Monday, November 28, 2016

රෝගියෙකුගේ ඉල්ලීමක්....




A Schizophrenic – Please Don’t Label me - A Request by a Patient හිසින් යුත් ඉංගිරිසි බසින් ලියන ලද කවක් මා නෙත ගැටුණේ වත් පොතෙහි මිතුරු වෛද්‍ය රුවන් එම් ජයතුංග ( Dr. Ruwan M Jayatunge ) ගේ පළ කිරීමකිනි.

 වෛද්‍ය රුවන් එම්. ජයතුංග 
මානසික සෞඛ්‍යය පිළිබඳව විශේෂ නැඹුරුවක් ඇති අයෙකි. මා දන්නා පරිදි දැනට ඔහු සේවය කරණුයේ විදෙස් රටකය. අදාල විෂයය හා සම්බන්ධ විශේෂඥ දැණුමින් සන්නද්ධව ය.

පශ්චාද් යුධ සමයේදී යුද්ධයේ ගොදුරු බවට පත්වී පීඩාවන්ට ලක්වූවන්ගේ මානසික තත්වය සේම යුද්ධයේ ගොදුරු බවට පත්වී පීඩකයින් වූවන්ගේ මානසික තත්යද ඔහුගේ විග්‍රහයන් තුළින් ගෙන ආ අවස්ථා එමට ය. මේ මැයෙන් වන සමීක්ෂණ පර්යේෂණ ආදිය හේතුවෙන් එම රටවල් වල වෙසෙස් සේවාවන්හි වෙසෙස් සාමාජිකත්වය හිමි වූවෙකි ඔහු. ඒවා පිළිබදව යම් දිනක මීට වැඩි ගැඹුරකින් කතා කළ යුතුය. අද කාරණය එය නොවේ.

රුවන් ජයතුංග වෛද්‍යවරයෙකුට අමතරව කවියෙකි. කෙටි කතා කරුවෙකි. නිර්මාණාත්මකව ලියන්නෙකි. බ්ලොග් කරුවෙකි. එලෙසම රසවතෙකි. නිදහස් අදහස් දක්වන්නෙකි. ඒවා ගැනද වෙනමම මීට වඩා සවිස්තරාත්මකව හැඳින්විය යුතුය. අද කරුණ අනෙකකි.

Schizophrenia යනු මානසික රෝගී තත්වයකි. Schizophrenic යනු එම රෝගියාය. සිංහල බසින් මෙය භින්නෝන්මාදය වශයෙන් අරුත් ගන්වයි. භින්නෝන්මාදය නම් වූ මානසික රෝගය පවත්නා උග්‍ර මානසික රෝග කාණ්ඩය යටතේ වර්ග කෙරේ
වෛද්‍ය රුවන් ජයතුංග සිය මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුමද, මනුෂ්‍යත්වය කුළු ගන්වන හැඟුම්ද මුසුකොට ඉංගිරිසි බසින් ලියූ කවකි මේ.

A Schizophrenic – Please Don’t Label me - A Request by a Patient
============================================

My world is limited
Filled with wired sounds
I see Rocky Marciano
Fighting with Woody Allen

Long time ago
Aliens abducted me
They fixed wires in to my brain
Then sucked out my brain substance

I cannot control my thoughts
Because thoughts control me
Some kind of energy is inside me
Giving continuous commands

I hate to go to the Bush House London
Where the BBC transmits my thoughts
People often express amusement
When they read my thoughts

A man with a black jacket
Is an agent from the KGB
He is spying and tries to track me down
May be he wants to take me to Moscow

I was in Lubianka
Questioned by Lorenthy Beria
I was released by the NKVD
Then planted in Pennsylvania

When JFK was murdered
I knew the secret plot
No one took it seriously
Not even my psychiatrist

They called me a Schizophrenic
Branded me for the rest of my life
They said I could be a danger
Kept a watchful eye on me

Whatever I wore
I felt an invisible label behind my back
Probably it said
That I am a Schizophrenic
By - Dr. Ruwan M Jayatunge

මෙවන් රෝගියෙකුගේ මනසෙහි ඇඳෙන සිතුවිලි සමුදායද ඒ අනුව සමාජය දක්වන ප්‍රතිචාරයන්ද එහි වෙයි.

මෙවන් අයෙකු තමන්ට යම් බලයක් ඇති සේ සිතීම, එය ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් වෙයි. එහෙත් හැසිරීමේදී එවන් බලයක් ඇත්තෙකු සේ නොහැසිරෙයි. මේනියාවෙන් පෙළෙන රෝගියෙකුට වඩා එහි දී එය වෙනස් ය.

උදාහරණයක් වශයෙන් ගතහොත්, තමන් විශ්ණු දෙවියන් යැයි කියා ගත් රෝගියෙකු මට හමු වී ඇත. එහෙත් කතාව එසේ වුව, හැසිරීමෙන් එවන් ගරු ගම්භිර බවක් නොපෙන්වයි. හැසිරීමේදී අන්ත අසරණයෙකු සේය.
මේ කව තුළද මෙවන් ලකුණු රැසක් ගැබ් කරන්නට රුවන් ජයතුංගයන් සමත් ව ඇත.

මතු දැක්වෙන්නේ එම කව සිය බසට පෙරලීමට මවිසින් ගත් වෑයමයි.

උන්මත්තකයෙකුයැයි මා, හංවඩු නොගසන්න
රෝගියෙකුගේ ඉල්ලීමක්....
= = = = = = = = = = = = = = = = = =

පටුය මා ලෝකය
බෝහෝ පටුය‍
පිරී ඇත එය
විවිධ යන්ත්‍රයන්ගෙන්
කවන ලද
හඬවලින්
පෙනේ මට
රොකි මාර්ෂියානෝ
කලහ කරණා හැටි
වූඩි ඇලන් හා

බොහෝමත්ම කලකට
පෙරාතුව
පිටසක්වලුන් පැමිණ
පැහැර ගනු ලැබිණ මා
සවි කර මා හිසට
යන්ත්‍ර
බට
වයර
ඉවත් කලෙහිය
ඔවුන්
මා මොළ කොටස්

පාලනය කළ නොහැකිය
මා සිතුම්
මා හට
අනෙකක් නිසා නොව
ඒ සිතුම්
මා පාලනය කරණා බැවිනි
යම් ශක්තියක් වෙයි
මා තුළ
දිගින් දිගටම
මා වෙත
අණ දෙන

පිළිකුල් සහගතය මට
ලන්ඩනයෙහි
බුෂ් නිවස වෙත යාම
එහි සිටය
බී. බී. සී. ය
විසුරුවා හරින්නේ මා සිතුවිලි
ලෝකයට
හාසයෙන් සිනාසෙයි මිනිසුන් බොහෝ විට
කියවා මා අදසහස්
මා වෙත

කළු ලෝගුවක් හැඳි මිනිසෙක්
කේ. ජී. බී. ඔත්තු සේවයේ
නියෝජිතයෙක්
ඔත්තු බලමින් සරයි මා පසු පස
සැරසෙයි මා ග්‍රහණයට ගන්නට
මම හිතන්නෙ
ඔහුට ඇවැසි
රැගෙන යන්නටය මා
මොස්කව් වෙත

මම ලුබියන්කා හි සිටියෙමි
ලොරෙන්දි බෙරියා ගේ
දැඩි ප්‍රශ්ණ කිරීමට ලක් විය
NKVD මගින් නිදහස ලැබී
පෙනිසිල්වේනියාවට විසි විය

මරා දමන විට කෙනෙඩිව
මම දැන සිටියෙමි ඒ රහස
මායිම් නොකළහ කිසිවෙක් එය
බරපතළෙට
අවමයෙන් මගේ
වෛද්‍යවරයා පවා

උන්මත්තකයෙකුයැයි කී
ඔවුන් මට
ගැසී හං වඩු
මගේ ඉදිරි මුළු දිවියට ම
තවදුරටත් කීහ ඔවුන්
හානි කර විය හැකි බව මා
එල්ල කරගෙන
විමසුම් සහගත
සැක මුසු
බිය මුසු
බැළුම්
මා දෙස

මා කුමන ඇඳුමක් ඇන්දද
අලවා ඇතැයි
කිසියම් ලේබලයක් පිටෙහි
සැම විටම හැඟින මට
බොහෝ විට ඉන් කියැවෙන්නේ
උන්මත්තකයෙකුය යන්නය......

අන් බසින් සිය බසට පෙරළීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.




-      යසනාත් ධම්මික බණ්ඩාර   -


Friday, November 18, 2016

අනේ!, අනේ මට දෙන්න අත්තටු.....




වෑයමින් කරණු ලබන පරිවර්තන කාර්යයේදී බොහෝ ජාත්‍යන්තර ඇගැයුමට ලක් වුණු නිර්මාණ සිය බසට නැගීම මුඛ්‍ය අරමුණ වුවත්, සිංහලයේ ඉපිද, සිංහලෙන් හිතන, සිංහලෙන් ලියන අතරේම, ඉංගිරිසියෙන් ලියන්නට හැකි ( කවි/ගී ) අතලොස්ස කරණ නිර්මාණ ඇස ගැටුණු විට සහ එය දැනුනු විට සිය බසට නොපෙරලිය යුත්තේ මන්දැයි මා සිතමි. එසේ සිතන්නේ මගෙන් ඒ පිළිබඳව කිසිවෙක් විමසූ නිසා නොවේ. නමුත් රට රාජ්‍යවල නම් දැරූ නිර්මාණම බොහෝ විට සිය බසට නැංවෙන වට පිටාවක කිසිවෙකුට එය අමුත්තක් සේ දැනෙන්නට ඉඩ ඇති බැවිනි. ඒ අනුවය මෙම නිර්මාණයත් සිය බසට නඟන්නේ.

එය ලියා ඇත්තේ සමන්මලී අබේසිරි කිවිඳියයි. මෙයද සිය බසට නැගූ විට මේ එක දිගට සිය බසට නගන්නට සහ මේ පිටුවට එක් කරන්නට යෙදෙන ඇගේ තුන් වන කවියයි. ඒ ඈ ලියූ කවි අතරින් පිට පිට මා නෙත ගැටුණු කවි තුනම සිය බසට නොනඟා සිටීමට මගේ සිතට ඉඩ නොදුන් බැවිනි. යම් හෙයකින් මගේ මේ උත්සායහන් එක් කොට කෘතියක් කරන්නට යෙදුන හොත්, ඇගේ කවි අඩංගු කොටසකුත් එහි අඩංගු වන්නට ඉඩ ඇතැයි සඳහන් කරන්නේ ඇගේ සමත්කම අගයනු පිණිසය.

වැඩි කතා බස් නොකොට අපි ඇගේ කවිය වෙත යමු.

Please ! Oh please give me wings !
===========================

It was only the first bud blooming
at a time the drizzle was still cold
the days were still short
feeling the warmth of young rays

Till the dew drops became warmer
the days became longer
when crowns were crowned with blooms
and adorned with colour;

Even When rains started hard
at the time of monsoons
with rolling thunder around
even when clouds imprisoned the sun;

Day by day - one eve after another
you and me together we were here
side by side looking into eyes
seeing me in yours and you in mine;

Where have you gone
leaving me here all by my self
drenched in sorrow so damp
Please ! Oh please give me wings
Samanmalee Abayasiri

Please ! Oh please give me wings ! දුටු සැනින් සිත් පැහැර ගනු ලබන්නේ පළමු පෙරළුම එක හුස්මට කිරීමට තරම් එය මවෙත පෙළඹවීමක් ඇති කරන්නට සමත් වුණි. 

බොහෝම සරලව කිව්වොතින් එහි අදහස මෙසේය.

අපි නරක කාලෙදිත් හමු වුණා. හොඳ කලක් ඒවිය යන පැතුමින්. 

හොඳ කාලෙත් ආවා. එතකොටත් අපි ඒ විදිහටම හමු වුණා. 

ඒත් නොහිතපු විදිහට ඔයා අද ඈතක ගිහින්. 

අර සියළු සොඳුරු මතක සමග අද මම තනිවම.

මකය සොඳුරු වුණු තරමට,
සොඳුරු මතකයක් හා තනිවන්නට වුණු තරමට,
දැඩිය දුකඳුර

එන්න ඇති නම් මටත් ඔබ සොයා පියඹා ගෙන. ඒත් මට කොහිද අත් තටු.

අනේ මට දෙන්න අත්තටු.

එම අදහස දරමින් ඇගේ කිවය සිය බසට පෙරලා කිහිප විටක් සැකසීමෙන් පසු එය මෙලෙස විය.

වෑයම මා සතුය. ගුණදොස් පැවසීම ඔබ සතු කාර්යයකි.

අනේ!,
අනේ!,
මට දෙන්න.......
අත්තටු.....
===========================

ඇස් හැර බලන්නේ තවමත්
මලක් ලෙස
වසන්තේ පළමු පොහොට්ටුව වුව
ගෙනෙන්නේ තාමත් සුළඟ
සීතල ම වුව
ගෙනෙන්නේ
පමාවී නැගෙන හිරු
කෙටිම කෙටි දවස් වුව,

දැනේ හීන් උණුහුමක්
තුරුණු කිරණක.......

උණුහුම් වනතුරු
පිණි බිඳු
දිගුවන තුරු දහවල
කිරුළු පළඳිනාතුරු
තුරුහිස්
හැඩව නන් වණින්....

අඳිමින් අහස් කුස දසත
විදුලි රේඛා
ඇරඹුණේ
මෝසමේ දැඩි වරුසාව වුව
වළාකුළු රොක්ව වටකොට
තම අඩස්සියට ගත්තේ වුව
හිරු

දිනෙන් දින
සැඳෑවෙන් සැඳෑව
ඔබත් මාත් එක්ව මෙහි
සිටිමින් සමීපව දෙපසින්,
එබී දෑසින් දෑසට
දකිමින්
මා ඔබ තුළ
ඔබ මා තුළ.......

ඉතින් ඒ ඔබ
කොහි ගියෙද
තබා
ඒ සොඳුරු සැමරුම්
මා සමග

ගිල්වා
තනිව
මා
කඳුළු සයුරක
රුදු වේදනාවක

අනේ !
අනේ !!
මට දෙන්න
අත් තටු
පියාඹා එන්නට.....

අන් බසින් සිය බසට පෙරලීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.





-      යසනාත් ධම්මික බණ්ඩාර    -