය
ගගනතෙහි ඉහළට, ඈතට
නමුදු,
හැරෙන්නට වත් ඉඩ නැති
කුඩා කූඩුවක
කප්පාදු කොට අත්තටු,
ගැට ගසා පා
සිර කොට සිටින,
වේදනාවේ හා කෝපයේ
කම්බි කූරු අතරින්
අසීරුවෙන් යන්තමින්
ලොව දකින
විහඟාද
හරියි මුව ගැයුමට ගීයක්
සිරගතව සිටින විහඟුන්
ගයයි ගී
බියද දුකද මුසු හඬින්
කිසිදා නොවිඳ ඇති මුත්
සදා පතනා යමක් ගැන
ඈත කඳුවැටි තෙක්ම පැතිරෙයි
ඒ සියොත් ගී රාව
සුන්දර වු
නිදහස ගැනය ඒ ගී
නිදහස් විහඟ තෙම
සිතයි එන තවත් සුළඟක් ගැන
එමෙන්ම වෙළඟ සුළඟ මෘදුව හමන
ගී ගයන තුරු හිස් මුදුණින්
එමෙන්ම
පෘෂ්ඨිමත් පනුවන්
බලා සිටී ඌ එනතෙක්
දිස්නෙ දෙන උදා හරු කිරණ යටැ
තණ බිහි වල
ලියයි ඌ අහසෙහි,
අහසට ඇති තම අයිතිය
නමුදු, සිර කළ විහඟෙක්
සිටිමින් සිහිනවල සොහොන මත
කෑ ගසයි උගේ සෙවනැල්ල
දැවටී නපුරු සිහිනෙක
කප්පාදු කොට අත්තටු,
ගැට ගසා ඇත පාද
එහෙත් මුව හරියි ඌ ගැයුමට,
ගීත
සිරගතව සිටින විහඟුන්
ගයයි ගී
බියද දුකද මුසු හඬින්
කිසිදා නොවිඳ ඇති මුත්
සදා පතනා යමක් ගැන
ඈත කඳුවැටි තෙක්ම පැතිරෙයි
ඒ සියොත් ගී රාව
සුන්දර වු
නිදහස ගැනය ඒ ගී
අන් බසින් සිය බසට නැඟුමේ උත්සාහය,
යසනාත් ධම්මික බණ්ඩාර
දැන් මේ කවි දෙක කියවූ ඔබට ඒවාගේ ඇති සාම්‍යයන් සහ යම්
යම් වෙනස් කම් යම් මට්ටමකින් හඳුනාගත හැකි වෙයි. ඒ අනුවයි අපි මේ කව් සසැඳිය
යුත්තේ. පෙර කී ලෙසම,
පෝල් ලෝරන්ස් ඩන්බාර් ගේ කවෙහි සේම මායා ඇන්ජිලෝ ගේ කවෙන්ද කියවෙනුයේ කූඩු කළ විහඟෙකු
ගැනය. කූඩු කළ විහඟා සිටිනුයේ පැහැදිලිවම නොසතුටිනි.
එය වටහා ගත හැකිය.
නිදහසේ, ඈත, ඉහළ ගගනතේ සරන්නට හුරු වූ කුරුලෙක්,
කවදා නම් කැමැත්තකින් කූඩු වී
සිටිනු ඇතිද?
නිදහසේ ඇති චමත්කාරය මේ කවි දෙකෙහිම මනාව පැවසෙයි. නිදහස
අහිමිවීම මොන තරම් ඛේදවාචකයක්ද යන්න කීමට එය රුකුලක් වෙයි.
පෝල් ලෝරන්ස් ඩන්බාර් ගේ කවෙහි හමුවන
කූඩු කළ විහඟා කූඩුවෙන් නිදහස ලැබුමට අනවරත උත්සාහයක යෙදෙයි. ඒ උත්සාහයේදී දැඩි
වේදනාවට ලක් වෙයි. තුවාල ලබයි. රුහිරු වගුරයි. වේදනාවන් දැරිය නොහැකි වන විට වෑයම
අත් හරියි. එහෙත්, වේදනාවන් පහව, තුවාල සුව වූ පසු නිදහස් වීමේ උවමණාව මතුවෙයි. ඒ
නිසා නිදහස් වීමේ වෑයම යළිත් අරඹයි. මෙය යළි යළිත් සිදුවෙයි.
මායා ඇන්ජිලෝ ගේ කවෙහි, කූඩු වී සිටින විහඟා නොසතුටින් මතු නොව කූඩු
කළවුන් කෙරෙහි ඇති තරහාවකින්ද වෙයි. ඒ හැර, පෝල් ලෝරන්ස් ඩන්බාර් ගේ කවෙහි සිටින
විහඟා කූඩු කර ඇතිවා මිස, උගේ තටු කපා නැත. පාද ගැට ගසා නැත. යම් කිසි විටෙක
කූඩුවේ දොර හැර ගතහොත්, නැති නම් කූඩුව බිඳ ගතහොත් ඈත ගගනත පුරා යළි නිදහසේ පියාඹා
යා හැකිය. එහෙත් මායා ගේ කවෙහි සිටින විහඟා
එසේ නොවෙයි.
කූඩු කර ඇතිවා පමණක් නොව, උගේ තටු කපා ඇත. පාද ගැට ගසා ඇත. යම් කිසි විටෙක කූඩුවේ
දොර හැර ගත්තද,
කූඩුව බිඳ ගත්තද ඈත ගගනත පුරා යළි නිදහසේ
පියාඹා යා නොහැකිය.
මේ අනුව මායා ඇන්ජිලෝ
ගේ කවෙහි හමුවන විහඟා හට කළ හැකිව ඇති එකම දෙය නම් නිදහස වෙනුවෙන් ගී ගැයුම පමණකි.
මායා ඇන්ජිලෝ කියන මේ කූඩුව කුමක්ද? සිරකර සිටින විහඟා විහඟෙක්මද? එහි
ඇත්තේ ඈගේ ළමා කාලය පිළිබඳව යැයි පැවසේ. ඇගේ ළමා විය අනේක විධ වධ බන්ධන වලින්
පිරුණා වූ එකකි. මා පළ කළ ඇගේ Million
Man March Poem කවට පෙර පළ කළ විස්තරය කියවුවහොත් එය යම් තරමකට වටහා ලත
හැක වනු ඇත.
එවිට කූඩු කර සිටින විහඟා යනු තමන්ම ය.
නිදහස පිළිබඳ
තමන් තුළ ඇති නොතිත් ආශාව සහ පැතුමද, එහෙත් ඒ හා සමඟම නිදහස්ව යා නොහැකි තරමට තමා
බැඳගත් වහල් බැමිද ඉන් කියැවෙයි.
ජාතිවාදය, වර්ණ භේද වාදය,වහල් බව, ලිංගිකත්වය මත පදනම්
වන කොන් කිරීම, අනාරක්ෂිත බව, අසරණ බව, අපයෝජනය....... මේ හැර තවත් ඕනෑම දෙයක්.
මේ සියල්ල කොපමණ වාර ගණනක් කොයි තරම් දුරකට ඈව පසුබට
කළත් ඈ ඒ සියල්ලට එරෙහිව යළි නැගී සිටී. ඒ අනුව පෙර කී බැමි කූඩුව වේ නම්, කූඩු කළ
විහඟා විය යුතු ඇය ම ය.
- යසනාත් ධම්මික බණ්ඩාර -








අගෙයි, සටහනද අප බසට නැගීම ද...
ReplyDelete( තද නිල් පැහැය තරමක් ඇසට කරදරයි.)
ස්තුතියි ඔබට. ඊ ළඟ පෝස්ටුවේ සිට තද නිල ළා නිල් වනු ඇත.
ReplyDeleteයසනාත්, වසර කිහිපයකට උඩදී මම මායා අන්ජෙලෝගේ එම කවිය පරිවර්තනය කොට මගේ බ්ලොග් අඩවියේ පළ කළෙමි.එහි සබැඳිය මෙයයි http://nilukakadurugamuwa.blogspot.com/2011/11/blog-post_29.html
ReplyDeleteකියවා බලා ඔබේ අදහස කියන්න.
සුළඟ පිට උඩ නැගී
පහළට පාව විත්
සුළං රැළි නවතින තැන නැවත
රන්වන් හිරු රැසෙහි පියාපත් පොඟවනුය
නුබගැබට අයිතිකම් කියා කෑ ගසනුය
නිදහස් සියොත් තෙම
එනමුදු කූඩුවක් තුළ
හිස නගා ඔබ මොබ යන
වියරුවෙහි දැල මැදින්
එළිය ඉඳ හිට දකින
කැපූ පියපතින් යුත්
දෙපා බැඳ දමා ඇති
කූඩු කළ සියොත් තෙම
විවර කරනුය මුව
ගීතයක් ගයන්නට
නම නොදන්නා මුත්
තවමත් පතන දෙය ගැන
බියජනක ධ්වනියෙන් ගී ගයයි
කූඩු කළ සියොත් තෙම
උගේ ගී රැව් දෙයි
ඈත කඳු පෙළ අතර
ගයනා හෙයින් නිදහස ගැනම
ගස් අතරින් හමන මුදු සුළං රැළි ගැන
අලුයම බිම සිටින මහත පණුවන් ගැන
තමන් වෙත හමා එන තවත් සුළඟක් ගැන
කල්පනා කරනුය නිදහස් සියොත් තෙම
නුබ ගැබට අයිතිකම් කියනුය සෑම විට
සිහින වැලලූ තැන රැඳී සිට
ඇඟ කිළි පොලා යන නාදයක් පතුරුවන
කැපූ පියපතින් යුත්
දෙපා බැඳ දමා ඇති
කූඩු කළ සියොත් තෙම
විවර කරනුය මුව
ගීතයක් ගයන්නට
නම නොදන්නා මුත්
තවමත් පතන දෙය ගැන
බියජනක ධ්වනියෙන් ගී ගයයි
කූඩු කළ සියොත් තෙම
උගේ ගී රැව් දෙයි
ඈත කඳු පෙළ අතර
ගයනා හෙයින් නිදහස ගැනම