Sunday, October 23, 2016

The Guest House - තානායම By Jellaludin Rumi





The Guest House
This being human is a guest house.
Every morning a new arrival.

A joy, a depression, a meanness,
some momentary awareness comes
As an unexpected visitor.

Welcome and entertain them all!
Even if they're a crowd of sorrows,
who violently sweep your house
empty of its furniture,
still treat each guest honorably.
He may be clearing you out
for some new delight.

The dark thought, the shame, the malice,
meet them at the door laughing,
and invite them in.

Be grateful for whoever comes,
because each has been sent
as a guide from beyond.
A teaching story translated by Coleman Barks


The Guest House - තානායම By Jellaludin Rumi
 ( English translation by Coleman Barks )

මිනිසෙකු වීමත් හරියට
තානායමක් වැනිය
නව අමුත්තෙකිය
සැම උදෑසනකම
සතුටක් සොම්නසක්
දුකක් සංකාවක්
දුෂ්ඨ වූ හැඟුමක්

නොදන්වා පැමිණෙන
අමුත්තෙක් මෙන්
එක් වරම පහළ වේ නුවණ
වැටහේ ඇති තතු

සාදරයෙන් පිළිගෙන
කරනු මැන සත්කාර
ඒ හැම තැවුල්
රැසක්ම වුව

සැහැසි ලෙස අතුපතු ගා ඔබ නිවෙස
හිස් කරණවා විය හැක බඩු මුට්ටු උහු
එසේ වුව ගෞරවාන්විතව සලකන්න
ඔහු ඔබව පවිත්‍ර කරණවා විය හැකිය
නව්‍ය සොම්නස් බවක් වෙනුවෙන්
අඳුරු සිතුවිලි
නින්දාවන්
කුඩුකේඩු කම්
ඔවුන් සැම හමුවන්න
බිහිදොර වෙතම ගොස්
පිළිගන්න තුටු සිතින්
මදහස රැඳි මුවින්
කෘතඥ වෙන්න ඔවුනට
පැමිණියේ කුමකට වුව
මක්නිසාද යත්, ඒ් සැමෙකක්ම එවා ඇත්තේ
දුරස්ථව සිට මග පෙන්වන්නෙකු විලසට බැවින්

අන් බසින් සිය බසට නැගීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර 


Wednesday, August 17, 2016

FERNANDO.........



FERNANDO.........


මෙම ගීතය අපට අසා පුරුදු ABBA සංගීත කණ්ඩායමේ ගැයුමක් විලසින් වුවද මෙහි පළමු ගැයුම ABBA සංගීත කණ්ඩායම විසින් නොවේ. 

එය කේවල ගීතයක් වශයෙන්  


Anni-Frid Lyngstad 
විසින් ගැයූවකි. 

මුළින්ම ස්වීඩන් භාෂාවෙන් රචනා වී ගයා ඇති ගීතය පසුව ඉංග්‍රීසි බසින් ගයනු ලැබින. එමෙන්ම මෙය ස්පාඤ්ඤ බසින්ද ගයා ඇත.



ABBA කණ්ඩායම විසින් මෙම ගීතය නිර්මාණය කළේ 1976 දී වන අතර මෙය  ABBA කණ්ඩායමේ වැඩිම අලෙවියක් සහිත තනි ගීතයක් ලෙස නිකුත් වූ ගීතයයි. 1976 දී පමණක් එහි පිටපත් 6,000,000 ක් අලෙවි වීඇත.
 
ගීතයේ නිර්මාණය  


Benny Andersson  
සහ  


Björn Ulvaeus  
විසිනි.

 මෙම ගීතය මුළින් නම් කර තිබුණේ "Hernandez" ලෙසිනි. එහෙත් පටිගතකිරීමට මොහොතකට පෙර එය "Fernando" ලෙස නම් කළේ ඔවුනගේ මෝටර් රථ රියදුරා ගෙන ආ යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙසිනි. හොඳ යෝජනා ගෙනෙන්නේ කවරෙකු වුවද කම් නැති බවට මෙය කදිම නිදසුනකි.

මෙහි අන්තර්ගතය වන්නේ විසල් පරාජයන් අත් වූ යුද්ධයකදී  ඊට ක්‍රියාකාරී සහය නොදුන් අයෙකු විසින් එම සටනට දිවි නොතකා දායක වූ විරුවෙකු අභියස කරන පාපෝච්ඡාරණයකි.

මෙම යුද්ධය එක්දහස් අටසිය ගණන්වලදී රියෝ ග්‍රෑන්ඩ් ගංගාව දේශසීමාව ලෙස පවතින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය හා මෙක්සිකෝව අතර ඇති වූ ආරවුලක් නිසා ඇමරිකානුවන් විසින් මෙක්සිකෝව ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇරඹුනු එකකි. 




"Fernando" නම් චරිතයෙන් සංඛේතවත් කරණුයේ එම යුද්ධයට දිවි දෙවෙනි කොට සහභාගී වූ අතීත යුධ විරුවෙකි. ඔහු මෙක්සිකානුවෙකි.

මේ  ABBA කණ්ඩායමේ FERNANDO ගැයුමයි.


මෙම ගීතය ස්පාඤ්ඤ බසින්ද ගැයුනු බවට මා කී බව ඔබට මතක ඇත. එබැවින් එම ගීතයද මෙහි අමුනමි.



මතු දිග හැරෙන්නේ මේ ලෝක පූජිත ගීතය සිංහලයට නගන්න මා ගත් දුප්පත් උත්සාහයයි. 

FERNANDO
==================
විරුව......සකිසඳ...
අර ඇසෙන රණ බෙර හඬ
නුඹටත් ඇසෙනවද........?



මට මතකයි,
බෝ ඈත දවසක
රැයක්
මේ වගෙම තරු පිරුණු
අහසක්
ගිනි එළි මැද දිළුණු.....



විරුව..... සකිසඳ.....
ඔබ,
ගිටාරයෙ තත් මෘදුව පිරිමදිමින්
ගීතයක් සෙමින් මුමුණමින්
සිටියා....සන්සුන්ව....



ඇසුනේ දුරින් එන
රණ බෙර හඬ.....
බියුගල් නද....
ඒ හඬ මදින් මද ළං වෙමින්...
සෑම පැයක්..... සෑම මිනිත්තුවක් ම
කල්පයක් ලෙස දැනවූවා....



විරුව......සකිසඳ...
ඒ හඬ මට රැගෙන ආවේ බියම ය
සිටියද යෞවනේ දොරකඩ
පිරී තිබුණද තරුණ ජීවයෙන්...
දිරිමත් වුණේ නෑ  සිත
දිවි පිදුමට....
මදි කමක් නොවෙයි එය කීමට,
කාල තුවක්කු සහ
ගිනි අවි වල ගිගුම් නද
බියෙන් හැඬවූ බව මා...



එදා ඒ රැයේ
ඒ අහසේ
අඳුර පරදා
අමුතු එළියක් තිබුණා
තරු වෙනදාට වඩා දිළුණා

විරුව.... සකිසඳ....
ඒ තරු දිලිසුණේ
ඔබ  නමින්
මා නමින්
දේශයේ උතුම් වූ
නිදහස නමින්

විරුව.... සකිසඳ....
පැරදුමක් පිළිබඳ
සිතුවිල්ලකුදු නොවුණද,
පසුතැවීමක් නෑ.....
දිනක් එළඹුනහොත්
නැවත එය කෙරුමට
මම ද එහි ගොනුවෙමි

විරුව..... සකිසඳ......
අපි ඉතින් දැන් මහළුයි....

විරුව..... සකිසඳ......
වසර ගණනකම සිට
දුටුවේ නෑ මම
රැඳුණු අවියක් නුඹෙ අත....

නුඹුට ඇසෙනවද ඒ රණ බෙර හඬ....
මතකයේ ඇති තාමත්.....

උද්වේගකර රාත්‍රිය
අපි රියෝ ගඟ තරණය කළ......
නුඹේ ඇස් මට කියන්නේ
දේශය වෙනුවෙන් සටන් කළ
උතුම් මිනිසෙකුට හිමි
නිහතමානී ආඩම්බරය ගැන කතාවයි....



එදා ඒ රැයේ
ඒ අහසේ
අඳුර පරදා
අමුතු එළියක් තිබුණා
තරු වෙනදාට වඩා දිළුණා

විරුව.... සකිසඳ....
ඒ තරු දිලිසුණේ
ඔබ  නමින්
මා නමින්
දේශයේ උතුම් වූ
නිදහස නමින්

විරුව.... සකිසඳ....
පැරදුමක් පිළිබඳ
සිතුවිල්ලකුදු නොවුණද,
පසුතැවීමක් නෑ.....
දිනක් එළඹුනහොත්
නැවත මම එය කළ යුතු
මම ද  ගොනුවෙමි

විරුව..... සකිසඳ......
ඔවු මමද ඊට ගොනු වෙමි...
ඔවු මමද ඊට ගොනු වෙමි...



- යසනාත් ධම්මික බණ්ඩාර -