Friday, October 28, 2016

Winter Night - ශිශිරයෙහි රාත්‍රියක්





Doctor Zhivago රුසියානු සාහිත්‍යයෙහි එක් ඉතා උසස් කෘතියක් ලෙස සැළකේ. එහි අවසානයෙහි, කතානායකයා වන යූරි ශිවාගෝ විසින් රචිත ලෙස කියැවෙන අපූරු කවි ගොන්නකි.

Winter Night ඉන් එකකි.

ලෝක යුද්ධයක් යනු ශිශිරයක් නොවන්නේද - ඉන් මිදෙන්නට ලෝකයට හැකිවේද - සිත් තුළ ඇති බලාපොරොත්තු සුළඟින් නිවී යා හැකි ඉටි පහන් වැනිය.

මෙවැනි දේ මේ කවෙන් කියැවෙන්නේද?

Doctor Zhivago ලියන ලද්දේ  


බරීස් පස්තර්නැක්  
විසිනි - එනිසා මේ කව ලියා ඇත්තේද ඔහුමය.

Winter Night
==========

It snowed and snowed ,the whole world over,
Snow swept the world from end to end.
A candle burned on the table;
A candle burned.

As during summer midges swarm
To beat their wings against a flame
Out in the yard the snowflakes swarmed
To beat against the window pane

The blizzard sculptured on the glass
Designs of arrows and of whorls.
A candle burned on the table;
A candle burned.

Distorted shadows fell
Upon the lighted ceiling:
Shadows of crossed arms,of crossed legs-
Of crossed destiny.

Two tiny shoes fell to the floor
And thudded.
A candle on a nightstand shed wax tears
Upon a dress.

All things vanished within
The snowy murk-white,hoary.
A candle burned on the table;
A candle burned.

A corner draft fluttered the flame
And the white fever of temptation
Upswept its angel wings that cast
A cruciform shadow

It snowed hard throughout the month
Of February, and almost constantly
A candle burned on the table;
A candle burned.
මේ එම කවිය ගැයුණු අවස්ථාවකි.

මෙම හැඳින්වීම කර තිබුණේ සාහිත පරිවර්තන කාර්යයේද නියුතුව සිටින, කිවිඳියකද වන සමන්මලී අබේසිරි සොයුරිය විසිනි. ඒ තමන් විසින් කරණ ලද ඉහත පරිවර්තනය ඉදිරිපත්කිරීමේදීය.

ඇය විසින් තැබූ සටහන කියවූ සැනින් මා සිත නැඟුණු සිතිවිල්ල වූයේ, ඇගේ පරිවර්තනය කියවීමට විඳිමට පෙර මා මෙම කව සිංහලට නැඟීමට වෑයම් කළ යුතුය යන්නය. අනතුරුව ඇයගේ කවද සමග සැසඳිය යුතුය යන්නය. එය එකම විදෙස් කවක් වුව, දෙදෙනෙකු අතින්  දෙවිදිහකට ලියැවිය හැකිය යන්න පෙන්වීමටද රුකුලක් වෙයි.
කෙසේ වෙතත්, බරීස් පස්තර්නැක් විසින්, සාහිත්‍යය යනු කුමක්දැයි යන්නට ප්‍රකට කළ අදහසක් ඔහුගේ කව සිය බසට නැඟීමේ මගේ උත්සාහය දැක්වීමට පෙර දැක්වීමට කැමැත්තෙමි.

Literature is the art of discovering something extraordinary about ordinary people, and saying with ordinary words something extraordinary.
Boris Pasternak

සාහිත්‍යය යනු, සාමාන්‍ය මිනිසුන් තුළ වන වෙසෙස් දෙයක් සොයාගැනීමේත්, එම වෙසෙස් දෙය, සාමාන්‍ය බසින් කීමේත් කලාවයි.   

ඒ ඔහු විසින් දැරූ අදහසයි. එය සත්‍යයක් වන්නේ, සාහිත්‍යකරුවන්, සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වල ඇතුළාන්තයට එබී වෙසෙස් නිමිති සොයා ගෙන, ඒවා අලංකාරවත් බවකින් සාමාන්‍ය බසින් ඉදිරිපත් කර ඇති අයුරු දකිනා විටය. ඔහුගේ මෙම කවෙහි වුව එය දැක ගත හැකි වෙයි.

දැන්, එම කව සිය බසට නගන්නට මවිසින් ගන්නා ලද උත්සාහය මෙසේ ඉදිරිපත් කරමි.


ශිශිරයෙහි රාත්‍රියක්

හිම වරුසාවන් 
වැස්සවී
වැස්සවී
මුළු ලොවටම ඉහළින්
වැස්සවී

එහා කොන සිට මෙහා කොන තෙක්
වසා ඇත සුදු හිමෙන් ලෝකය
දැල්වෙන ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන ඉටි පහනක්ය

ගිම්හානකාලේ
රංචු රංචු හෝහපුටන්
පහන් දැල්ලේ ගැටෙන්නා සේ
ගැටි ගැටී උන් නැසෙන්නා සේ
සුදුම සුදු හිම පියලි
ගොඩ ගොඩ
ගැටී ජනෙල් වීදුරු මත
වැටෙයි ගෙමිදුළ පුරා සැම අත

හිම කුණාටුව හා විත්
වැදී හිම පියලි වීදුරු මත
හී තුඩු සහ සුළි අන්දම්
කපා ඇත කැටයම්
දැල්වෙන ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන ඉටි පහනක්ය

විපරිත සෙවනැලි වැටෙයි
ආලෝකමත් සිවිලිම මත
හරහාට හිටී දෛවයේ,
හරහාට බැඳුණු අත්වල හා
හරහාට තබා ගත් කකුල් වල
සෙවනැලි

කුඩා මිරිවැඩි දෙකක්
ඇද වැටී බිම
නැගුණි බොල් හඬක්
ඉටි රඳවනයක දැල්වෙන ඉටි පහනක්
වගුරවයි ඉටි කඳුළු
ඇඳි වතක් මත

සියළු දේ සැඟව යයි
අඳුරු සුදු
පුළුන් රුවුල් වන් හිම තුළ
දැල්වෙන ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන ඉටි පහනක්ය

ඈත කොණකින් හමා ආ
විප්ලවයේ නළ රළ
ලෙළවීය ඉටි පහනෙහි දැල්ල
එහෙත්,
වද හිංසා පීඩා ගෙන දෙන,
බලලෝභයේ ව්‍යාධිය
උඩු යටිකුරු කුරිසියක
සෙවනැල්ල සේ වැටිණ
ඒ මත

එ් පෙබරවාරිය
හිම වැස්සවීය දැඩි ලෙස
මුළු පෙබරවාරිය පුරාම
මුළු පෙබරවාරිය පුරාම
එක සීරුවට වාගේ
දැල්වෙන ඉටි පහනක්ය මේසය මත
දැල්වෙන ඉටි පහනක්ය

Boris Pasternak ගේ කවෙහි ඉංගිරිසි පර්වර්තනය ඇසුරින්
සිංහලට නැගීමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.

සමන්මලීගේ සටහනෙන් මා ඇස පළමුව ගැටුණේ Boris Pasternak ගේ කවෙහි ඉංගිරිසි පර්වර්තනයයි. දෙවනුව ගැටුණේද ඇගේ පරිවර්තන කව නොවේ. මේ ඉංගිරිසි පරිවර්තනය දුටු සැනින් මා සිතට නැගුණු අදහසයි. ඒ නම් මෙන්න මේ කොටසයි.

හිම වරුසාවන් 
වැස්සවී
වැස්සවී
මුළු ලොවටම ඉහළින්
වැස්සවී

අනතුරුව සුළු සුළු සංස්කරණයන් සමග සිය බසට නැගීමේ වෑයම මහත් වෙලාවක් නොගෙන සිදු කළ හැකි විය. එනම්, වෙනත් කවකට වඩා අඩු වෑයමකින් එය කළ හැකි විය. එහි සාර්ථක අසාර්ථක බව මැනීම ඔබ සතුය. එය ඔබට තබා මා දැන් සමන්මලී අබේසිරි කිවිඳිය විසින් කළ පරිවර්තනය මෙහි ඉදිරිපත් කරමි.

ශිශිරයේ රැයක්
==========

නොනැවතී හිම වැටුණ
රුදුරු ශිශිරයක් වීය ඇට මිදුළු පවා මිදෙන
ලොව පුරා හතර අත හිම වැටුණ
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ

උණුහුම් ගිම්හානයේ කෘමි කැළ
රොද බැඳ මියෙන්නාසේම පහන් සිලෙහි වැදී
රොද බැඳ බිඳේ හිම කැට තුහින
ගැටී කවුළු පියනෙහි

කවුලු පියනෙහි කැටයම් කරයි
හැඩ තල ඊතලද සුළි ලෙසද දිස්වෙන
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ

විපරීත සෙවනැලි ඇඳෙයි
මද එළියෙන් උඩු වියනෙහි
හකුළා ගත් දෑත් හකුළා ගත්
හා අවිනිශ්චිත ඉරණමක සෙවණැලි

කුඩා පාවහන් යුගලක් බිම පතිත වුණි
බොල් හඬක් නැගුණි
පහනක් හෙළූ ඉටි කඳුලක් ධාරකය තෙමා ගොස්
පතිත විය හැඳිවතෙක

සියල්ල සැඟව ගියේය සැණෙකින්
හිම ලෙසම සුදුමැලි අඳුරු අතීතයක
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ

විදී කොණෙකින් පිබිදුණු මාරුතයකින් ලෙලදුණි පහන් සිල
එද එකාධිපති වර්ණ භේදයෙන් උඩුයටිකුරුව
දේවදූතයන්ගේ පියාපත් හැඩගත් ඡායාව
දිස්වුණි නිරයේ කටු ඉඹුල සේම

පෙබරවාරිය අවසන් වනතෙක්ම තදින්ම හිම වැටුණි
එක දිනක් නෑරම සීතල හිම වැටුණි
එක් ඉටිපහනකි මේසය මත
එකම ඉටිපහනක් දැවේ
අනුවාදය - සමන්මලී අභයසිරි

මෙම පරිවර්තන දෙකම විමසූ කල එකම කවෙන් බිඳුනද, එකද අරුත නැඟුනද, ඒවා ලියැවුණු ආකාරය, ගලා යන ආකාරය, ලියැවුණු විරිත්, භාෂා වෙනස් කම් ආදිය දැක ගත හැකි වනු ඇත. ඉන් කුමන පරිවර්තනය අනෙකට වඩා ඉහළින් තැබිය හැකිද යන්න විමසිමක් නොවේ මේ. සිතුණු නිසා කළ අතර දෙකක් ඇති නිසා සැසඳීමට ඉදිරිපත් කළා පමණි.


-      යසනාත් ධම්මික බණ්ඩාර    -

Thursday, October 27, 2016

You made the clouds සහ තවත් කවක්.....





සමන්මලී අබේසිරි කිවිඳිය අප හඳුනන්නේ සිංහලෙන් සේම ඉංගිරිසියෙන්ද හොඳින් නිර්මාණකරණයෙහි යෙදෙන කිවිඳියක් සේ ය. 

ඇය කොළඹ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකි. 

නැත. නැත.... ඔබ සිතුවා වැරදිය. ඇය එහි සේවය කරන්නේ සාහිත්‍ය ගුරුවරිය ලෙස නොවේ.

එහි සේවය කරණු ලබන සාහිත ගුරුවරිය සාහිත්‍යකරණයේ යෙදෙන්නේ දැයි මම නොදිනිමි. බොහෝ සාහිත ගුරුවරුන් සාහිතයකරණයෙහි නොයෙදෙන බව දන්නා නිසාය එසේ කීවේ.

සමන්මලී එහි සේවය කරණු ලබන ජීව විද්‍යා ගුරුවරියක ලෙසිනි. 

ඇය පළමුව සිය රසිකත්වය ගොඩ නඟා ගන්නේ මවු ඇකයේ සිටමය. ඇගේ මව එකල ගුවන් විදුලියේ විශිෂ්ඨ නිවේදිකාවක සහ වැඩ සටහන් මෙහෙයවන්නියක වූවාය. එහි වඩාත්ම වාසිය වන්නට ඇත්තේ ඈ තුළ වන මහත් වූ කියැවීමේ රුචියයි.

ඇය නිර්මාණකරණයට එළඹෙන්නේ තවත් බොහෝ කලකට පසුය.

මා ඇගේ පළමු නිර්මාණය ලෙසින් දුටුවේ මට මතක හැටියට ඈ නොදුටු හෝටන් තැන්න ගැන  දුටු අයෙකු විලසින් ඈ ලියූ කවියයි. එහි සාධනීය ලකුණු රැසක් විය. අනතුරුව ඈ බොහෝ සේ ලියනු දැක ගතහැකි විය. 

ඇයට ඇති විශේෂම හැකියාව වන්නේ දෙබසින්ම ව්‍යක්ත ලෙස නිර්මාණ කිරීමේ හැකියාවයි. එ් බවට අප  දුටු ඇගේ සෑහෙන නිර්මාණ සංඛ්‍යාවක් සාක්ෂි දරයි. එය බෙහෙවින් දුලබ වූ හැකියාවකි.

මතු දැක් වෙන්නේ ඈ විසින් ඉංගිරිසි බසින් ලියනු ලැබූ කව් දෙකක් සහ ඒවා මවිසින් සිය බසට නගන්නට ගන්නා ලද වෑයමයි.

You made the clouds
 =================

This starless dark cloudy sky
 you see tonight
 is a sketch of my soul so blue
 made by your indifference

You can paint it otherwise
 even tonight
 just with some colour in a word of love
 a flick of light in a tender stroke

Don't you like the comfort
 of a balmy pleasant breeze
 why whirl in this tempest
 that wrecks our souls indeed

Samanmalee Abayasiri


කළු වළා ඇතිරුවේ ඔබමය

ඔබ දකින
තාරකාවන්ගෙන් තොර
වළාවෙන් බර
මේ
අඳුරු අහසේ
නුඹෙන්  ලද අතොරින් පිරි
කටුවට ඇඳි
තද නීල
සිත්තමක් බඳුය
මගේ ආත්මය

අන් වණකින්
සායම් කල හැකිය නුඹට එය
අද
මේ රැයේම වුව 
ආදරයේ
මුදු පහසක්
අඳුරට එළිය දෙන
දීප්තිමත් රේඛාවක්
වනු ඇත එය

අකමැතිද ඔබ විඳිනට
සුව පහස
මද මුදු නළක රැඳි
කිම මේ සුළි රැළි චණ්ඩ මාරුතයක්ව
සැබැවින්ම සුන් බුන් කරවන අප ජීවිත
සිය බසට නැඟුමේ වෑයම යසනාත් ධම්මික බණ්ඩාර

කුටුම්බගත දිවිය තුළ සතුට සොම්නස රඳවා ගැනිමට අපොහොසත් වීමේ ගැඹුරු වේදනවා පිළිබඳවය මේ කව. ඇය එය එය ඉතා සුමටව ලියා ඇත. එවන් දිවියක් කිසි සේත් සුමට නැත. එහෙත් ඒ දිවිය ගැන ඇගේ කවිය සුමටය. සුමට නොවන දිවියක් ගැන ලියැවෙන කවියද සුමට විය යුතු දැයි කෙනෙකු සිතනු ඇත. එහෙත් ඈ එහි ලියා ඇත්තේ එවන් දිවියක අතොරක් නැති ගැටුම් ගැන නොවේ. එවන් දිවියක් මැද සිත්හි ජනිත වන හැඟුම්ය. ඒ හැඟීම් ගැන ඇය ලියා ඇති දේ සුමටය. එහෙත් ඉන් ඈ එම කිව තුළ අර දිවියේ වේදනාවෙන් නිතොර එකක් බවට පත් නොකරයි.

මේ පරිවර්තනය සඳහා ගත කරන්නට සිදු වූයේ ඉතා කෙටි කලකි. එහි සංස්කරණ කාර්යයන් අලිප විය. එම පරිවර්තනය තුළින්ද මුල් කවේ සුමට බව පළ වේයැයි කිය වූ අය කියා සිටියහ. එසේ වන්නට ඇත්තේ මුල් කවෙහි ගති ලක්ෂණ නිසාවෙන් වන්නට ඇතැයි මම ඔවුනට කීවෙමි. ඇත්තටම හේතුව එය විය යුතුය.
මේ කවෙහි මා වඩාලාත්ම කැමැති කොටස වන්නේ,

අන් වණකින්
සායම් කල හැකිය නුඹට එය
අද
මේ රැයේම වුව 
ආදරයේ
මුදු පහසක්
අඳුරට එළිය දෙන
දීප්තිමත් රේඛාවක්
වනු ඇත එය
යන කොටසයි.

මෙහි තද නීල සිත්තමක් වුණු ඇගේ දිවිය අවශ්‍යතාවක් වෙයි නම් ඔහුට අන් වර්ණයකින් පින්තාරු කළ හැකිය යන්න කියැවෙයි. තද නිල ඇය යොදා ගෙන ඇත්තේ වේදනාවේ අඳුර ගැන කීමටය. ඔහු තවරණ අන් ඕනෑම වර්ණයක් ඒ තද නිල් වේදනාවට වඩා වැඩි සහනයක් යැයි ඈ සිතයි. මෙය ඉතා සංවේදි කතාවකි. මේ අන් ඕනැම වර්ණයක් යන කීමෙන් ඇය අඟවන්නේ, තිබෙනවාට වඩා දශමයක හෝ අවධානයක්, දයාවක් කරුණාවක් සෙනෙහසක් නොවන්නේද?

ඉහත කව මෙලෙස සිය බසට පෙරලා අවසන් වෙන්නටත් මත්තෙන් ඇගේ තවත් කවක් මා නෙත ගැටිණ. ඒ කවද පෙර කව සේම සංවේදී එකක් යැයි මට හැඟින. එයද පෙර කව සේම සියුම් රසභාවයන් ගෙන දෙන රචනාවක් ව ඇත. එබැවින්ම, එයද ඒ කවි ගුණ රැකෙන අයුරින් සිය බසට නගන්නට හැකි විනැයි මට හිතේ.



Blue Moon
=========

You are a blue moon
showed up untimely
Pale, lusterless and blue
not to lighten up
but to make the sky dreary.

A moon you are now
and shall be forever
just a revolving satellite
illuminated by
some others' light.

What a deception it was
my offerings in vain
I thought you are the sun
the illumination was too bright
and blinded my eyes.
Samanmalee Abayasiri

ඉහත කව සිය බසට නගන්නට ගත මගේ වෑයම ය මේ.

නිල් සඳ මඬල

එකම මාසෙක යළිත් පෑයූ
පුර හඳකි
නිල් චන්ද්‍ර මඬලකි
ඔබ
නොකල්හී දසුන වුණු

පාණ්ඩු පාටැති
ප්‍රභාවෙන් තොර
නිල් වන්
එකළු කරණට නොවේ ගණදුර
නිරස කරණට සේය නුබ ගැබ....

සඳකි ඔබ දැන්
දැනුත් සැමදාටමත්
ග්‍රහයෙක් සේ ය බමණය වන
අනුන්ගේ එළියකින් බැබලෙන

කුමන වූ මායාවක්ද එය නම්
මා සියළු කැපකෙරුම්
නොවටණා දෙයක් කළ
සිතූවද මා හිරු ලෙසින් නුඹ
ඉමහත් ප්‍රභාවෙන් දිදුළවුණු එදවස
මා දෑස් වැටී ගිනි කණ
ඈත පෙණුමුද
මෑත පෙණුමද
අහිමි කළ

සිය බසට නැඟුමේ වෑයම,
යසනාත් ධම්මික බණ්ඩාර.

එය නිල් සඳ මඬලකි. මාසයකට පුරු පොහෝ දින දෙකක් ඇති විට දෙවැනි පුර පොහෝ දිනයට නිල් සඳ මඬල යනුවෙන් හැඳින්වීමක් වෙයි. ඈ මෙහි Blue Moon ලෙසින් යොදා ගන්නේ එයයි.

ඒ සඳ ඈ පෙර දුටු සඳ මෙන් එළිය නැත. පාණ්ඩු පැහැතිය. රැයේ අඳුර දුරැලීමට අසමත් වෙයි.

එහෙත් එදා ඈ දුටු සඳ ඉරක් මෙන් ප්‍රභාමත්විය. එනිසාම ඈ ඉන් ගිනිකණ වැටිණ. ගිනි කණ වැටුණු ඇස් දුර පෙනුමද ළඟ පෙනුමද අහිමි කළේය.

මෙය නම් මහත් උත්ප්‍රාසවත් කියමනකි. හොඳ නොහොඳ දැකිමට ඈ තුළ වූ හැකියාව අර ප්‍රභාමත් බව විසින් උදුරාගෙන ඇති වගය ඈ කියන්නේ. මේ ප්‍රභාමත් බව කොහෙන්දැයි දැන් ඇය විමසයි. ඇත්තටම එය කොහින්ද? මේ බලන්න එය කියා ඇති අයුරු.

සඳකි ඔබ දැන්
දැනුත් සැමදාටමත්
ග්‍රහයෙක් සේ  බමණය වන
අනුන්ගේ එළියකින් බැබලෙන

ඉරක් නම් සිය එළිය විහිදයි. සඳක් නම් අන් ඉරක එළිය විහිදයි. ඒ එළිය තමන්ගේ සේ පෙන්වුවද, සත්‍ය වශයෙන්ම ඒ විහිදන්නේ අනෙකෙකුගේ එළියකි. එහෙත් කිසිදු සඳක්, තමන් මේ විහිදුවන්නේ අනෙකෙකු දුන් එළියකැයි නොපවසයි.




-      යසනාත් ධම්මික බණ්ඩාර    -