Mario Hamel
Ho
Mario Mario
Ho
Mario you poor soul
Hungry
cold and wasted
Drifter
and a social destitute
There
was no one to save you
When
you discontinued Lithium
Your
mood may have become unstable
Probably
you have lost the reality
Unable
to figure out the danger
You
were not striking at anyone
But
only at your self
When
the battle of sanity vs insanity began
You
lost it indeed
Lost
it completely
When
you were acting out
You
were disconnected and incoherent
Never
had an idea for a second
You
were surrounded by cops with deadly magnum force
When
the bullets hit your body
You
touched the ground
This is how your story ended
Another homeless insignificant man became
history
-
This
Poem is dedicated to Mario Hamel – Homeless man and a known psychiatric patient
who was shot dead by the Montreal Police in June 2011 –
Ruwan M. Jayatunge
Mario Hamel
යනු මානසික රෝගී තත්වයකින්
පෙළුනු අසරණ මිනිසෙකු වූ බවත්, කැනඩාවේ මොන්ට්‍රියල්
නුවර පොලිසිය විසින් වසර 2011 ජූනි මස දිනක ඔහුව එරට පොලිසිය විසින් වෙඩි
තබා ඝාතනය කළ අයෙකු බවත් මා දැන ගත්තේ
වෛද්‍ය රුවන්
එම්. ජයතුංග
ගේ ඉංගිරිසි බසින් ලියූ ඉහත කව අවසන තැබූ කෙටි සටහන නිසාවෙනි.
මේ
මාරියෝ හාමෙල් යනු Patrick Limoges
නම් පුද්ගලයෙකු වන අතර ඔහු මිය යද්දී 36 වියෙහි පසුව ඇත. කැනඩාවේ Montreal නුවර වැසියෙකු වූ ඔහු එහි St. Luc Hospital සෙවකයෙකු බවද පැවසේ. ඔහු මානසික රෝගී තත්වයකින් පෙළුනු
බවද කියැවේ.
මේ මරණය සිදුවූයේ පොලිසිය අතින් වැරදී වෙඩි වැදීමකින් බව
පැවසෙතත්, ඔහුව මරා දමනු ලැබූ බවට චෝදනා නැගුණි. එවිට පොලිසිය පැවසුවේ හාමෙල් තමන් වෙත පිහියක් අමෝරාගෙන කඩා පනීමේදී
ආරක්ෂා වීමට වෙඩි තැබූ බවයි.
මේ මා සොයා ගත් යම් තොරතුරු ටිකකි.
වෛද්‍ය රුවන් ගේ කව
දුටු සැනින් එය සිය බසට නඟන්නට මසිත යුහුසුළු විය. ඒ අනුව මේ පිට පිට සිය බසට නඟන
ඔහුගේ දෙවැනි කවයි. මේ කවත් සමග මම ඔහුගේ කිවා 3ක් සිය බසට පෙරලන්නට උත්සාහ ගෙන
ඇති බැවින්, මගේ කෘතියක් වේ නම් ඔහුටද එහි පරිච්ඡේදයක් වෙන් විය යුතු යැයි හැඟේ. ඒ
අදහසින් දිගටම සිටිමි.
අහෝ මාරියෝ මාරියෝ
අන්ත අසරණ මාරියෝ
දැවෙද්දී කුස සායෙන්
සීතලෙන් ගල් වුණු
ඇට කෝටු දරමිටියටම කෘෂ වුණු
දිනෙන් දින මොහොතින් මොහොත
තව තවත් අසරණ වුණු
වැටුණු වැටුණු තැන මහ මඟ
ලැග හුන්
කිසිවෙකුත් රැකවලක් නොමදුන්
නැවතුණු කල ලිතියම් ඔසුව
අවුල් විය නුඹේ මනෝභාවය
බොහෝ විට නොදකින ලදි නුඹ
යථාව
නොහඳුනන ලදි
අනතුර ද
හානියක් කළේ නෑ නුඹ
කිසිවිට
කිසිවෙකුට
හානියන් විනි නම් නුඹෙන්
නුඹටම ය
ඇරඹෙන විට සටන
උමතු බව සහ
පියවි ලොව අතර
පැරදුනි නුඹ එයින්
අන්තයටම පැරදුනි
දක්වන විට සම්මතයෙන් බැහැරව
අසම්මත හැසිරීම්
අතහැර දමනු ලැබින නුඹ
නොතකා හරිනු ලැබින නුඹ
නිමේශයකට
සිදුවන්නේ කුමක්දැයි
වටහා ගත නොහැකිවින
මාරාන්තික හමුදාව
වටලනු ලැබී නුඹව
කා වදිද්දී මූනිස්සම් කෙසඟ සිරුරට
වැළඳ ගත්තේ නුඹ
මහ පොළොව
එයයි එම කතාවේ අවසන
අන්ත අසරණ තවත් මිනිසෙකු
අතීතෙට එක් කළ
අහෝ මාරියෝ
මාරියෝ
අන්ත අසරණ මාරියෝ......
-
යසනාත් ධම්මික බණ්ඩාර -




No comments:
Post a Comment